Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Skrumptious (Platinum One Suites)

1 Bagatalle Rd, Colombo 03


Skrumptious has a new branch at Platinum One Suites.



Skrumptious කියන්නේ අවුරුදු 10කට කිට්ටුව කාලේ ඉඳන් බ්‍රව්නී සීන් එකේ ඉන්න කට්ටියක්. කොළඹ හරියේ හැදුණු මුල් ම ඩෙසර්ට් පාලර්ස්වලින් එකක් තමයි මේක. ඉතින් දැන් එයාලගේ බ්‍රව්නීස් කන්න ඉස්සර වගේ ජාවත්තට ම දුවන්න ඕනේ නැහැ. මොකද කොල්ලුපිටියේ ගාලු පාර අයිනේ ම තියෙනවනේ Skrumptious අලුත් බ්‍රාන්ච් එක.

වාතාවරණය

ගාලු පාරෙන් බගතලේ පාරට හැරෙන තැන ම තියෙන Platinum One Suites එකේ තමයි මේක තියෙන්නේ. ඉස්සර මෙතැන තිබුණේ  Café at One එකනේ. ඉතින් ඒ ස්පේස් එකට ම වෙනස් ෆර්නිචර් දාලා, පොඩ්ඩක් හැඩ කරලා, අලුත් ලුක් එකක් දීලා. බොහොම පොඩි ඉඩකඩක් මේක. සීට්ස් තිබුණෙත් දහයකට වගේ.

කෑම බීම 

මෙතැන බ්‍රව්නීස් ජාති තියෙනවා දෙකක් - Classic සහ Fudgy Gooey. ඔය දෙවැනි ජාතියේ බ්‍රව්නීස් කෑලි හයේ ලොකු පෝෂන්වලින් ගන්නත් පුළුවන්. ඒ හැරුණා ම, පුඩින් වර්ග කීපයක් සහ ශේක්ස් වර්ග එයාලගේ මෙනුවෙන් දැකගන්න පුළුවන්. හැම බ්‍රව්නී එකක් ම එන්නේ අයිස්ක්‍රීම් හෝ විප්ඩ් ක්‍රීම් එක්ක.

මේ තියෙන්නේ කජු බ්‍රව්නී (රු. 690) එක. මේක Classic කාණ්ඩයේ එකක්. නමේ පොරොන්දු වෙන විදියට ම ඇති පදමට කජු තිබුණා මේකේ. කන කටක් කටක් ගාණේ කජු කෑල්ලක් ෂුවර්. චොකලට් රසත් මදි නොකියන්නම තිබුණා. ටෙක්ස්චර් එකත් හරි ම සොෆ්ට්. ඒ වගේ ම ෆජී. අනික අයිස්ක්‍රීම් ස්කූප්ස් තුනකුත් දාලනේ.

මෝකා ක්‍රීම් චීස් බ්‍රව්නී (රු. 590) එකෙත් අර රිච් චොකලට් රස ඒ විදියට ම තිබුණා. උඩ පැත්තේ රස ම රස ක්‍රීම් චීස් ලේයර් එකක්. අපට මේකේ කෝපි රස නම් දැනුණේ බොහොම ළාවට. හැබැයි ක්‍රීම් චීස් එකේ ඇඹුල් රසත් එක්ක වැටුණ ම මාර ම සිරා.

රොකී රෝඩ් බ්‍රව්නී (රු. 590) එකේ ටෙක්ස්චර් එක ටිකක් අනිත්වට වැඩිය චුවී. පුදුම නට්ස් තොගයක්නේ මේකට දාලා තිබුණේ. ආමන්ඩ්ස් තමයි ගොඩක් ම දැකගන්න ලැබුණේ. ඉතින් චොකලට් එක්ක තකට තක.

අපි ට්‍රයි කළා ටිරමිසු (රු. 600) එකකුත්. ඒක ගැන නම් අපේ ඒ හැටි පැහැදීමක් නැහැ. කෝපි රස දැනෙන නොදැනෙන ගානයි. අනික mascarpone cream ප්‍රමාණය ගොඩක් වැඩියි.

බීමට අපි ඕඩර් කළේ පීනට් බටර් චොකලට් ෂේක් (රු. 550) එක. මේක නම් සිරා ම සිරා ඈ! පීනට් බටර් රස තමයි මුලට ම එන්නේ. ඊටපස්සේ එන තද චොකලට් රසින් ෆ්ලේවර්ස් දෙක ම ගානට බැලන්ස් වෙනවා. මරේ මරු!

සර්විස් එක 

හරි ම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තිබුණේ. ඕඩර් එක මේසෙට එන්න ගත වුණේ විනාඩි 5ක් වගේ.

අවසාන වශයෙන් 

"අපෝ! බ්‍රව්නී එකකට මෙච්චර ගණන් දෙන්න පිස්සුද" කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි, බ්‍රව්නීවල සයිස් එක දැක්ක නම් කට්ටිය ඕක කියන්නේ නැහැ. ලෝබ නැතුව අයිස්ක්‍රීම්, විප්ඩ් ක්‍රීම් එක්ක දෙන නිසා දෙන්නෙක්ට වුණත් කිසිම අවුලක් නැතුව බෙදාගෙන කන්න පුළුවන්නේ.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment