Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

SmokeBricks

No 04, Pepin Lane Colombo 04


SmokeBricks does fusion pizza right!



අනේ මන්දා..
මේ කන ගමනුත් කල්පනා කලේ, ඉටෑලියන්ම නොවුනත් ‘පීසා’වල මාරම ගැම්මක් තියෙනව නේ?

කොළොම් තොටේ තත්වය එච්චර හොඳ නැති වුනත් ඇත්තටම කාලෙකින්.. කටට රහට පීසා කෑල්ලක් කන්න බැරි වුන නිසාමයි හොඳහැටි ප්ලෑන් කරලා, තැනටත් කෝල් කරලා විස්තර දැනගෙන, හැන්දෑවෙ සෙනඟ නැතිම වෙලාවක් අල්ලලා ගියේ. ගිහිල්ලා හිටං සුන්දර “ගුඩ් ඊව්නින් එකක්” එක්ක ආපු පිළිගැනීමෙන් පස්සෙ අපි කෙලින්ම ඩයිනින්ග් එකට. 

“හප්පේ.. ඒ ඇති යාන්තං. කවුරුත් නෑනෙ”

මටත් වැඩිය සතුටු යාළුවට. 

ඊට පස්සෙ ඉතින් අපි පුරුදු පරිදි අයිනටම වෙන්න තිබ්බ මේසයක් අල්ලලා වාඩි වෙලා, ලඟටම ආපු මෙනු දෙක අරගෙන කෑම තෝරන්න පටන් ගත්තා. ඒ අතරට.. සේවක මිත්‍රයා ඒසී එක එහෙම දාලා, පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු සියල්ලමත් ලඟට ගෙනැල්ලා දීලා.. 

සර්විස් එක නම් සත්තයි පංකාදුයි ඈ..

“අපිට.. හාෆ් හාෆ් පිට්සා ගන්න පුලුවන් නේ?”

“පුලුවන් සර්”

“හරි එහෙනම් මට්න් මර්ක් බාගයයි (රු. 1090), පිසාටාලියා බාගයයි (රු. 1105), එකක් ගේන්න. ඒ හැරුනාම පැස්ටා කොහොමද? ඔයාලගෙ මොනවද හොඳටම යන්නෙ?”

“සර් පැස්ටා නම් හොඳටම යන ඒවා හදන්න අපි ලඟ මේ දවස්වල ඉන්ග්‍රිඩියන්ස් නෑ. සොරි සර්.

මේ.. පිට්සා වලටත් පෙපරෝනි එහෙම නැතුව ඉන්නෙ”

“හප්පා.. එහෙමද? ඒනම්.. ආයෙ පීසා එකක්ම ගමු! ෆෝ චීස් බාගයයි (රු. 990), ඩි මාරේ බාගයයි (රු. 1045), එකක්!”

“ඔ්කේ සර්.”

ඔ්ඩරෙන් පස්සෙ විනාඩි 15, 20ක් යන්න ඇති. හුදකලා ඩයිනින්ග් එකේ අපි දෙන්නත් අපේම චැට් එකක. ඉස්ඉස්සෙල්ලම මේසට ආවෙ ෆෝ චීස්, ඩි මාරේ පීසා එක. හැබැයි ඒ අනික් පැත්තටම වගේ මීට් පීසා එකත් ආවා. වැඩේ වුනේ.. මෙයාලා ලඟ පීසා කන්න හරි හමන් සෝස් ජාති නැති එක තමයි. මම ඇහුවා.. අඩුම තරමෙ ටබැස්කෝවත් නෑ. ඔලිව් ඔයිල්, චිලි ඔයිල් කිට්ටුවකවත් නෑ. මේසෙට ආවෙ කොච්චි මින්චි සෝස් එකකුයි, ටොමැටෝ සෝසුයි. හැබැයි ඒවා නම් මෙයාලම හදපුවා ඒ නිසා රස හොඳයි.

කොහොමහරි ඉතින් ඇරඹුම..

මම මුලින්ම පිසාටාලියා කෑල්ලක්. අරගෙන කොච්චි සෝසුත් හොඳහැටි දාගෙන, ටොමැටෝ සෝසුත් ලාවට.. කටයි දෙකයි කෑවෙ,

‘යම්… තොලකට ලෙව කැවෙන්න!’

“ඒහ් මේක පට්ටනෙ බං. මස් නං දාලා තියෙනවා..” කිව්වට විශ්වාස කරන්න යාළු රෝසට් බීෆ්, බ්ලැක් පෙපර් බීෆ්, චිකන්, සොසේජස්, තක්කාලි, ලූණු, මිරිස්, තව එග්ප්ලාන්ට්ද කොහෙදත් තිබ්බා, ආයෙ බ්ලැක් ඔලිව්..

වැඩක් නෑ ඉතින් කියල ඈ.. හිතන්නකො ඒ දාලා මොසැරැල්ලා තට්ටුවකුත් එලලා වුඩ් ෆ්‍රයි කලාම?

හැබැයි ඊට පස්සෙ රස බලපු මට්න් මර්ක්..

හොඳයි! කියන්න කණගාටුයි පීසා කන ගතියක් තිබ්බෙ නෑ ඇත්තටම ඒකෙ. තනිකරම ඉන්ඩියන් රසක්. මට්න් එකත් කොත්තමල්ලි කොල එහෙම දාලා.. හැබැයි නොම්මර එකේ ඉන්ඩියන් රසට හොඳේ.. 

ටක්කෙටම කිව්වොත් පංකාදු චීස් නාන් එකක් උඩට ටොප් බ්ලැක් පෙපර් මට්න් ටිකක් එලාගෙන කෑවා වගේ, හ්ම්..

කොහොම වුනත් ඉතින් රස මරු.

ආයේ.. ටොප් එකටම තිබ්බෙ ෆෝ චීස් එක තමයි. ඒකේ මොසරැල්ලා, චැඩර්, බෆලෝ එක්ක තව ජාතියක් තිබ්බා.. හැරත් ඉතින් ඇති පදමට චීස් රස තියෙනවනෙ. අනික ඒකට ටොමැටෝ සෝස් වැටුනාම!
ෂැහ්.. ජාති ආ..

ඩි මාරේ එකත් නරකම නෑ. හැබැයි ඉස්සොයි, දැල්ලොයි එච්චරම ෆ්‍රෙෂ් නැද්ද මන්දා හරි හැටි සීෆුඩ් රස ආවෙ නෑ. අනික ඒකට තක්කාලි, ලූණු අඩුම කුඩුමත් දාලා උඩින් ක්‍රීම් චීස් දාලා..

ආහ්.. අවසානයෙ අපි බඩ පැලෙන්න පීසා කාලා ඩෙසට් එකට ගත්තනෙ ලාවා කේක් (රු. 500) එකක්.

රඹටි හැලෙයි කියන්න. සුපිරි චොක්ලට් භාණ්ඩයක් ආ.. උඩ, පදමට හයිවෙලා, කේක් එක කැඩුවාම මෙලෙක් චොක්ලට් ගලනවා..

මතක් වෙද්දිත් නිකම් පිස්සු වගේ අප්පා.. 

බොරු නම් ගිහින් නිකමට එකක් කාලා බලන්නකො, ඔව්..!

Address

No 04, Pepin Lane Colombo 04

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Italian Fusion

Price Range

More than Rs.1500

Dish Types

Beef Pork Chicken Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment