Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Shiraz

46 Stratford Avenue, Colombo 6


Shiraz is a great new restaurant on Stratford Avenue serving Iranian cuisine upon the old upper floors of Gandhara. At the moment they're only open for dinner, which is served buffet style and costs around Rs. 1500 per head for copious portions of meat, rice and mezze



ශිරාස් කියන්නේ ස්ට්‍රැෆර්ඩ් මාවතේ තියෙන කදිම අළුත් අවන්හලක්. මෙහි ඉරාන කෑම පිළිගන්වනවා. මේක තියෙන්නේ ගන්ධාර එකේ පරණ උඩ තට්ටුවේ. දැනට මේ අවන්හල රෑ කෑම සඳහා පමණක් විවෘතයි. එක්කෙනෙකුට රුපියල් 1500ක් වගේ මිලකට මෙයාලා බුෆේ වර්ගයේ විශාල පංගුවක කෑමවෙළක් දෙනවා මස්, බත් සහ mezze කියන මැදපෙරදිග ආහාර රුචිය වඩවන කෑම වර්ගයත් එක්ක.

ස්ට්‍රැෆර්ඩ් මාවත සිත්ගන්නා වීදියක්. ඒක වැඩියෙන්ම පිරිලා තිබුණේ වේගයෙන් පැතිරෙන,  ලස්සන ගෘහභාණ්ඩ ලස්සන නොවන මිලවලට අලෙවි කරන ගන්ධාර පැරණි භාණ්ඩ අලෙවිසලෙන්. ගන්ධාර තවමත් එතැන තියෙනවා. ඒත් එයාලා කොටස් කීපයක් එක තුළ එක අහුරලා එයාලගේ ඉඩ වඩා පුංචි අලෙවිසල් වලටයි රෙස්ටෝරන්ට් කිහිපයකටයි නිදහස් කරලා දීලා. (කැෆේ චේ, බැරිස්ටා, සහ දැන් ශිරාස්) ඒක ලස්සන වීදියක්. හිල් හදපු මිරිස් ගල්, උස ලී කණු, මනෝහර කිරිකිරි ශබ්ද නගන පිය ගැට පෙළවල්, එසේද වුවත් නුහුරට පිහිටි හැව්ලොක් ටවුන් සහ පාමංකඩ මුල්ලක තියෙනවා.

ශිරාස් ස්ට්‍රැෆර්ඩ් මාවතේ අලුත්ම පදිංචි කරුවන්ගෙන් කෙනෙක්. යාන්තමට එළිය වුණු, මේ දර්ශනීය පුංචි ක්ෂේමභූමිය පිහිටා ඇත්තේ කලබලකාරී හැව්ලොක් පාරට ළඟින් සහ වාටිමූට්ටු රහිත ගන්ධාර ලාංඡනය උඩ. ලී පොළොවට අතුරා ඇත්තේ ඝන පර්සියානු කාපට්. ඉපැරණි ටයිල් චිත්‍රවලින් බිත්ති අලංකාර කරලා තියෙනවා. ශිරාස් අයිතිකරු විසින්ම ගත් කළුසුදු ඡායාරූපවලින් බිත්ති අලංකාර කරලා. මේ අවන්හල නියම පර්සියානු ගතියක් දැනෙන්නේ අයිතිකරුවන්ම කෑම හදා පිළිගන්වන නිසායි. එයාලා ඇත්තටම පර්සියානුවෝ.

