Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Sin'namons (Colombo 06)

12, Tissa Road, Pamankada, Colombo 06


Sweet and savory cinnamon rolls.



සිනමන් රෝල්ස් කියන්නෙ හැම බේකරියක ම පේස්ට්‍රි ෂොප් එකක ම දකින්න ලැබෙන විදිහේ සුලබ කෑමක් නෙමෙයි. ඒ නිසා ම සිනමන් රෝල්ස් වලට විතරක් ම වෙන් වුණ තැන් කීපයක් කොළඹ තියනවා. ඒ අතරින් බොහොම මෑතක දි පටන්ගත්ත තැනක් තමයි මේ. මේගොල්ලො විවිධ රසට සිනමන් රෝල්ස් හදන හෝම් බේස්ඩ් බේකරියක්.

අපි මෙතනින් සිනමන් රෝල්ස් ඩිලිවර් කරගත්තෙ පික්මී ෆුඩ් එකෙන් ඕඩරයක් දාලා. මේගොල්ලන්ගෙ නම Sin’namons වුණාට පික්මී ෆුඩ් එකේ ඕගොල්ලො ටයිප් කරන්න ඕන Cinnamon Colombo 6 කියලා. එතකොට තමයි මෙතන පෙන්නන්නෙ. තනි තනි සිනමන් රෝල්ස් වලට අමතරව රෝල්ස් හයේ පැක්ස් එහෙමත් අවේලබල්.

මෙනු එක බලලා අපි ඕඩර් කළේ ක්ලැසික් බොන් එකයි (රු. 390), මිල්කි වේ රෝල් එකයි (රු. 585), ෂුගර් ග්ලේස්ඩ් රෝල් එකයි (රු. 455), චිලී මයෝ රෝල් එකයි (රු. 520). හැබැයි ඕඩර් එක ඇක්සෙප්ට් කළාට පස්සෙ ඒගොල්ලො අපිට කෝල් එකක් දීලා ඇහුවා, චිලී මයෝ එක සෝල්ඩ් අවුට් වෙලා, ඒ වෙනුවට අනෙක් ජාති දෙකකින් වැඩිපුර එක එක එවන්න ද කියලා. අපි ඉතින් හා කිව්වා.

මේ තියෙන්නේ ක්ලැසික් බොන් එක. හොඳ බටර් ගතියක් එක්ක බේක් වෙලා තිබුණ මේකට පංකාදු කුරුඳු රසක් මික්ස් වෙලා තිබුණා. කුරුඳු සුවඳත් ඒ වගේමයි. බන් එක ගාණට සොෆ්ට්. උඩින් අයිසිං ෂුගර් එහෙමත් ඉහලා නිසා නියම රසකැවිල්ලක ලුක් එකත් ඇවිත්.

ක්ලැසික් එක ගැන තරං අනික් දෙක ගැන පැහැදෙන්න අපිට බැරි වුණා. මොකද ඒ දෙක හොඳට ම පැණි රහයි. ඒ පැණි රසෙන් කුරුඳු රසයි බටර් ගතියයි වැහිල ගිහින් වගේ. මේ ෂුගර් ග්ලේස්ඩ් සිනමන් රෝල් එකට නමේ හැටියට ම සීනි ගොඩක් වක් කරලා. ඒ හින්ද ම හොඳටෝම පැණි රහයි. පැණි රසට පෙරේත ඈයෝ ඉන්නව නං ඔන්න මේක මරු කෑමක් එයාලට නං.

මිල්කි වේ සිනමන් රෝල් එක තමයි මේ. මේකෙත් ෂුගර් ෆ්‍රොස්ටිං එකේ පැණි රහ තමයි කිරි රසට වඩා මතු වෙලා දැනුණේ. ස්මාටීස් එහෙමත් දාලා පොඩ්ඩො එහෙම ආස වෙන පෙනුමක් තියෙන්නෙ. අනෙක් කාරණේ තව පොඩ්ඩක් කටට සොෆ්ට් වුණා නං මරු. මොකද බන් එකේ පොඩි ගන වැඩි බවක් අපිට තේරුණා.

අවසන් වශයෙන් 

මේ සිනමන් රෝල්ස්වල අවුලකට තිබුණේ පැණි රහ වැඩි එකයි, ටිකක් ටෆ් ගතියයි විතරයි. රෝල් එකක සයිස් එකත් ලොකු ම ලොකු හින්දා මිල ගණන් ගැනත් වරදක් කියන්න බෑ. කොහොමටත් සැරයක් ට්‍රයි කරල බැලුවට පාඩුවක් නෑ. ඕඩර් කරලා බලලා අපිටත් කියන්නකො විස්තර.

Address

12, Tissa Road, Pamankada, Colombo 06

Contacts

Instagram

Report Inaccuracy

Open until 11:00 PM

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Beverages Bready

Cuisine

Home Baker

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment