Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Sleek Salon

Galle Road, Colombo 3, Sri Lanka


A gang of hairdressers operating out of three small rooms on Vajira Road, with a branch in Mount Lavinia.



මේ පැරණි සැලුනය මට මතක ඇති කාලේ පටන් තිබෙන එකක්. වජිර පාරේ කුඩා කාමර තුනකත්, බම්බලපිටියේ ශාඛාවකත් මේ කොණ්ඩා මෝස්තරකරුවන් පිරිස මෙහෙයුම් කරනවා.

මෑතදී කළ අලුත්වැඩියාවන් නිසා කාමර පිරිසිදුයි. හොඳින් ආලෝකය සහිතයි. හැබැයි ඉස්සරට වඩා කුඩා වගෙයි. බාබර් පුටු කීපයයි. ඒ නිසා සවස හයත් අටත් අතර කාර්යබහුල  වෙලාවෙදි සමහරවිට විනාඩි පහළොවක උපරිම කාලයක් ඔබට බලාඉන්න වේවි. අනෙක් වෙලාවට නම් ගිය හැටියේ කොණ්ඩා රැවුල් කපා ගන්න පුළුවන්. ඔවුන් මධ්‍යම රාත්‍රිය වනතෙක් ඇරලා.

ඇතුළට ගියාම ඔබට ඔබ කැමති කරණවෑමයකු ඉල්ලන්න හෝ වෙනත් කෙනෙකු තෝරාගන්න පුළුවන්. වසර ගණනක් එහි ගිය ඔබ පෙළඹෙනවා ඔබේ හිස් කබලේ හැඩතල හොඳින් දන්නා කරණවෑමියකු තෝරාගන්න. ඔවුන්ට අංක තිබෙනවා, මම නිර්දේශ කරන්නේ අංක 8 කුලසේකර.

දැන් ඔබ ඔබගේ කොණ්ඩා මෝස්තරකරු තෝරාගත් පසු ඔබ ඔහුට කියනවා ඔබට අවශ්‍ය කුමක්ද කියා. මතක තබා ගන්න මෙතැන Sleek බව. ඒ නිසා ඕනෑවට වඩා අමුතු මෝස්තර නැහැ. දෙපැත්තෙන් කොට කර මැද්දෙන් වවන මෝස්තරය හෝ 'ටිකක් කොට කරන්න' මෝස්තරය හොඳ තෝරාගැනීම්. ඊට වඩා සංකීර්ණ දේ අත්හදාබලන්නනම් මේ අනතුරුදායක කලාපයක්.

සටහන: කොල්ලා කාලෙ මම මෙකැනින් මගේ කොණ්ඩය බ්ලීච් කර ගත්තා. හැබැයි ඒක වැරදීමක්. 

මෝස්තරය තෝරාගැනීමෙන් පසු ඔබට තීරණය කරන්න පුළුවන් ඔබට ෂැම්පු කරන්න හෝ වෙනත් අමතර දේ කරන්න උවමනාද කියා. මම හැමවිටම ෂැම්පු, කපීම, රැවුල බෑම හා සම්බාහනය සහිත පූර්ණ කොණ්ඩා රැවුල් කැපිල්ල තෝරාගන්නවා. මෙතැනින් තමයි නියම ෆන් එක පටන් ගන්නේ.

වැඩ

ෂැම්පු: රු. 150ක් එකතු වෙනවා. මුල් සේදීම කදිමයි. තව ටිකක් කෙරුනානම් හොඳයි. කොණ්ඩය සේදීමේ ක්‍රියාවලිය ටිකක් විවේකී විය යුතුයි. නමුත්, මෙය කෙරුනේ හදිසියේ. ලාභ මින්ට් සුවඳ ෂැම්පු එතරම් හොඳ නැහැ.

කැපුම: රු. 500. මම ඔහුට කිව්වා සියල්ල කොට කරන්න. කතුරුවැඩ කාර්යක්ෂමයි. හොඳයි. සෝබන වැඩ හා අමතර එකතුකිරීම් නැතිව මෝස්තරයට අනුව ගානට කැපුණා. පිටුපස රේඛාව, කම්මුලේ කෙස් කොට කිරීම වැනි කාරණා ගැන හොඳින් සැලකිලිමත්. ක්‍රියාවලිය ටිකක් වේගවත් වැඩි වගේ හිතුණාට අවසන් ප්‍රතිඵලය ගැන වරදක් කියන්න බැහැ. ඒත්, හිස් මුදුනේ කෙස් ටිකක් දිගට තැබීම ගැන ටිකක් කණගාටුයි. (මෙය ශ්‍රී ලංකාවේ සිට ඉන්දුනීසියාව දක්වා සර්ව ආසියානු අසාර්ථකවීමක්. චීනයේ බාබර්වරු ඔවුන්ගේ මුල් ආදර්ශනය ලෙස තබාගෙන තිබෙන්නේ හත්තක්.)

රැවුල බෑම: රු. 250. මෙතැනදී තමයි Sleek තමන්ම බවට පත්වෙන්නේ. රැවුල් බාන උපකරණයෙන් මුලින් රැවුල හොඳින් කප්පාදු කෙරෙනවා. අනතුරුව හොඳ ෂේවිං ක්‍රීම් ආලේපනයකින් පසු දැලිපිහියෙන් රැවුල කැපෙනවා. මඳක් සේදීමෙන් පසු නැවත් ක්‍රීම් ආලේප කර නැවත කපනවා. අවසානයේදී අදහාගන්න බැරිතරම් සුමුදු රැවුලබෑමක්. මෙය නම් සමුපූර්ණයෙන්ම නිර්දේශ කරනවා. මීට වඩා හොඳ රැවුලබෑමක් කොළඹ තවත් නැහැ.

හිස් සම්බාහනය: රු. 350. ඇතිතරම් හෙයාර් ටොනික් දානවා. (මට එය අවශ්‍ය නැහැ. ඒත්, Sleekහි හොඳ මිනිස්සු නරකම දේට සූදානම්). ගොඩක් තදින්, පුරුදු-පුහුණු චලනයෙන් කණ්වල හා කම්මුල්වල සියුම් වැඩවලින් ඔවුන් ඔබව පැය භාගයකට වෙනත් ලෝකයක‍ට ගෙන යනවා. රු. 350කට එය හොඳටම වටිනවා. හැබැයි, හුදෙක්ම හිස පමණක් සම්බාහනය කරනවාට වඩා මම නම් කැමති හිස හා උරහිස සම්බාහනය කරනවාටයි.

මුළු බිල : රු. 1200. මේකයි ප්‍රශ්නය. Sleekගේ ප්‍රමිතීන් කිසිවක් වෙනස් වී නැහැ. (හැමවිටම ප්‍රමිතියෙන් අඩුයි) ඒත්, කලින් සම්පූර්ණ සේවාව රු. 500යි. මේ හදිසි මිළ නැංවීම වටිනාකමින් අඩුයි. රමනි වැනි ඉහළපෙළේ සැලෝනයක පවා කොණ්ඩා කැපුමක් මේ මෑතක් වෙනකල්ම රු. 1000කට වැඩි වුණේ නැහැ.

TIP

Get a head massage.

Address

Galle Road, Colombo 3, Sri Lanka

Directions

Sleek is on the corner of Galle Road and Vajira Road. Heading north, it's a few blocks before Unity Plaza.

Contacts

Report Inaccuracy

Open 6:00 am to 24:00

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
N
1

1/5

0

NewUsername1

This place is fucking stupid. Go there if you want to get a schoolboy haircut. Because that's all they know.

N
1

1/5

0

NewUsername1

This place is fucking stupid. Go there if you want to get a schoolboy haircut. Because that's all they know.

See 8 Comments