ඉරාන කෑම ගැන මගේ දැනුම සීමිතයි.ඒත් මේ කෑමනම් විශිෂ්ටයි. හරි ෂෝක් වගේ දැනෙනවා. ඔබට අවශ්‍ය දේ ඇණවුම් කරන්න මෙහෙදී බැහැ මේක බුෆේ එකක් නිසා. ඒත් ගිල්වුම්, පිට්ටා, සුප් වගේ දේවල් ප්‍රධාන ආහාරයට පෙර ගන්න පුළුවන්. අපි ගියපු දවසෙනම් කෙබාබ් එහෙමත් තිබුණා. එක මහත්මයෙක් - මම හිතුවේ එයා ප්‍රධාන අරක්කැමියා කියලා - අහනවා මොන විදිහේ මස්ද අපි කන්න කැමති කියලා. (හරක් මස්, කුඩා කෑලිවලට කැපූ එළුමස්, සහ චිකන්. ඔක්කොම ජාති තියෙනවා.)  එයා එහෙම අහලා කුස්සියට අතුරුදහන් වෙලා ආපහු එන්නේ ස්නූකර් ක්යු එකක් තරම් දිග ලී වල ඇමුණූ ඝන රෝස්ට් කළ මස් කෑලිත් එක්ක. ඒවා හරි රසයි වගේම පතුලක් නැති සයිඩ්ස් තියෙනවා බහින්න තරම්. කහ බත්, සූදුරුබත්, පාස්තා, එළුමස් සහ වම්බටු කරි වගේ දේවල්. ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට වඩා මෙයාලගේ කුළුබඩු සහ ෆ්ලේවර්ස් වෙනස්. හැම දෙයක්ම ටිකක් කර්කශයි වගේම ඖෂධීයයි. ලංකාවෙනම් ඉතින් තියෙන්නේ කටේ තියන්න බැරි තරම් මිරිස් සැරනේ. ඒත් මෙහෙ කෑම හොඳයි වගේම වෙනස්.

එක්කෙනෙකුට යන ගාස්තුව රුපියල් 1500ට ටිකක් වැඩියි. මේ ගණන අපිට දෙන මස් ප්‍රමාණයත් එක්ක ගත්තම හරිම සාධාරණයි. Mezze ආරම්භකයි, බුෆේ සයිඩ්ස් එහෙමත් මතක් කරන්න ඕනේ නෑ නේ. මේක හරි ලස්සන තැනක්. ඒක අළුත්. ඒ නිසා මම හිතන්නේ ඒකට අනුග්‍රාහකයෝ ඕනේ කියලයි. ගිහිල්ලා බලන්න!
All Reviews

Shiraz is a great new restaurant on Stratford Avenue serving Iranian cuisine upon the old upper floors of Gandhara. At the moment they're only open for dinner, which is served buffet style and costs around Rs. 1500 per head for copious portions of meat, rice and mezze

සිංහල ශිරාස් කියන්නේ ස්ට්‍රැෆර්ඩ් මාවතේ තියෙන කදිම අළුත් අවන්හලක්. මෙහි ඉරාන කෑම පිළිගන්වනවා. මේක තියෙන්නේ ගන්ධාර එකේ පරණ උඩ තට්ටුවේ. දැනට මේ අවන්හල රෑ කෑම සඳහා පමණක් විවෘතයි. එක්කෙනෙකුට රුපියල් 1500ක් වගේ මිලකට මෙයාලා බුෆේ වර්ගයේ විශාල පංගුවක කෑමවෙළක් දෙනවා මස්, බත් සහ mezze කියන මැදපෙරදිග ආහාර රුචිය වඩවන කෑම වර්ගයත් එක්ක.

සිංහල ශිරාස් යනු ස්ට්‍රැට්ෆඩ් ඇවනියු වීදියේ පිහිටි ඉරාන ආහාර පිරිනමන අලුත් විශිෂ්ට අවන්හලක්. එය පිහිටා තිබෙන්නේ ගන්ධාර ගොඩනැගිල්ලේ පැරණි උඩුමහලේයි. මේ වනවිට එය විවෘත වන්නේ රාත්‍රී ආහාර සඳහා පමණයි. බුෆේ විලාසිතාවට පිරිනමනු ලබන එහි භෝජන එක් අයෙකුට රු. 1500ක් මිළ වෙනවා. ඒ සමග මස්, බත් හා මෙසේ නමින් හැඳින්වෙන මධ්‍යධරණී කලාපයේ කුඩා දීසි වර්ග විශාල ප්‍රමාණයක් පිරිනැමෙනවා.

Address

46 Stratford Avenue, Colombo 6

Directions

Follow Havelock Road to Highlevel Road and turn right on Stratford Ave. It's right next to Gandhara.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Iranian

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
M
1

5/5

0

MarieY

The best Persian restaurant I have been to! Amazing Food, Great buffet, fresh and lovely aromatic kebabs, Amazing atmosphere, Great Deco, Good prices, will definitely be back!

M
1

5/5

0

MarieY

The best Persian restaurant I have been to! Amazing Food, Great buffet, fresh and lovely aromatic kebabs, Amazing atmosphere, Great Deco, Good prices, will definitely be back!

See 33 Comments