4/5

Skrumptious

115, Jawatte Road, Colombo 5


Skrumptious has introduced a new flavour to their lineup of brownies. We tried it, and it's pretty darn great.



චොකලට්වලට ආස කෙනෙක්ට චොකලට්වලින්ම තෑග්ගක් දෙනව කියන්නෙ, නේ...!

ඒ නිසාමයි එදා හැන්දෑවෙ එයාව හම්බුවෙන්න යන්න කලින් මම හොඳම චොකලට් කෑම ටිකක් ගන්න කියාපුම තැන කොහෙද කියල බැලුවෙ. දන්නැද්ද ඉතින්, අපේ සයිට් එකත් පීරල කරල එහෙම… ඔන්න බැස්ස වැඩේට. මට ළඟම වගේම තරු 5ට සම්මාන ලබාපු සුප්පම ඩෙසට් ප්ලේස් එකක්.

ස්ක්‍රම්ප්ෂස්!

තියෙන්නෙ තිඹිරිගස්යායෙ. යන්න කලින් කෝල් එකකුත් ගහල බලල වැඩේ කන්ෆර්ම් කරගත්තු මම, පික්මියක් දාගෙන සනික ඇද්දෙ බඩුත් අරගෙන 7 වෙන්න කලින් එයා එනව කියපු තැනට යන්නත් ඕන නිසා. මොකද නිකම් ගිහින් විතරක් බෑනෙ. පොඩි ඩෙකරේෂන් පාරකුත් දාන්න එපැයි.

කොහොම කොහොමින් හරි මම විනාඩි 10, 12ට අදාළ ස්ථානයට යා ගත්ත. ගිහින් ගොඩ වුණා විතරයි.. ෆුල් වෙල්කම් එකක්නෙ. සත්තයි, මම හිතුවෙම නෑ එච්චරම. සේවක මල්ලියෙක් ගුඩ් ඊව්නින් පාරක් දාලා, මෙනුවත් අතට, දීලා බ්‍රවුනි තෝරන්න උදව් එහෙමත් කරනව. වැඩේ කියන්නෙ, ඒවයෙ රසවලුත් එක්කම එයා මට කියල දුන්නනෙ. ආයෙ ඉතින්… ඒ උදව්වෙන් මට සිලෙක්ෂන් එක ඕඩර් කරන්න එක විනාඩි 5ක් ගියේ නෑ.

කෙලින්ම ගත්ත ඇසෝට්මන්ට් පෙට්ටියක්, හරි ලස්සන, කළුම කළු පාට…

ඩාර්ක් ඇන්ඩ් ඔරේන්ජ් බ්‍රවුනි කෑලි 2යි (රු. 1100), රොකි රෝඩ් බ්‍රවුනි කෑලි 2යි (රු. 1290), මොකා ක්‍රීම් චීස් බ්‍රවුනි කෑලි 2යි (රු. 1290). ඒ විතරක් නෙවෙයි, ඒකටම ගත්ත එයාලගෙ ටිරමිසු එකකුත්. ඇත්තටම ඒක නම් නිකම් හිතිලා. හැබැයි බැලූ බැල්මට රසයි වගේ තේරුනේ, ඒකයි.

ඉල්ලපු පරක්කුවට බඩු ටික දාලා දුන්න මල්ලිල 2න්නට නම් අවංකයෙන්ම ස්තූතියි. මොකද මට ඒ අනික් පැත්තට යන්නත් තිබුනනෙ, අරය එන තැනට.

ආපු පික්මියෙම ඉතුරු ගමනත් අහවරක් කරපු මම විනාඩි 5ට දැම්ම පොඩි හැඩ වැඩ පාරකුත් කෑම මේසෙට. දාලා අනික් පැත්තට…

මෙන්න එනව කෝල් එක. “මම ආවා…”

“කිරි අප්පට බල්ලො බුරපි. හප්පේ… එන්න එන්න ඇතුලට”

“මොකක්”

“ආ.. නෑ… මම කිව්වෙ එන්න කියල ඇතුලට. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයි කියල ඒකයි”

එතනින් එහාට ඉතින්… පිස්සු හොඳේ. ඔන්න අර බ්‍රවුනි ටික දැකල, මර මඤඥ්ඥං වෙලා එයාට. ගත්ත සනික බ්‍රවුනි ටික එළියට. ඒ පාර නම් මටත් කටට කෙල උනල ඕං. ඇයි අප්පේ… කවද කාපුවද කියන්නකො. අඩුම තරමෙ අපි අපේ මොකක් හරි එකකටවත් ගනියිද ඔව්ව.

හාහාපුරා කියල පළවෙනි බ්‍රවුනි කෑල්ලෙ පළවෙනි කටම… මට!

ඒක ඩාර්ක් ඇන්ඩ් ඔරේන්ජ්.

ඇඹරිලා ගියේ යාළු, ඇඹරිලා. මම ආසම.. ඩාර්ක් චොකලට් එක්ක, හරි හැටි ඔරේන්ජ් රසක් නම් තිබ්බෙ නෑ... මගෙ හිතේ වෙන මොකක් හරි හින්ද ඒ නම දැම්මද දන්නෙ නෑ. කෙසේ වෙතත් චොකලට් කියන එකේ පරිසමාප්ත අර්ථයෙන් ඒක චොකලට්. අනික බ්‍රවුනි එකේ මෘදු ගතිය. කන්න කන්න ආසාව ඩබල් ත්‍රිබල් වෙනව. උඩින් දාලා තිබ්බ කජු කෑල්ලෙනුත් අමුතුම ගතියක් එන්නෙ.

එක කෑල්ල දෙන්න බෙදාගෙන ඊට පස්සෙ වැඩේට බැස්සෙ රොකි රෝඩ් 2ට. ඒකෙ නම් බැලූ බැල්මටම මඤ්ඤං වෙන සීන් එකක් තිබ්බෙ. හිතන්නකො බ්‍රවුනි එකක උඩ තනිකරම කජුයි, ආමන්ඩ්වලිනුයි වැහිල තිබ්බාම. ඒ මදිවට මුද්දරස්පලමුත්.

කෑවා නෙවෙයි යාළු ඒක නම් තලු මර මර… කිව්වට විශ්වාස කරන්න, කන කන කටක් ගානෙ තොල කට ලෙව කැවෙන තරමට චොකලට්. හැබැයි ඒකෙ නම් ඩාර්ක් ගතිය අඩුයි. පදමට සෙට් වුනු මිල්ක් චොකලට් එකක් මගෙ හිතේ. අර වැඩේ තියෙන්නෙ ඩාර්ක් එකට දෙවනි නොවෙන්න ඒකෙත් මෘදු ගතිය තියෙවනෙ ඈක් ගෑවෙන්න!

අන්තිමට අර… මොකා ක්‍රීම් චීස් බ්‍රවුනි එකෙන් නම් මම එක කටයි කෑවෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, මම ක්‍රීම් චීස්වලට ආස නැති නිසා. ඒත් එකෙත් රස නම් පංකාදුයි. හොඳ කිරි රසත් එක්ක නූලට ගැලපුණු මිල්ක් චොකලට් බ්‍රවුනි කෑල්ලෙ මෘදු ගතිය... ඇත්තටම අනිත් 2ටම වඩා වැඩියි. මගෙ හිතේ මිල්ක් චොකලට් සහ ක්‍රීම් චීස් නිසා වෙන්න ඕන.

ඒත් අන්න ඒකට ටිරමීසු එක. ෂැහ්! සුප්ප ඈ… මාරුවෙන් මාරුවට තරමක් ඩාර්ක් චොක්ලටුයි, ක්‍රීම් චීසුයි තට්ටු තට්ටු දාලා, ඊට උඩින් කොකෝ පවුඩරුත් දාලා… වැඩිය ඕන නෑ අර බ්‍රවුනි කෑල්ල කාලා ටිරමිසු කටවල් 2, 3ක් කෑවා කියන්නෙ කෙලින්ම මත්වෙන ගානට එන්නෙ හොඳේ. ඒ තරමට. ඊටත් ටිරමිසු එක නම් තනියම කෑවොත් ඉතින් අස්ප බඩගින්නක ඉඳපු කෙනෙක් තමයි. නැත්නම් පැහැදිලිවම 2න්නෙක්ට සුප්ප ඩෙසට් එක.

තව ඉතින්…

තව මොනවද ඉතින්, ඩෙසට් කාලාම බඩ පිරුනා කියන්නෙ නේ… කතා 2ක් නෑ ඩෙසට් නම් අන්න ඩෙසට් හොඳෙ!


TIP

They offer a whole range of take-away Brownie Packs starting at Rs.1000.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

115, Jawatte Road, Colombo 5

Directions

It's on Jawatte Road, right opposite the Sulaiman Terrace turn-off.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open 10.00 AM - 10.00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
B
6

4/5

0

BaileyDar

I tried the fudgy oreo browny and I liked it. it was kinda too creamy, but issokay…

B
6

4/5

0

BaileyDar

I tried the fudgy oreo browny and I liked it. it was kinda too creamy, but issokay…

See 14 Comments