Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Sovereign German Restaurant

157 Nawala Road, Nugegoda


Sovereign German Restaurant is pretty good. They serve extremely hearty German fare in a kitschy but welcoming location in Nugegoda.



සුදු ළූනු රස තවමත් අපේ උගුරට එනවා. ඒත්, සවරින් ජර්මන් රෙස්ටොරන්ට් ඉතා හොඳ තැනක්. එය නුගේගොඩ ආසා හිතෙන තැනක පිහිටි, හැබැයි එතරම් කලාත්මකබවක් නැති තැනක්.

ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රංශ භෝජනවලට වඩා ජර්මානු/ස්විස් භෝජන උසස් භෝජන කලාවේදී ඇගයෙන‍ සුවිශේෂ රටක්.  චෙසා ස්විස් සහ බැවේරියන් අප ඉස්සර ඉඳලා ම කැමති තැන්. ඔවුන්ගේ උප නාගරික සොයුරිය වන සවරින් ජර්මන් රෙස්ටොරන්ට් කියන්නේත් හොඳ තැනක්.

තත්වය

අපි ඇණවුම් කළා පොට් රෝස්ට් පෝක් (රු. 1200) සහ චිකන්කෝඩන් බ්ලූ (රු. 1,250). මිළ වැඩි වුණත් බඩ පුරා කන්නත්, රස නහර පිනවන්නත් එය සමත්.  කවුරු මොනවා කීවත් ජර්මානු ආහාර එතරම් සියුම් නැහැ. පෝක් තිබුණේ සැර-ලුණු රස හොද්දක. ඒ සමග ක්‍රීම් ගතියෙන් යුත් පොඩි කරන ලද අල හා බටර් මුසු කළ කැරට් පිරිනැමුණා. චිකන් මත මඳක් ගම්මිරිස් මුසු කර වුණ පිටි ආවරණයක් තිබුණා. ඇතුළත උණු චීස් වැනි උකු ක්‍රීම් ගතියෙන් යුත් මධ්‍යයක්. ඒ සමග  අධික ලෙස සැර-ලුණු රස බිම්මල් ද පිරිනැමුණා. මෙහි සමස්ත ස්වරූපය සැර ලුණු රසින් යුක්තයි. එහි සියුම්බවකට වඩා ඇත්තේ මුව දවන රසයක්.

එය ඇත්තෙන්ම අපව තාප්තිමත් කළා. ඕනෑවටත් වඩා තිබුණත් අපි දෙන්නා ම පිඟන් සුද්ද වනතුරු කෑවා.

සේවාව

අපි ගියේ මේ ස්ථානය සාපේක්ෂව හිස් වෙලාවක් වන දිවා ආහාර වෙලාවට. ඒ වෙලාවට සේවාවත් හොඳයි. ස්ථනයේ හිමිකාරිය යයි සිතන්න පුළුවන් ජර්මානු කාන්තාවක් ඇවිත් අප‍ට උදව් කළා. ඇය අපට Center Shock ගම් දුන්නා. කාර්ය මණ්ඩලයත් හරි ම අවධානයෙන් සැලකුවා.

පිහිටීම

සවරින් පිහි‍ටි නුගේගොඩ, නාවල පාර එතරම් මැද ස්ථානයක් නො වෙයි. ඒත්, බත්තරමුල්ල වැනි උප නාගරික ප්‍රදේශවල පදිංචි අයට කොළඹ නගරයට යනවාට වඩා පහසුවෙන් ළඟා විය හැකි තැනක්.

නිගමනය

සීමාව ඉක්මවා කන්න ලෑස්ති වෙලා යන්න. ඊට පස්සේ හොඳ තෘප්තිමත් නිදිමතක් එනවා. මෙතැන කොළඹ නගරයේ ජර්මානු අවන්හල්වලට හොඳ විකල්පයක්. එහි බඩ පැලෙන්න කන්න පුළුවන් සැර ලුණු රස ජර්මානු ආහාර මහ ගොඩවල් පිරිනැමෙනවා. සේවාවත් හොඳයි.

TIP

You may feel very sleepy afterwards.

Address

157 Nawala Road, Nugegoda

Directions

From Nugegoda, head down the Nawala Road past the Wetland Park, past Sampath Bank, past Saman Road. It's just before the HSBC. There's an orange sign. From Nawala head over the Kirillapone Canal bridge, past the HSBC bridge, then you're there.

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 10:30 AM to 2 PM and 5:30 PM to 11 PM

Cuisine

German

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pork

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
L
1

5/5

0

lasith011

Bit expensive but really good food and friendly staff

M
3

3/5

0

Mystica

Very basic food. Steak and salad. Salad was very roughly chopped up. Odd combination. Minuscule amount of sauce. Tiny portion fries. From a packet. Fruit salad roughly chopped very kade ish style of presentation (For the price).

L
1

5/5

0

lasith011

Bit expensive but really good food and friendly staff

M
3

3/5

0

Mystica

Very basic food. Steak and salad. Salad was very roughly chopped up. Odd combination. Minuscule amount of sauce. Tiny portion fries. From a packet. Fruit salad roughly chopped very kade ish style of presentation (For the price).

See 36 Comments