Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

4/5

Shawarmaz @ GP

30 W A. Silva Mawatha, Colombo


Shawarmaz @ GP is an Arabian Restaurant in Wellawatte which does some pretty good Shawarmas.



ෂවර්මා කියන්නෙ අරාබිකරයේ ඉපදිලා ලෝකෙ වටේම ජනප්‍රියම ස්ට්‍රීට් ෆුඩ් එකක් වුණ රජ කෑමක්. ලංකාවෙත් ෂවර්මා කඩ තිබුණට නිවැරදිම විදිහට ෂවර්මා හදන තැන් අඩුයි. නිකන්ම ඉතිං මොනාහරි ටිකක් රොටියකින් එතුවට ෂවර්මා වෙන්නෙ නෑනෙ. Shawarmaz @ GP කියල ෂවර්මා කඩයක් ගැන ආරංචි වෙලා අපි ඒ පැත්තෙ ගියා ඔරිජිනල් ෂවර්මා කන්න පුළුවන් ද කියල බලන්න.

තැන

මේක තියෙන්නේ හරි හරියට කෑම කඩ පිරිච්ච වැල්ලවත්තෙ. පාරට පේන්න කඩේ නම ගහල තිබුණට අපිට මුලින්ම තැන හොයාගන්න බැරි වුණා. පස්සෙ බැලින්නම් මේක තියෙන්නෙ ග්‍රීන් පැලස් කියන හොටෙල් එක ඇතුළෙ. ඒකෙ ලොබි එකට ගිහින් වටපිට බැලුවම පේනවා Shawarmaz @ GP එක.

සාමාන්‍ය ප්‍රමාණයේ ඉඩකඩක් තියන පිරිසිදු පාට තැනක්. හැබැයි එයාලගෙ වෝල් ආට් එක නං රෙස්ටුරන්ට් එකකට ගැළපෙන්නෙ නෑ කියල හිතුණා.

කෑම

ෂවර්මාස් කිව්වට මෙයාල ළඟ තව අරාබි ස්ටයිල් කෑම ජාති මහ ගොඩක් තියනවා. හැබැයි අපි හොයාගෙන ගියේ ෂවර්මා නෙ. ඉතිං අපි ගත්තා ස්පෙෂල් චිකන් චීසි ෂවර්මා එකයි (රු. 550) ඇරබික් ස්ටයිල් චිකන් ෂවර්මා එකයි (රු. 550).

තරමක් පොඩියට කපපු චිකන් කෑලි, තීරුවලට කපපු කැරට්, ගෝවා, ලූණු, සලාද කොළ සහ හීනි චීස් පෙති පුරවපු පිටා රොටියක් තමයි ස්පෙෂල් චිකන් චීසි ෂවර්මා එක. පැත්තකින් සෝස් එක්ක මයෝනීස් ටිකකුයි පිකල් හදන්න ගන්න අමුමිරිස් කරලකුයි. මේක නං කාලෙකින් කාපු හොඳම ෂවර්මා එකක් කියන්න පුළුවනි.

ඇරබික් ස්ටයිල් චිකන් ෂවර්මා එක එළවළු ජාති මුකුත් නැතුව සම්පූර්ණයෙන්ම මස් පුරවල හදපු ෂවර්මා එකක්. මේකත් උඩ එකට දෙවැනි නෑ. චිකන් ටික එහෙම හොඳට සීසනිං කරලා. සෝසුයි මයෝනීසුයි ගෑවුණාම බඩ පැලෙන්න කන්න පුළුවන්.

බීම

ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකයි (රු. 320) කෝක් එකයි (රු. 120) තමයි අපේ බීම තේරීම වුණේ. මිල්ක්ෂේක් එක අපි හිතුවෙ නැති තරම් රහයි. ඇති වෙන්න කිරි රසයි ස්ට්‍රෝබෙරි රසයි කලවම් වෙලා. සීනි ගොඩක් දාල පැණි රහ වැඩි කරලත් නෑ. කෝක් එක ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ!

සර්විස් එක

මේගොල්ලො අපිට මෙනු එකේ සමහර දේවල් පැහැදිලි කරල දෙන්න ඉදිරිපත් වුණේ හරිම සුහදව. ඒ වගේම වැඩි වෙලාවක් නොයවා කෑම බීමත් ගෙනත් දුන්නා. ඉතිං කෑම තරමටම සර්විස් එකත් හොඳයි.

අවසාන වශයෙන්

කෑම බීම, සර්විස් එක සලකල බැලුවම Shawarmaz @ GP හොඳ ෂවර්මා කෑමකට යන්න හොඳම තැනක් විදිහට නම් කරන්න පුළුවන්. රෙස්ටුරන්ට් එකේ පෙනුම ගැන තව ටිකක් හිතුව නං කට්ටිය මෙතෙන්ට වැල නොකැඩී ඇදිල එන බව සහතිකයි.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment