Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

4/5

Sits Cakes & Desserts

No 2, Elibank Road, Colombo 05


Sits has been our favourite cake baker for a while. Her chocolate and red velvet cupcakes are some of the best in town.



කොළඹ හොඳ ගෘහස්ථ බේකරි තිබෙනවා. පසුගිය දිනෙක අපි ඒවායේ නිෂ්පාදන රස බැලුවා.  මන්ච්කින් හා විෂ්  ගැන අපි ලිව්වා. ෆැබ් අපි කැමති තව තැනක්. සිට්ස් (Sits) හි කේක් හා අතුරුපස තමයි අපේ ප්‍රියතම ඒවා. එහි කේක්, පුඩිං, කප්කේක් ආදිය හැමවිටම හොඳ තත්වයේ ඇති බව සහතිකයි. සීතා ඕනෑම වර්ගයක කේක් වර්ග ඇණවුමට අනුව හදනවා. ඔවුන්ගේ සරළ චොකලට් කේක් අපි කොළඹදී කෑ රසවත්ම කෑමක්.  රාත්තලක් රු. 700යි. උපන්දිනයක් ළඟ එනවානම් ඇයට ඇමතුමක් දෙන්න. විශේෂ පණිවුඩයක් ලියාදෙන්න අවශ්‍යනම් එය හොඳ නිමාවෙන් යුතුව කර දෙනවා. ඇය පාවිච්චි කරන්නේ රතු, දිලිසෙන අයිසිං. අකුරු ලස්සනයි. අපි ළඟදී මොනික්ට උපන්දින කේක් එකක්මිළදීගත්තා. කේක්ගෙඩිය හොඳ වුණාට අකුරු කැතයි.

සීතාගේ අතුරුපසත් කදිමයි. අපි කැමතියි ෆැෂන් ෆ්‍රීස්වලට. එය රු. 1750යි. චීස්කේක් ව‍ගේ වුණාට එය චීස්කේක් නොවෙයි. ඇත්තෙන්ම එය මොකක්ද දන්නේ නැහැ. පතුලේ විස්කෝතු තට්ටුවක් තිබෙනවා. ඒ මත චීස් කේක් රස ඝන තට්ටුවක්. ඊටත් උඩින් සීතල ෆැෂන්ෆෘට්. ඇගේ ඇට චොකලට් බ්‍රව්නීස් (රු. 1250) හා විල්ලුද කප්කේක් (රු. 160) හරි ජනප්‍රියයි. ඇය පාවිච්චිකරන්නේ හොඳ අමුද්‍රව්‍ය. පිසීම බොහොම පරිස්සමෙන් කෙරෙන දෙයක්.

ඉහත පිංතූරයේ දැක්වෙන්නේ ඇගේ අතුරුපසක්. එයට කියන්නේ මොකක්ද කියා අපි දන්නේ නැහැ. එහි මෙරිංගු, ස්ට්‍රෝබෙරි, චොකලට් සහ විස්කෝතු අඩංගුයි. චොකලට් විස්කෝතු පුඩිමක් වගේ. ඇගෙන් අප රස විඳි අනෙක් සියලු බේකරි නිෂ්පාදන වගේම එයත් රසින් ඉහළයි. විශේෂ උත්සවයක් නම් ඇය අමතන්න.


TIP

Try their Nutella Cupcakes. They're to die for!

Address

No 2, Elibank Road, Colombo 05

Directions

For pick-up, go down Baseline Road past Lanka Hospitals and past Park Road. The next junction is Vijaya Kumaratunga Mw, turn left there. Kalinga Mw is the second road on your left. Turn down that, then at the fork go to the left and park. Sits is just past the bend

Contacts

E-Mail Facebook Instagram

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Cakes Cupcakes

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5

Similar Places

Have you visited this place?

Write your own review!
See 15 Comments