Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

3/5

Sherry Land Pub & Restaurant

No. 74, Beach Rd, Eththukala, Negombo


Sherry Land is a restaurant and pub in Negombo that's comprised of a bar, restaurant and a banquet hall.



පරණ කතාවක් ඉතින්. ඉතුරු වෙච්ච පොඩි කොටසක් තිබ්බ, කියන්න කියල බැලුවෙ.

මතකද ඔයාලට, අපි අර වීඩියෝ වැඩ වගයකට මීගමු ගියා. අන්න එදා උදේ, අර අනෝරා වැස්සෙ කර කියාගන්න දෙයක් නැතුව පබ් එකකට ගොඩ වුනේ.

ඒ..ක තමයි මේක!

මැනේජර් අයියගෙයි, සේවක මිත්‍රයගෙයි සුහද කතාබහ හමුවේ අපි එදා ඉස්ඉස්සෙල්ලාම කියල ඕඩර් කලේ බියරුයි, හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 700), පෝර්ක් ඩෙවිල්නෙ (රු. 600). ඊට පස්සෙ, විශ්විලත් ආවට පස්සෙ තමයි මික්ස් සින්ගපෝ රයිස් එකයි (රු. 800), ඇමරිකානෝ පීසා එකයි (රු. 950), ග්‍රිල්ඩ් ක්‍රැබ් එකයි (රු. 2100) ඕඩර් කලේ.

හප්පේ..

ඒ ඕඩර් කලා, කලාමයි ඉතින්. ඒ ටික මේසෙට එනකොට.. අපේ කන් ටික, සාක්කු ටිකේ! මටත් යාන්තම් වගේ තමයි සිහිය තිබ්බෙ. ඒත් ඉතින් රසවල් ටික නම් හොඳ හැටි මතකයි. මොකද බීර උගුරට, කට ගානෙ කන්න තරමට බයිට් තිබ්බනෙ.

ඒත් අර.. අවුල තියෙන්නෙ, රසවල් ටිකේ පදම තමයි. අනේ මන්දා මොන අවුලක් නිසාද කියන්න තේරෙන්නෙ නෑ, මට නම් එක බයිට් එකක්වත් හිතපු තරම් හොඳ නෑ.

ඔන්න, කට්ල්ෆිෂ් එකේ විතරයි තරමක හරි ෆ්‍රෙෂ් ගතියක් තිබ්බෙ. ඒකත් මීගමු මාලු නිසා වෙන්න.. හැරත් ඒකෙ නම් බැටර් එකේ ඉඳන්ම, ෆ්‍රයි වෙච්ච පදම වෙනකම්ම හොඳ රහට තිබ්බ. අනික සෝස් ටිකක් එහෙමත් ගා ගත්තාම රස ඩබල්නෙ.

ඒකට පෝර්ක් එක. හයියෝ.. තනිකරම සෝස්! මස් කෑලි, තෙල් කෑලි බාගෙට බාගෙ වගේ තියෙන්න දාලා, ගැඹුරු තෙලේ බැදල, ලූණු, මාළුමිරිස්, අමු මිරිස්, තක්කාලි මදි නොකියන්න ගලපල තිබ්බට මොකද, ඒකට දාපු සෝස් ප්‍රමාණය නම් අනන්තයි, අප්‍රමාණයි. වැඩිය ඕන නෑ, සමහර පෝර්ක් කෑලි හැපුවට පෝර්ක් රස එන්නෙත් නැති තරම්.

එහෙම තියෙද්දි ඉතින්.. අනිත් ඒවා ගැනත් කියන්න ඕනද?

කියන්න ඕනද, ඈ..?

ආ.. එහෙනම් අහගන්නකො.

ග්‍රිල්ඩ් ක්‍රැබ් කියල ගෙනාවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක සැලඩ් එකක් හරි ලස්සනට දාපු එකක්. ඒකෙ කකුලුව, ග්‍රිල් එකක තියා අඟුරු කෑල්ලක් පැත්තෙවත් ගිහිල්ල නෑ. නිකම් මොනවහරි කරල නම් තියෙනවා, ලුණු ඇඹුල් පදමත් නැතුවම. ඊටත් ඒ කකුළුවගෙ සයිස් එක? බොලේ නුවර එළියෙත් දනෙව ඊට වැඩිය සයිස් කකුළුවො.

ඒකටත් එහා අර සින්ගපෝර් රයිස් එක. අනේ මන්දා ඒක සින්ගපෝර්ද, ඉතියෝපියන්ද කියල. කොහොමහරි මෙලා් රහක් නෑ. ඒත් වැඩේ කියන්නෙ, බැලූ බැලූ අත මොනවහරි දාලත් තියෙනව. උඩින්ම ඔම්ලට් තීරු තීරු කපල. ඊට පස්සෙ තම්බපු ඉස්සො, දැල්ලො, මාලු කෑලි තොගේට එකතු කරල, හීනියට ලියපු කැරට් ලීක්ස් එක්ක රයිස් අඩුම කුඩුමත් එකතු කරල, බතත් කහ පාටට.. මගෙ හිතේ ඒකෙ නැත්තෙ සින්ගපෝර් රස ගන්න දාන සෝස් අඩුම කුඩුම ටික විතරයිද කොහෙද.

යාළු, ඇමරිකානෝ පීසා එකනෙ. ෂැහ්, තුක් කියන්න.. අම්බානක අන්නාසි. හැබැයි හැම් නම් වැටිල තිබ්බෙ හරියට නිකම් වැරදිලා වගේ. අනික රොටියත් තරමක් ඝනකමයි. ඒකත් කමක් නෑ මොසරැල්ල චීස් ටිකක්වත් හොඳ හැටි දාලා තිබ්බ නම්. ඒකත් නෑනෙ.

අනේ මංදා ඉතින්. ඇත්තටම වෙලාවට බීලා කෑවෙ. කාලා බොන්න හිටිය නම්..


TIP

Try mixing your own cocktail. The bartender does a pretty good job.

Address

No. 74, Beach Rd, Eththukala, Negombo

Directions

Sherry Land is about half way down Porutota Rd, past the Jetwing Ayurveda Pavilion but before Jetwing Blue.

Contacts

Website Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Asian Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Meats Seafood Alcoholic Beer

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment