Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Social Colombo

Delivery only


Social Unawatuna has set up a branch in Colombo now.



Social Colombo කියන්නේ උණවටුන හරියේ තියෙන ජනප්‍රිය ම බීච්සයිඩ් රෙස්ටෝරන්ට් එකක්. මොකද කටට රහට හැදෙන කෑම බීම විතරක් නෙවෙයි, සර්ෆින් පහසුකමත් මෙයාල සපයනවනේ. හැබැයි කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක එයාලා රෙස්ටෝරන්ට් එක වහලා දාලා. ඒත් ඒ වෙනුවට, ඒගොල්ලෝ කොළඹ 08, ගෝතමී පාරේ ගෝස්ට් කිචන් එකක් ඕපන් කරලා තියෙනවා. මේක තනිකරම ම ඩිලිවරිවලින් දුවන රෙස්ටෝරන්ට් එකක්. 

කෑම බීම 

Social Colombo එකේ තියෙන්නේ ඒෂියන්, ඉටෑලියන්, සහ වෙස්ටර්න් ස්ටයිල් එකේ කෑම වර්ග. පොඩි ෆියුෂන් ටච් එකකුත් මේවයේ සමහර ඒවට තියෙනවා. 

අපි ගත්ත Cuttlefish & Prawn Fried Rice (රු. 950) එක නමේ විදියට ම හදපු ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉස්සෝ දැල්ලෝ පිරිලා. වොක් එකේ ෆ්‍රයි කරපු සුවඳත් එක්ක එද්දී මේක පට්ට ම රහයි. එළවළු එහෙමත් මදි නොකියන්න දාලා. පොඩි ස්පයිසි කික් එකක් ඕනේ නම් එයාලා එවන චිලි පේස්ට් ටිකකුත් එක්ක ම රස බලන්න.

මේ තියෙන්නේ Chicken Pesto La Vista (රු. 1150). මේක පොඩ්ඩක් ලංකාවේ තාලෙට හදපු එකක්. සාමාන්‍යයෙන් පෙස්ටෝ සෝස් හදන්නේ බැසිල් කොළ, සුදු ලූණු, ඔලිව් ඔයිල්, පයින් නට්ස්, ලුණු සහ පාර්මජාන් චීස් දාලා නේ. ඉතින් පයින් නට්ස් කියන්නේ ගොඩක් ගණන් ජාතියක් නිසා ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ආමන්ඩ්ස්, වෝල්නට් වගේ වෙන මොනවහරි ඇට වර්ගයක්. Social Colombo මේක හදන්නේ කජු දාලා. ඒ හැරුණා ම අමු මිරිසුත් දානවලු. 

සෝස් එකේ නම් අපට අවුලක් තේරුණේ නැහැ. පැස්ටා එක නම් පොඩ්ඩක් වැඩියෙන් තැම්බිලා. කොහොමත් ෆ්‍රෙෂ් පිට කද්දී මේක තවත් රස ඇති. මොකද ඔලිව් ඔයිල් එහෙමත් යහමින් දාලා. අනික පොඩි ටබ් එකක දාපු පාර්මජාන් චීස් ටිකකුත් මෙයාලා එවනවා. 

Bao Buns with Pork Char Siu (රු. 750) එක තමයි සිරා ම. හෙන ම ෆ්ලෆී විදියට හදපු බාවෝ බන් තුනක් තමයි මේකට ආවේ. ඒ හැම එකක් ම රසට හදපු චයිනීස් ස්ටයිල් එකේ පෝක් බාබෙකියු ස්ලයිසස්වලින් පුරවලා. තව පිකල් කරපු එළවළු, ෆ්‍රෙෂ් කොත්තමල්ලි කොළ, කෑලි කපපු රතු මිරිස් එහෙමත් තිබුණා. ස්වීට් බාබෙකියු සෝස් රසයි, ලාවට එන ස්මොකි රසයි පෑහුණා ම මාර ම රසයි. 

අවසාන වශයෙන් 

ඒෂියන් ෆියුෂන්වලට නියම ම තැනක් තමයි මේ. අපි ඕඩර් කරපු දවසේ මේ කට්ටියගේ බර්ගර් කලෙක්ෂන් එක තිබුණේ නැහැ. ආරචියේ හැටියට ඒකත් බොහොම හොඳයි ලු.

ඔයාලත් Social Colombo එකෙන් කන්න කැමති නම්, පට් ගාලා 0705941989 නොම්මරයට ඕඩර් එක වට්ස්ඇප් කරන්න. මෙනු එකත් එතනින් ම බලාගන්න පුළුවන්. ඒ හැරුණා ම එයාලා පික්මී ෆුඩ් වගේ මොබයිල් ඩිලිවර් ඇප්වලිනුත් ඩිලිවර් කරනවා. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment