Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

Shanmugas

53/3 Ramakrishna Road, Colombo 6

Shanmugas is one of the older and more reputed vegetarian Indian restaurants. They're definitely pricier than most places but the food is very good and the service is excellent.

ෂන්මුගාස් දකුණු ඉන්දියානු බොජුන් සඳහා කොළඹ හොඳම තැනයි. ඔවුන් උතුරු ඉන්දියානු කෑමත් පිරිනමනමුත් ඔවුන්ගේ ශක්තිය එය නොවේ. අහර මිළ අඩු නැත. එහෙත් කෑම අව්‍යාජය. රසවත්ය. දකුණු ඉන්දියානු කෑම දකුණු ඉන්දියාවේ තරම් ඊට පොඩ්ඩක් දකුණින් ඇති ලංකාවේ ජනප්‍රිය නැහැ.  ඒ ඉන්දි කියන හැටියට නම් ලාංකිකයෝ මස් කන්න කැමති නිසා. මාංශ රහිත කෑම වේලක් කන්න කැමතිනම් මෙතන හොඳ තැනක්.

කෑම

කෑම ඉතාම හොඳයි. දකුණු ඉන්දියානු මෙනුව උතුරු ඉන්දියානු මෙනුවට වඩා හොඳවුණත් අපි ඇණවුම් කළා දකුණු ඉන්දියානු තාලි (රු. 490), ගාලික් නාන් (රු. 230), ඌතප්පම් (රු. 230), පලක් පනීර් (රු. 530), කළු පරිප්පු (රු. 480), ලැසි (රු. 250) සහ පෙරූ කෝපි (රු. 100). නාන් හොඳ නැහැ. එහි තෙල් හා පිටි ගතිය වැඩියි. පලක් පනීර් ගැනත් ලියන්න දෙයක් නැහැ. එය දිය ගතියෙන් යුතුයි. රස නැහැ. ඒත්, කළු පරිප්පු, ඌතප්පම් සහ ලැසි නම් විශිෂ්ටයි. විශේෂයෙන්ම කළු පරිප්පු. එය පදමට කුළු බඩු මුසු කළ රස අහරක්. සම්ප්‍රදායික ඉන්දියානු ආහාරයක් වන තාලි විශාල රවුම් තැටියක තබා දෙන කුඩා බඳුන්වල පිරවූ කරි වර්ග කීපයකින් හා බත්, පුරි ආදියෙන් සමන්විතයි. එහි පපඩම්, රසම්, සාම්බාර්, මුදවපුකිරි, අල, පරිප්පු සහ අතුරුපසට පායාසම් තිබුණා. හොඳින් බඩ පිරෙන කෑමක්. ඇති තරම් බත් කන්න පුළුවන්. ඒත්, එක පත බෙදාගෙන කන්න අවසර නැහැ. තාලි රසවත් කෑමවේලක්. කලින් කාලා නැතිනම් කාලා බලන්න. ඉන්දි කියන ආකාරයට දකුණු ඉන්දීය ආහාර සුන්දර පෙනුමකින් පිරිනමන්න අමාරුයි. එය‍ට හේතුව, නම් නොදන්නා දිය ගතියෙන් යුත් එක වගේ කරි හා සාම්බාර් ආදිය නිසා වෙන්න ඇති. ඒත්, ෂන්මුගාස් ඉදිරිපත් කිරීම අතින් විශිෂ්ටයි. මේ කෑම තමිල්නාඩුවේ කෑමට බොහෝදුරට සමානයි.

සවස හයෙන් පසු චාට්ස් තිබෙනවා. (බෙල් පුරි, පැනි පුරි, දොක්ලා, පාව් බාජි ආදිය) අපි කැමතියි ආයෙවතාවක් ගිහින් කාලා බලන්න. කවුරුහරි කාලා බලලා තියෙනවානම් අදහස් දක්වන්න.

බීම

දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ පාන වර්ග දෙකක් තමයි ලැසී සහ පෙරූ කෝපි. ෂන්මුගාස්හි ලැසී හොඳයි. ඒවා අයිස් කුට්ටි දෙකක් සමග දෙන්නේ ඇයි කියන එක නම් පැහැදිලි නැහැ. කෝපි නම් හොඳ නැහැ. ඉන්දියන් කෝපි පිරිනමනු ලබන්නේ තඹලේරුවක හා දබාරා බඳුනක. ඔබට එය බඳුනෙන් බඳුනට වත් කර නිවාගන්නත්, සීනි දමාගන්නත් පුළුවන්. ෂන්මුගාස් අපට කෝපි පිරනැමුවේ වානේ මග්එකක. හොඳයි, ඒත් තඹලේරු දබාරා අත්දැකීම තරම් ප්‍රසන්න නැහැ. ඔවුන් සීනි දමා නොදෙන නිසා ඔබ දමාගත යුතුයි. මෙය හොඳදෙයක් වන්න පුළුවන්. ඒත්, මම නම් කැමති ඔවුන්ම සීනි දමා දෙනවාටයි. පෙරූ කෝපි කියන්නේ කිරි හා සීනි යහමින් යෙදූ සැර ‍කෝපි කෝප්පයක්. එය අප විසින් වෙනස් කර ගතයුතු එකක් නොවෙයි.

