Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

4/5

Simply Strawberries By Jagro (Cotton Collection)

145 Dharmapala Mawatha, Colombo 7 (inside Cotton Collection)


Simply Strawberries makes wonderful desserts and their new outlet on Dharmapala Mawatha serves the same products in a more central and less busy location. Win.



“එහ්! අන්න Cotton Collection එකේ ඩිස්කවුන්ට් දාලා.”

පහුගිය සුමානේ මගේ යාළුවෙක් ගෙදරට කඩාගෙන පාත්වුණේ  ඔහොම කියාගෙන. “මාත් බලන් හිටියේ ඔය දවස එනකම් තමයි”; හිතින් ඔහොම කියාගන්න ගමන් මං කොල්ලුපිටියේ  ධර්මපාල පාරේ තියෙන Cotton Collection එකට ගියා. පොරකාලා ඇඳුම් කෑලි දෙක තුනකුත් අරගෙන, එළියට බැහැලා අපි කල්පනා කළේ ගෙදර යන්න කලින් මොනවහරි අතුරුපසක් බඩට දාගන්න. ගොම්මන් වැටීගෙන එන ජාමේ වුණත්, මේ රස්නේ දවස්වලට අයිස්ක්‍රීමක් කියන්නේ දිව්‍ය ඖෂධයක් වගේ නේ. අයිස්ක්‍රීම් විතරක් නෙවෙයි, ස්ට්‍රෝබෙරිත් තියෙන Simply Strawberries එක අපේ ඇහැ ගැටුණේ ඒ වෙලාවේ.

තැන

කලින් කිව්වා වගේ ම, මේක තියෙන්නේ කොල්ලුපිටියේ අනගාරික ධර්මපාල මාවතේ තියෙන “Cotton Collection” පරිශ්‍රයේ. මේක එළිමහනේ වාඩිවෙලා කෑම ගන්න පුළුවන් තැනක්. ලී පුටු මේස එහෙම පිළිවෙළට අහුරලා තියෙනවා. හොඳට ගස් එහෙම වවලා තියෙන නිසා වැඩි රස්නයක් දැනෙන්නෙත් නැහැ. ඉඳලා හිටලා වටේ කැරකෙන මැස්සන්ගෙන් තමයි බේරිල්ලක් නැත්තේ.

අතුරුපස

නමෙන් ම තේරෙනවනේ? මෙතැන කොයි අතුරුපස වුණත් එන්නේ ස්ට්‍රෝබෙරි ත් එක්ක. අතුරුපස් විතරක් නෙවෙයි, මෙයාලා කේක් ඕඩර් එහෙමත් බාරගන්නවා.

අපි ගත්තේ Chocolate Sandwich (රු.650) එකකුයි, Meringue Sundae (රු.600) එකකුයි, Waffles with Berries and Cream (රු.550) එකකුයි. ඕඩරේ දෙනකොට තමන් කැමති සෝස් ජාතිය මොනවද කියලා කවුන්ටරේ ඉන්න කෙනාට කියන්නත් ඕනේ. මොකද සෝස් වර්ග දෙකක් මෙයාලා ළඟ තියෙනවා. ස්ට්‍රෝබෙරි සහ චොකලට්. ඉතින් අපි තෝරාගත්තේ චොකලට් සෝස් එක.

Waffles with Berries and Cream එකේ රස තමයි අපි මුලින් ම බැලුවේ. මේ අතුරුපසේ තට්ටු තුනක් තියෙනවා. යටින් ම තියෙන්නේ වොෆල් එක. එක මතුපිටින් විප්ඩ් ක්‍රීම් අතුරලා තියෙනවා. උඩින් ම තියෙන්නේ කෑලි කපපු ස්ට්‍රෝබෙරි තොගයක්. මේ තට්ටු තුන එකට එකතු වෙලා එද්දී දැනෙන්නේ පට්ට ම රසක්. ස්ට්‍රෝබෙරි වගේ ම පැණි රසට ගොඩක් කැමති අයට හරියන්නේ Simply Strawberries එකේ මේ අතුරුපස වග සැකයක් නැතුව ම කියන්න පුළුවන්.

Meringue Sundae එකත් නියමයි. මේකේ තිබුණේ චොකලට් අයිස්ක්‍රීම්, නෝගට් සහ ස්ට්‍රෝබෙරි. උඩින් චොකලට් සෝස් එහෙමත් වත්කරලා තිබුණා. මට නම් ඇත්තට ම ස්ට්‍රෝබෙරිවලටත් වඩා අල්ලලා ගියේ මේකේ තියෙන නෝගට් ටිකට. අයිස්ක්‍රීම් එක්ක කරස් ගාලා හැපෙද්දී එන්නේ අමුතු ම ගතියක්.

Chocolate Sandwich එකේ තිබුණනේ තඩි චොකලට් කේක් කෑල්ලක්. නියම ෆජී ගතියක් තිබුණා මේකේ. චොකලට් රසයෙනුත් අනූනයි. උඩින් චොකලට් සෝස් දාලා නිසා තවත් රසට දැනුණා.

සර්විස් එක

මේකේ තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරේට ඕඩරේ දුන්න ම බිලක් දෙනවා අතට. නොම්මරේ කතා කළා ම ගිහින් අතුරුපස ටික අරගෙන ආව ම හරි. විනාඩි පහක් වගේ කාලයක් ඇතුළත අපේ ඕඩරේ කවුන්ටරේ උඩ තියන්න Simply Strawberries එකේ කාණ්ඩෙ සමත් වුණා. ඒ වගේ ම එයාලා හරි සුහදශීලියි.

අවසාන වශයෙන්

මෙතැන අනංමනං බොරු සෙප්පඩවිජ්ජා නැහැ කෙළින් ම තියෙන්නේ ගෙඩිය පිටින් නියම  ස්ට්‍රෝබෙරි. ගහෙන් කඩපු ගමන් වගේ අලුත් ස්ට්‍රෝබෙරි ලෝබ නැතුව මෙයාලගේ අතුරුපසවලින් දකින්න ලැබෙනවා. අහ්! ඒ විතරක් නෙවෙයි, අලුත් ස්ට්‍රෝබෙරි, නියම ස්ට්‍රෝබෙරි ජෑම්, ටොපින් වගේ දේවලුත් මෙතැනින් ගන්න පුළුවන්.


TIP

The strawberry tart is surprisingly affordable.

Address

145 Dharmapala Mawatha, Colombo 7 (inside Cotton Collection)

Directions

From Liberty Roundabout, head up Dharmapala Mawatha past the Sampath Bank, past Kelly Felder and turn into Cotton Collection. Coming from Town Hall side is more difficult in a car. You'll need to go down Park Street and do a bit of a round.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Fruit

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
A
8

4/5

0

AdamG

Their waffles are great

Avatar for Marifdo
5

5/5

0

Marifdo

Fresh strawberries in town. Should try their freshly prepared strawberry tarts. Reasonable price ❤️🍓

A
8

4/5

0

AdamG

Their waffles are great

Avatar for Marifdo
5

5/5

0

Marifdo

Fresh strawberries in town. Should try their freshly prepared strawberry tarts. Reasonable price ❤️🍓

See 8 Comments