Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Shiraz Sri Lanka

313, Galle Road, Colombo 03


Shiraz Sri Lanka serves up good Middle-eastern food.



හැම දාම කන බොන ජාති වෙනුවට ටිකක් වෙනස් විදිහේ පර්සියන්, ඉරානියන් කෑම තියන තැනක් හොයාගෙන අපි ගියා කොල්ලුපිටියට. මෙතන නම ශිරාස් ශ්‍රී ලංකා.

තැන

කොල්ලුපිටියේ මෑන්හැටන් ෆිෂ් මාකට් රෙස්ටොරන්ට් එක අයිනේ තමයි පුංචියට ශිරාස් ශ්‍රී ලංකා එක තියෙන්නෙ. වෙනදට ඩයින් ඉන් පහසුකමත් තිබුණට, වසංගත තත්ත්වෙ නිසා මේ දවස්වල ටේක්අවේ සහ ඩිලිවරි පහසුකම් විතරයි ඒගොල්ලො ලබා දෙන්නෙ.

කෑම 

මැද පෙරදිග කෑම වර්ග අතරින් මෙතන මෙනු එකේ තියනවා හමුස්, කෙබාබ්, ෂවර්මා එහෙම. ඒ ඇරෙන්න සබ්මැරීන්, බර්ගර් ජාතිත් තියනවා. තව මිඩ්ල් ඊස්ටන් ඩෙසට් ජාති කීපයක් එහෙමත් රහ බලන්න පුළුවන්. අපි ඕඩර් කළා චිකන් ෂවර්මා එකක් (රු. 600), බීෆ් බර්ගර් එකක් (රු. 700), බීෆ් කෙබාබ් එකක් (රු. 700) එක්ක හමුස් (රු. 250).

චිකන් ෂවර්මා එකේ පිටා රැප් එක සොෆ්ට්. ලෝබ නැතුව ලොකු චිකන් ෆිලිං එකක් පුරවල තිබුණා. චිකන් ටික මැරිනෙට් කරලා ඇරබික් ස්පයිසස්වල දවටලා අරං සැරට තිබුණා. මෙයොනීස් එහෙමත් දාලා. සලාද කොළ, තක්කාලි, ලූනු වගේ ජාතිත් මික්ස් වෙලා හින්ද හොඳ රසයි. ඒ වගේ ම ඉතා ඉක්මනින් බඩ පිරෙනසුලුයි.

බීෆ් බර්ගර් එකත් තක්කාලි, ලූනු, සලාද කොළ එක්ක හොඳ ෆ්‍රෙෂ් පිට ආවෙ. බන් එකත් කටට සුමුදුවට රසට තිබුණා. බීෆ් පැටි එක රහයි ලොකුයි වගේ ම ජුයිසි ගතියයි. හැබැයි බර්ගර් එක කනකොට නං සෑහෙන මෙස් එකක් බවට පත් වුණා!

මේ තියෙන්නෙ බීෆ් කෙබාබ්. ඇරබික් ස්පයිසස් සහ මින්ස්ඩ් බීෆ් පාවිච්චි කරලා සකස් කරලා තිබුණ මේකත් ට්‍රයි කරලා බලන්න වටින කෙබාබ් එකක් කියල කියන්න පුළුවන් තරමට හොඳ මට්ටමේ තිබුණා.

හමුස් එකේ හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් තිබ්බා. කඩල රසයි, ඒ එක්ක මික්ස් වුණ ඔලිව් තෙල්, තහිනි සෝස් රසයි හමුස් එකෙන් හොඳට දැනුණා. මේකේ පිටා බ්‍රෙඩ් පොඟවගත්තම රස නියමයි.මෙයාලගෙන් අමතර ව පිටා බ්‍රෙඩ් ගන්නව නං එකක් රු. 100යි.

අතුරුපස

අතුරුපස විදිහට අපි ඕඩර් කළේ Mahalabia එකක් (රු. 250). කිරි, හාල්පිටි, සීනි, රෝස වතුර, කජු, ප්ලම්ස් එහෙම දාල හදන අරාබිකරේ සුප්‍රසිද්ධ ඩෙසට් එකක් තමයි මේ. මේක කිරි රසයි ක්‍රීමි ගතියයි පිරුණ ස්ට්‍රෝබෙරි රස පුඩින් එකක්. උඩින් කජු එහෙමත් ඉහලා ලස්සන කරලා. උඩ තිබුණ ජෙලටින් ලේයර් එකෙන් හොඳ පැණි රසකුත් ආවා.  

සර්විස් එක 

ඇණවුම් කරලා විනාඩි දහය පහළොවක් ඇතුළත කෑම ලැබුණා. ඒගොල්ලො සාමාන්‍ය සුහදකමකින් අපිත් එක්ක ගනුදෙනු කළා. ඒ ඇරෙන්න සේවාව ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ.

අවසාන වශයෙන් 

මිඩ්ල් ඊස්ටන් ආහාරපාන වලට කැමති කෙනෙක් නං අනිවාර්යයෙන් ට්‍රයි කරල බලන්න. කෝකටත් කියල එයාලගෙ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පිටු පැත්තෙත් ගිහින් මෙනු එක එහෙම බලන්නකො. මේ දවස්වල පාරට බහින එක අවදානම් නිසා ඩිලිවරියක් දාගන්නව නං වඩා හොඳයි කියලත් මතක් කරනවා ඔන්න!


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment