953, Thalangama south, Battaramulla
Closed right now
An awesome place to get booze while having delicious Chinese and Thai food
දවස් ගාණක් තිස්සෙ පෙරුම් පුරල පුරල...
යාන්තම් ගැළපුනා කියන්නකො කට්ටිය වීක්එන්ඩ් එක අල්ලල!
හපෙහප්පෝ... මම නම් හිතුවෙ ම මෙදා පාරත් වැඩේ මිස් වෙයි කියල.
ඒකත් අවුලක් නෑ, එහෙම මිස් වුණා නම්... අපේවුන්ගෙන් අහන්න ඕන කතා ටික?
වැඩිය ඕන නෑ යාළු, ඒක මතක් වෙලාමයි සෙනසුරාදත් මගඇරිල, ඉරිදා හැන්දැ වෙලත් හරි වැඩේට බහින්න මම තීරණය කලේ. ඉතින්... එන ගමනෙ ම තැනක් බලල ඔන්න අපේ බුවාලා දෙන්නටත් කතා කරල, වැඩේ බැලන්ස් කළා. කරල මම කෙළින්ම ඇද්දෙ ගෙදරට. ඇදල ඇඟපතත් හෝදගෙන ෂෝටකුත් දාගෙන තමයි බැස්සෙ එළියට.
‘අද නම් වෙලාවෙ මොකක්දෝ... හොඳක් තියෙනව වගේ’ හිතුණෙ වෙන දෙයක් නිසා නෙවෙයි, කවදාවත් හරි තැනට එන්නෙ නැති පික්මිය ගේට්ටුව ළඟ තියෙනව දැකල.
‘අබුද්දස්ස කාලේ...’
“යං මල්ලි පැලවත්තතට” කියල, නැග්ග වීල් එකට. නැගල අරුන් දෙන්නටත් කෝල් එකක් ගහලා...
“එනව එනව රත්තරනේ, එනව. තව විනාඩි පහෙන් ඔතන. උබ ඕඩරේ දහංකො. අඩුපාඩු අපි අරං එන්නං” වචනෙ ආවනෙ. ඉතින්... බැස්ස සනික රෙස්ට් එකේ උඩ තට්ටුවට.
“ගුඩ් ඊව්නින් සර්. ම්... මේ හරියෙ නම් එළිය හොඳට තියෙනව. නැත්නම් අර අයිනත්...?”
“මෙතන හොඳයි වගේ නේ. මගේ... යාළුවො දෙන්නෙකුත් එනව හැබැයි”
“හරි හරි සර්. කිසිම ප්රශ්නයක් නෑ. සර් වාඩිවෙන්න. අපි ඇරෙන්ජ් කරන්නම්...
මල්ලි, එන්නකො. මේ සර්ගෙ ඕඩරේ ගන්නකො”
ඇත්තටම මට නම් හිතාගන්න බැරිවුණා... ඒ තරම් සර්විස් එකක්! හැරත් මැනේජර් මහත්තය ම ඉස්සරහට ඇවිල්ල, ගෙස්ට්ල එක්ක කතා කරල, වැඩේ බැලන්ස් කරනව කියන්නෙ.
වැඩිය ඕන නෑ. කනබොන ටිකට මට පුටුවෙන් නැගිටින්න වුණෙත් වොෂ් රෑම් යන්න විතරයි. ඇයි ඉතින් අත උස්සන ටිකට සේවක මල්ලියෙක් මේසෙ ළඟටනෙ.
ඔන්න මුලින් ම මෙනුව ගෙනැල්ල දීලා, කෑම තෝරන්න උදව් කළා. ඊට පස්සෙ හරි හරියට පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු අඩුමකුඩුම ටික අරගෙන ආවා. ඒ ගෙනැල්ල තියල ඊළඟට වටේට සැරජාති අඩුමකුඩුම ටිකත් මේසෙට. ඒ ටික මේසෙන් තියල...
මල්ලි ගියා, අපේ ඩබල ආවා.
තව පොඩ්ඩෙන් කතාවෙ ඇරඹුම ම කඳුළක් වෙන්නෙ. ඇයි අප්පේ... ආපු ගමන් දාපිනෙ මුං දෙන්න අමු අමුවෙන්ම ෂොට් දෙකක්. මම නම් සෝඩා නැතුව අත තිබ්බෙ නෑ. ඊටත් ඒක අර උණු උණු හැඳැල්ලො (රු. 800) පිඟාන එනව පෙනි පෙනි. ඇවිල්ල, මල්ලි ඒක වැදගත් විදියට මේසෙන් තියන්නයි හැදුවෙ. කොහෙද, තියල සෝස් එක ගේන ටිකට බාගෙට බාගයක් වාෂ්ප.