ස්ථානය

වසර කීපයකට පෙර අප මෙහි යද්දීට වඩා ෂන්මුගාස් තරමක් ඉහළ පෙළේ ස්ථානයක් වෙලා. ඒත්, පිටත පෙනුම තරම් ඇතුළත හොඳ නැහැ. බොරළු ඇතිරූ, පැළ ඉන්දූ අංගනයක් පිටත තිබෙනවා. ඒත්, ඇතුළතනම්, අවලස්සන තිර රෙදි යෙදූ, අඳුරු පහන් ඇති සාමාන්‍ය චෙන්නයි පන්නයේ අවන්හලක්. එහි විශේෂ හොඳ වාතාවරණයක් නැහැ. ඉන්දියාවේ සරවනබවන් වගේ. ඒත්, එතරම් කලබලකාරී නැහැ. ඒ ව‍ගේ කැත හෝ අපිරිසුදු හෝ නැහැ.  ඒ ව‍ගේම ලස්සනත් නැහැ. ඒ නිසා විශේෂ දිනයක් සඳහා එහි යන්න එපා. සුන්දර භෝජන අත්දැකීමක් නොවුණත්, කෑම නම් රසවත්.

මිළ

තුන්දෙනෙකුගේ මුළු බිල රු. 2310යි. එක් අයෙකුට දළ වශයෙන් රු. 740ක් වුණා. අපි ඇති තරම් කාලා ඉතුරුත් කළ නිසා නරක නැහැ. මථුරා, සරසවි ලොජ් වැනි තැන් එක්ක බැලූවිට ෂන්මුගාස් මිළ අධික තැනක්. ඒත් කෑම රසවත් නිසා හොඳයි.

නිගමනය

ෂන්මුගාස් එතරම් රැල්ලට ගැලපෙන තැනක්නම් නොවෙයි. ඒත්, හොඳයි. කාර්යමණ්ඩලය ප්‍රසන්නයි. ඇණවුම් වේගවත්. විනාඩි දහයෙන් අපේ කෑම මේසයට ආවා. ටිකක් වෙනස් අත්දැකීමක් ලබන්න එහි යන්න. නියම දකුණු ඉන්දියානු කෑම.

TIP

They actually do a pretty decent nescafe. Also definitely reserve a table if you plan to go after 8.00 PM.
All Reviews

Shanmugas is one of the older and more reputed vegetarian Indian restaurants. They're definitely pricier than most places but the food is very good and the service is excellent.

Shanmugas is probably the best place for South Indian food in Colombo (they serve North Indian as well, but this isn't their strength). It isn't too cheap, but the food is authentic and quite tasty - if you like South Indian cuisine, that is. While South Indian food is hugely popular in, well, South India, it doesn't seem to have quite caught on down here on the island.

සිංහල ෂන්මුගාස් දකුණු ඉන්දියානු බොජුන් සඳහා කොළඹ හොඳම තැනයි. ඔවුන් උතුරු ඉන්දියානු කෑමත් පිරිනමනමුත් ඔවුන්ගේ ශක්තිය එය නොවේ. අහර මිළ අඩු නැත. එහෙත් කෑම අව්‍යාජය. රසවත්ය. දකුණු ඉන්දියානු කෑම දකුණු ඉන්දියාවේ තරම් ඊට පොඩ්ඩක් දකුණින් ඇති ලංකාවේ ජනප්‍රිය නැහැ. ඒ ඉන්දි කියන හැටියට නම් ලාංකිකයෝ මස් කන්න කැමති නිසා. මාංශ රහිත කෑම වේලක් කන්න කැමතිනම් මෙතන හොඳ තැනක්.

Address

53/3 Ramakrishna Road, Colombo 6

Directions

Shanmugas is down Ramakrishna Road, off Galle rd, in Wellawatte. It's at the end of a small lane right before Marine Drive.

Contacts

Website E-Mail

Report Inaccuracy

Open 10 AM to 10 PM (weekdays), 7AM to 10.30PM (weekends)

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Naan Lassi

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
S
1

2/5

0

Sumaiya Yoosuf

Please remove the delivery tag. I live in Dehiwela and they refused to deliver it.

G
9

3/5

0

GayanP

it's quite out of the way, but an OK place for south Indian vegetarian food. Far from, Colombo, far from Galle Road and down another by lane. However there are enough parking spaces near the restaurant.

This is an OK place for south Indian vegetarian food. No meat or alcohol and they don't allow you to bring in your own bottles either. The food is the usual wayside south Indian fare but at a much higher price and without the worry about hygiene.

The lunch time specials are the Thalis. There is one called "unlimited Thali' but they have no interest at all in seeing what needs replenishing on the plate. You have to draw the attention of a Waiter and ask for replenishments. But in cheaper places there is no big deal about "unlimited" but they routinely go round with curries and rice ever ready to top up.

The food is OK . Comes semi warm but its nothing to rave about. The coffee however is fantastic although extra small in size.

Air conditioned, sparse, dingy and no decor. But clean and brightly lit toilets

S
1

2/5

0

Sjt Abeyrathne

Even though they say they deliver… they deliver only up to Galle road and That is walking distance to this place. better take that delivery tag away.

See 24 Comments