Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

Southern Expressway Service Area (Canonwin Arcade)

Welipanna, Southern Expressway


The Southern Expressway opened two gleaming service stations near Welipenna. Each houses a Cargills Food City and assorted shops like Juiceez, Dinemore, Gihan's, Gill's, Pascucci and New Monis. They also have ATMs and quite decent bathrooms.



දකුණු අධිවේගී මාර්ගයේ අනගි සේවා ස්ථාන දෙකක් විවෘත වුණා, වැලිපැන්න පිවිසුම ආසන්නයේ. ඒ දෙකේම තිබෙනවා කාගිල්ස් ෆුඩ් සිටි, ජුයිසීස්, ඩයින්මෝ, ගිහාන්ස්, ගිල්ස්, පැස්කුසී හා නව මෝනිස් අලෙවිහල්. ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රත්, හොඳ වැසිකිලි පහසුකමුත් එහි තිබෙනවා.

දකුණු අධිවේගී මාර්ගය වෙනම ලෝකයක් වගෙයි. ඒ තමයි ලංකාවේ පළමු විධිමත් මහාමාර්ගය. එහි හරක්, එළුවෝ, බල්ලෝ විතරක් නොවෙයි, ත්‍රිරෝද රිය හා මෝටර්සයිකලුත් නැහැ. එය කොළඹත් ගාල්ලත් අතර පිහිටුවන ලද වේගවත් කොරිඩෝවක්. ගාලු ගමන පැය එකහමාරකින් පමණ ඉක්මණ් කරන්න එයට පුළුවන්.

ගමනේ දුර කෙසේවුණත් ලාංකිකයන්ට අතරමග නවත්වන්නනම් ඕනෑ. මේ සේවා ප්‍රදේශය ඒ වෙනුවෙනුයි. මේ අති නවීන ගොඩනැගිල්ල හරියට හීත්‍රෝ ගුවන් තොටුපල වගේ. ගමනේ යෙදෙන ශ්‍රී ලාංකික පවුලකට අවශ්‍ය හැමදෙයක්ම වගේ එහි තිබෙනවා. කෑමට ඩයින්මෝ, කෙටි කෑම වෙනුවෙන් නව මෝනිස්, බීම වෙනුවෙන් ජුයිසී, මුදල් යන්ත්‍ර, පිරිසිදු වැසිකිලි විතරක් නොවෙයි හුදකලා මුල්ලක පැස්කුසී කෝපිහලකුත් තිබෙනවා.

ඒත්, මතක තබාගන්න මේවා මිළ අඩු නැහැ. ජුයිසීහි පලතුරු බීමක් රු. 150ක් 200ක් වෙනවා. ඩයින්මෝ කෑමවේලක් රු. 500ක් වන්න පුළුවන්. පාර අයිනේ කඩ නැහැ. ටිපි-ටිප්, පොප් කෝන්, එළවළු රොටි, මාළු පාන් නැහැ. ඒවා තිබෙන නව මෝනිස් ළඟත් ඒවා ලාභ නැහැ. එය නවීන අධිවේගී මාර්ගයක් වෙනුවෙන් ඉදිකළ නවීන ගිමන්හලක්. ඒ නිසා මිළත් නවීනයි.

සේවා ප්‍රදේශයේ ලංකා බැංකුවේ, කොමර්ෂල් බැංකුවේ හා හැටන් නැෂනල් බැංකුවේ ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර තිබෙනවා. දැනට වැසිකිලි තිබෙන්නේ ගොඩනැගිල්ලෙන් පිටත. ඒවා ඉතd පිරිසිදුබව මෙහි ඇති ඡායාරූපවලින් ඔබට පෙනෙනවා.

ගමනාන්තය එතැන නොවුණත් දකුණුදිග අධිවේගී මාර්ගයේ කැනොවින් ආකේඩ් සේවා ස්ථානය බලන්න යායුතු තැනක්. දැනටත් එහි බොහෝ සෙනග. හැබැයි, මතක තබාගන්න එහි ගෑස් හෝ කාර් අලුත්වැඩියාකිරීම් නැහැ. ඇත්තේ මිනිසුන්ට කෑම, බීම පමණයි.

TIP

The bathrooms are currently outside but decent. Go around back, exiting near the ATMs.

Address

Welipanna, Southern Expressway

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 14 Comments