හැබැයි ඉතින් එහෙම වාෂ්ප වෙන එකත් සාධාරණයි යාළු ඒකෙ තිබ්බ රසත් එක්ක. වැඩිය ඕන නෑ, මම වගකීමෙන් කියන්නෙ, අපේ පොකට්වලට හරියන නම්... හොඳම හැඳැල්ලො එක සිල්ව ස්පූන් තමයි ඈ... අර ටිකක් ලොකු කූරින්ගෙන් අරගෙන. හොඳ හැටි සුද්දකරල, ලුණු ඇඹුල් පදමෙත් ගලපලද කොහෙද, බිත්තර සාරු පාන්කුඩු දවටල තියෙනවා... රන්වන් පාටට බැදිල නිසා, කොච්චි පේස්ට් විතරයි ඕන ආයෙ! එකෙක් ඇති ෂොට් දෙකකට. ඒත් කොහෙද ඉතින් මුං බඩගින්නට කෑවනෙ. මිරිසුයි, ලූනුයි... ඔක්කොම ඉවරයි අන්තිමට, දෙහි ලෙලි දෙක විතරයිද කොහෙද ඉතුරු වුණේ.
ඊටත් ඒ අතරට ආපු බ්ලැක් පෙපර් මට්න් එකනෙ (රු. 950)!
කටක් කෑවා නිකම් දිව්යලෝකෙ ගියා වගේ. මට නම් හිතාගන්න බෑ යාළු ඒක කොහොම හදලද කියල. ඔන්න හිතන්නකො, කෑල්ලක් කෑවාම මුලින්ම සෝස් අඩුමකුඩුම රසවල් එක්ක සැර ගතිය. ඊට පස්සෙ, ටිකක් හපාගෙන යද්දි ෆ්රයිඩ් ගතිය. අන්තිම හරිය වෙද්දි මට්න් රස, මදි නොකියන්න. බොරු නෙවේ... පොඩි පොඩි කෑලි 12ක්, 13ක් තිබ්බා... හැබැයි 20-30ක් තිබ්බත් කන සීන් එකක් තිබ්බෙ ඒ විදියට නම්.
ඒ මට්න් ග්රෙවි එකත් එක්ක කාපි කියන්නකො ස්පෙෂල් රයිස් (රු. 1080) කටක් දෙකක්...
එච්චරයි. අර තඩි රයිස් එකේ බාගයක් ඉවරයි තනි වටේට ඈ. සම්බ හාලෙ කහ බතට ඉඟුරු සුදුලූනු, රම්පෙ කරපිංච හොඳ හැටි බැදල දාලා, ඊට උඩින් ලූනු, රටකජුද කොහෙදත් බැදල දාලා, මික්ස් කරල... පොඩි පොඩියට කපල, දවටල බැදපු ඉස්සො, දැල්ලො, මාළු, චිකන්!
ආ... එතකොට කැරලි වෙන්න බිත්තරයකුත් දාලා, මගේ හිතේ පෝර්ක් එහෙමත් තිබ්බද දන්නෙ නෑ මොකද අරුන් දෙන්නගෙ නෑනෙ සද්ධයක්.
කනව,
ෂොටක් දාගන්නව,
කනව...
විනාඩි 10-15කට විතර පස්සෙද මන්දා වචනයක් කතා කළෙත්... හැබැයි ඒ වෙද්දි කතා කරගන්නත් බෑ. ඇයි ඇස් කණේ, කණ සාක්කුවෙනෙ ඕ…!
සිංහල ටිකක් ලොකු කූරින්ගෙන් අරගෙන. හොඳ හැටි සුද්ධ කරල, ලුණු ඇඹුල් පදමෙත් ගලපලද කොහෙද, බිත්තර සාරු පාන්කුඩු දවටල තියෙනවා.. රන්වන් පාටට බැදිල නිසා, කොච්චි පේස්ට් විතරයි ඕන ආයෙ!
සිංහල සැහ්! ටොප් බඩු ආ… සුපිරි රසක් තියෙන්නෙ. ඉස්ස විතරක් නෙවෙයි ඊට පස්සෙ කාපු දැල්ලො කෑල්ල, චිකන් කෑල්ල වගේම එළවළු ටිකත් ෆුල් ෆ්රෙෂ්. ආයෙ පංකාදු පහයි!
Closed right now
Cuisine
Asian Western Chinese Thai Pub Food Mongolian
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Vegetarian Fried Rice Beef Pork Chicken Fried Chicken Fish Fish And Chips Crab Cuttlefish Wraps Alcoholic Beer Bites
Ratings Breakdown
Havi at Pannipitiya is a good spot to chill with some…
Navro Beach is one of the most popular restaurants in Panadura…
4/5
Food is good and good place to have a drink. But remember the place is bit noisy.
4/5
Amila Wathulanda
Food is good and good place to have a drink. But remember the place is bit noisy.