Colombo - Batticaloa high way, Pelmadulla
Open until 10:30 PM
Great place to have a delicious Sri Lankan buffet breakfast or lunch comfortably
“ඒ නැගිටපං බං. අනේ මංදා, මදැයි මගේ නිදිමතට කතා කරකර යන්න කියල එකෙක් අරන් ආවා. ඒකා නිදි ඔක්කොටොම කලින්” දඩිබිඩියට මාව හොල්ලපු මසා මූණත් ඤොක්කං කරගෙන කාර් එකෙන් බැස්සෙ, “කන්න යමං. බඩගිනියි කියාගෙන”
ඊට පස්සෙ තමයි මං ඇස් ඇරලා බැලුවෙ කොහෙද ඉන්නෙ කියල. “හුටා! රත්නපුර ‘සිල්වර් රේ’ එකටම ඇවිත් කියන්නකො. පැය ගාණක ඇලට් එකක්නෙ වැදිලා තියෙන්නෙ. අන්තිමට මතක කිරිඇල්ල පනින හරිය”
දැන් ඉතින් මොනව කරන්නද. ම්ම්… මසාව ෂේප් කරගන්නත් එක්ක අරන් දෙනව උදේ කෑම එක මගේ ගාණෙ... අඩියට දෙකට පඩිපෙළ නැගපු මම කෙළින්ම ගියේ බුෆේ එක ළඟට (එක්කෙනෙක්ට රු. 500). ගිහින් බැලුවා මොනවද තියෙන්නෙ කියලා.
සැහ්! පංකාදු පහයිනෙ. ආප්ප, රොටි, ඔම්ලට්වලින් පටන් ගත්තාම බත්, ඉඳිආප්ප, පාන්, මඤ්ඤොක්කා, කඩල… එක තොගයයි. ඒ විතරක් නෙවෙයි ඒවා කන්න මිරිස් මාළු, අල, පරිප්පු, කට්ට සම්බෝල, පොල් සම්බෝල, හාල්මැස්සො… සත්තයි! දැක්කාම කටට කෙළ උනනව. ඊටත් ඒ ටික බල බල ඉන්න කියලයැ. වොෂ්රූම් ගියපු මසා එනකම් කියල මම පටන් ගත්තා කෑම බෙදාගන්න.
බොරු කියන්න ඕන නෑනෙ ඉතින්, අවසානය වෙද්දි තිබ්බ හැම ජාතියෙන් ම වගේ මගේ පිඟානෙ. ඒ අතරට බිත්තර ආප්ප 2කුත් දැම්මා ඕඩරේට, මසාට එකයි මට එකයි. මේසෙට වාඩිවෙන්න යන අතරෙ මම ආපහු පාරක් බුෆේ එක දිහා බැලුවෙ මිස් වෙච්ච මොනව හරි තියෙනවද කියල.
අර කිව්වත් වගේ... ජූස් මිස් වෙලා කියන්නකො. පිඟාන තියල ඇවිල්ලා ගත්තා ජූස් එකකුත්. අරගෙන බිව්වා උගුරක් දෙකක්.
තුක්! නොදෝකින්. මොන මළ ජරාවක්ද මේ. හයියෝ, තනි ආර්ටිෆිෂල්. ඊටත් ඩයිජින් දාලා වගේ තනි කෙමිකල් රස. නිකම් ඕන නෑනෙ සුප්ප කෑම වේලක් සවුත්තු කරගන්න කියල ගත්ත තැනින්නම වීදුරුව තියපු මම ආයෙත් ආවා මේසෙට. ඒ එද්දි ඔන්න මසාත් කොත වගේ ගහගෙන වැඩේ පටන් අරගෙන.
අත ළඟම තිබ්බ රතු බතුත් එක්ක හාල් මැස්සො හොදියි, කට්ට සම්බෝලයි ටිකක් අනාගෙන මම කටක් දෙකක් කෑවෙ කොහොමද තත්වෙ කියල බලන්න.
ආයෙ! බලන්න දෙයක් නෑ යාළු පංකාදු පහයි. සුපිරි හාල්මැස්සො හොද්ද. හොඳ මිරිසට, කිරිත් පදමට දාලා හදල තියෙනවා... තුනපහ රසත් නූලට. කොටින්ම කියනව නම් බෙදාගත්ත බත් චුට්ට කන්නම මම හාල්මැස්සො හොදි දෙපාරක් විතර බෙදාගත්තා.
ඊට පස්සෙ කෑවෙ මඤ්ඤොක්කා එක්ක පොල්සම්බෝල.
හම්බෝ ඒකට නම් කඳුළු ආවෙ ඇස් දෙකෙන්, කඳුළු ආ... ඒ පොල්සම්බෝලෙ රස! පිස්සු හැදෙනව. අනේ මන්දා මොනව දාලද කියල, කොහොම හරි ලුණු ඇඹුල් වගේම සැර ගතියත් නියම ගාණට. ළා පොල් නිසා පොඩි කිරි රහකුත් යටින් එනව. ඒකට උණු උණු මඤ්ඤොක්කා සෙට් වුණා කියන්නේ…
හැබැයි කඩල එක නම් ටිකක් මදි වගේ. තැම්බිලත් මදි, ලුණුත් මදි. ඒත් ඒකට මිරිස් එහෙම බැලදා, පොල් හීනියට ලියලා එකතු කරලා තිබුනා. නැතත් ඉතින් හොදි එහෙම ගෑවිලා නිසා රස කර කර කන්න පුලුවන්නෙ.
ඔක්කොමත් හරි ඉඳිආප්ප එක්ක මිරිස් මාලු කද්දිනෙ රස නහරවලට දැනෙන්න ගත්තෙ. අනේ මන්දා රත්නපුර පැත්තෙ මාළු නැති වුණාට තියෙන මාළු නම් හදනව ලෙසටම. කිව්වට විශ්වාස කරන්න යාළු මුලින්ම මාළු ඇඹුල් තියල් කරල ඊට පස්සෙයි හොදි හදල තිබ්බෙ. ආයෙ මිරිස් තුනපහ, ලුණු ඇඹුල් ගැන එහෙම කියන්න දෙයක් නෑ ඉතින්. හිතන්නකො ඒ වගේ හොද්දක් එක්ක පරිප්පුත් සෙට් වුණා කියන්නෙ! අවංකයෙන්ම එවෙලෙ තමයි මට හිතුණෙ මුලින් ඉඳි ආප්ප බෙදාගෙන ඉන්න තිබ්බ කියල.
කොහොම හරි ඉතින් ඉඳිආප්ප ටිකත් කාලා ඉවර කරලා අන්තිමට තමයි මම අතට ගත්තෙ බිත්තර ආප්පෙ. කිරි අප්පට බල්ලො බුරපි කියන්න ඒක හාෆ් බොයිල්නෙ යාළු. ගම්මිරිස් පොඩ්ඩක් එහෙමත් දාලා, ටොප් ඈ… අනික උණු උණුවෙ නිසා මාළු හොදියි කට්ට සම්බෝලයි එක්ක පුදුම රසක් තියෙන්නෙ. ලාවට තැම්බුණු බිත්තර සාරු ටිකකුත් එකතු වුණාම ඉතින් මාරම ගති!
වැඩේ ඉවරම කරල මායි මසයි ගැහුවා වැඩි කහට ටී දෙකකුත්. ඒවත් ඉතින් බුෆේ එකටම අයිති නිසා බජට් ගැන ලොකුවට හිතන්න දෙයක් තිබ්බෙත් නෑ.
ඊටත් පස්සෙ ඉතින් ආයෙ යන්න තියා හැරෙන්නවත් බෑ. උන් තැනම ලොප් වෙලා විනාඩි 5ක් 10ක් ඉඳලයි අමාරුවෙන් හරි නැගිට්ටෙ ඕං...
Open until 10:30 PM
Cuisine
Chinese Italian Sri Lankan Sri Lankan Chinese Fast Food Bakery Burgher
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood BBQ Pasta Fruit Vegetarian Beverages Kottu Biriyani Lamprais Rice And Curry Fried Rice Pork Chicken Tandoori Fried Chicken Fish Crab Cuttlefish Brownies Cookies Cakes Cupcakes Doughnuts Ice Cream Bready Burgers Submarines Parata Pizza Coffee Iced Coffee Fruit Juice Milkshakes Hoppers Healthy Roti Chocolate
Ratings Breakdown
One of the best place to eat delicious authentic Sri Lankan…
Good place for snacks & short eats, but other food are ?
Delete Comment
LightBlu
Although there were many items on their menu, I did not feel any special taste or difference. As this is a trendy place on Colombo Ratnapura Road, the prices are unnecessarily high as you might expect. But this place is very clean and attractive. The service is also good. More parking facilities are available.