Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Sindy's Patisserie

606, Bangala Junction, Pitakotte, Sri Jayawardenepura Kotte


A tiny pastry shop in Bangala Junction.



පහුගිය දවසක දවාලක අපි ගොඩ වුණ පිටකෝට්ටේ බංගලා හන්දියේ තියන පුංචි බේකරියක් ගැනයි මේ කියන්න යන්නේ.

තැන

හොඳ පාකිං ස්පේස් එකකුත් එක්ක ලස්සනට පිළිවෙළට තියන බේකරි පොඩ්ඩක් මේක. ඇතුළේ වැඩිය ඉඩකඩක් නෑ. හැබැයි හත් අට දෙනෙකුට ශේප් එකේ වාඩි වෙලා කන්න බොන්න පුළුවන්. ලොකු සෙනඟක් ආවොත් නං හැරෙන්න පෙරළෙන්න ඉඩ මදි. අපි ගිය වෙලාවෙ වෙන කවුරුත් ම හිටියෙ නැති නිසා සෑහෙන නිදහස්.

කෑම

අපි ගත්ත බේකන් ඇන්ඩ් එග් පේස්ට්‍රියයි (රු. 110) චිකන් පයි එකයි (රු. 120) මේ. හොඳට පෙනුමට ලොකුවට තිබුණත් පේස්ට්‍රි එක ඇතුළේ නිකං ම බේකන් පෙත්තකින් ඔතපු බිත්තර බාගයක් විතරයි තිබුණෙ. මිශ්‍රණයක් හදන්න බැරි නං අඩු ම ගාණේ ලුණු ගම්මිරිස් පොඩ්ඩක් හරි ඉහලා තිබුණ නං තමා හොඳ. ඒකට සාපේක්ෂ ව චිකන් පයි එක නං හොඳ තත්ත්වයේ තිබුණා. ලූනු, කැරට් එහෙම මික්ස් කරපු හොඳ චිකන් ෆිලිං එකක් දාලයි මේක බේක් කරල තිබ්බෙ.

චොක්ලට් ඉක්ලෙයාර් එක (රු. 90) නං සුපිරි. මෙතන ඉක්ලෙයාර්, කප් කේක්, චීස් කේක් වගේ ජාතිවලට ෂෝට් ඊට්ස්වලට වඩා වැඩි තැනක් තියන බවක් තමයි දැනුණේ. ඉතින් ඉක්ලෙයාර් එක නියම චොක්ලට් රසට, ඉතිරිලා යන තරම් ක්‍රීම් පුරවලා, හොඳ ක්‍රිස්පි ගතියට බේක් වෙලා තිබුණා. 

බීම

බීමට තිබුණෙ අයිස් කොෆී, ලයිම් ජූස් එක්ක ඔය මයිලෝ වගේ කිරි පැකට්. අපි ගත්ත අයිස් කොෆී එක රු. 150යි. වීදුරුව පිරෙන්න ලෝබ නැතුව ෆිල් කරලා දුන්නට මොකෝ, කටේ තියන්න බැරි තරං සීනි! කිරි රහයි කෝපි රහයි පරද්දගෙන පැණි රහ මතු වෙනව ඉවසන්න බැරි තරමට. උගුරු දෙක තුනකට වඩා බිව්වෙ නෑ ඉතිං.

සර්විස් එක

කවුන්ටර් එකේ හිටපු කෙනා හරිම සුහදයි. කෑම බීමවල පොඩි පොඩි අවුල් තිබුණට එයාගෙන් නම් අපිට මුකුත් ම වරදක් වුණේ නෑ. හරිම මිත්‍රශීලීයි.

අවසන් වශයෙන්

සුවපහසු තැනයි සුහද සේවාවයි තරමට ම, කෑම බීමවල රස ගුණ ගැනත් මේගොල්ලො සැලකිලිමත් වෙනව නං, යන එන ගමන් ආයෙ පාරක් මෙතෙන්ට ගොඩ වෙන්න අපි අමතක කරන්නෙ නෑ.

 

Address

606, Bangala Junction, Pitakotte, Sri Jayawardenepura Kotte

Contacts

Facebook

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment