Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

5/5

Space Lounge


An Eco rooftop restaurant to chill as we wish with delicious Sri Lankan Chinese food



අහම්බෙන් ගොඩවෙලා.. හිතට කාවැදුණුම තැනක්!

එකම දුක තිබ්බෙ, යන කොට බීර බෝතලයක් දාගෙන යන්න බැරිවුනානෙ?

ඒකත්.. යනකොටත් පොද වැස්ස එනකොටත් පොදවැස්ස. ඉතින් කොහෙද, අල්ලපු වැටේ බාර් එකක් තිබ්බත් නිකමට හරි ගිහිල්ල ගේන්නෙ පුලුවනයැ.

ඔන්න ඔහෙ කමක් නෑ කියලා.. යාළුවයි මායි දෙන්න හෙමින් සැරේ ගොඩවුනා රූෆ්ටොප් එකේ රෙස්ටුරන්ට් එකට. ගොඩවෙලා.. ඩයිනින්ග් එක පැත්තට හැරුනා විතරයි,

“ෂෑහ්… අඩේ මේක මාර ප්ලේස් එකක්නෙ” කිව්ව නෙවෙයි කියවුනා..

සත්තයි ඒක නම් යාළු අමුතුම ප්ලේස් එකක්. ලොකු ලොකු හයිෆයි නෑ, හැබැයි තියෙන ඉඩකඩ ටික ගලපල තියෙනව ලෙසටම. පොඩි හෝල් එක මැද්දට වෙන්න පූල් ටේබල් 3ක් දාලා වටේට පුටුසෙටි ටිකක් තියල සැපට වාඩිවෙලා ඉන්න. ඊට පස්සෙ එළියෙ.. ෆුල් ඉකෝ. ඇන්ටික් බඩු, පැලට් ලෑලි, ටින් බෙලෙක්ක, පරණ විසිකරන දේවල් එකතු කරල කරපු වගාව, ලස්සන ලස්සන චිත්‍ර.. ඊටත්, හිතන්නකො ඒ ඔක්කොමත් එක්ක හැන්දෑවට ලන්තෑරුම් එළිවලින් එළිය කලාම. 

ඇඬෙනව ඈ.. ඇඬෙනව!

කොහොම කොහොමින් හරි අපිත් ඉතින් ගිහිල්ල එළිමහනෙ මුල්ලකටම වෙන්න තිබුනු අපිටම කියාපු නිදහස් ප්ලේස් එකකට සෙට්වුනා. සෙට්වෙලා.. සේවක මල්ලියෙක්ටත් කතා කරල මෙනුව ගෙන්නගෙන දැම්ම ඔ්ඩරේ. ස්පෙෂල් රයිස් එකයි (රු. 780), පෝර්ක් කොත්තු එකයි (රු. 400), බීෆ් ස්ටු එකයි (රු. 700), බොන්න ලයිම්ජූස් එකයි (රු. 180).

දාලා.. ආයෙත් කතාව ප්ලේස් එකේ වටපිටාව ගැනමයි. මොකද කොට්ටාව වගේ තැනක එහෙම ප්ලේස් එකක් තියෙනව කියන්නෙ හරි අමුතුයිනෙ.

කතාවෙන් කතාව ඉතින් විනාඩි 10ක් විතර යන්න ඇති, ඉස් ඉස්සෙල්ලාම කියල රයිස් එක ආවා මේසෙට. ඊට පස්සෙ, ඒ ගැම්මටම වගේ ලයිම් ජූස් එකත් ආවා. හැබැයි කොත්තුවයි, ස්ටු එකයි නම් ටිකක් විතර පරක්කු වුනා.

ඒ පරක්කුවෙන් කියල ඉතින් අපි අවාසියක් ගත්තෙත් නෑ. සියළු දෑ එනකම් ඉඳලමයි වැඩේට බැස්සෙ.

ඊටත්, බැස්ස බැස්සමයි… දෙන්න කනව කෑමක්, හැඳි ගෑරුප්පු කරේ තියාගෙන. 

පුදුම රසක් යාළු! හැබැයි මෙහෙමයි, ෆුල් ඔතෙන්ටික් රසක් එහෙම නෙවෙයි. අපිටම කියාපු අපේම.. ශ්‍රී ලංකන් චයිනීස්..

ස්පෙෂල් රයිස් එකේ.. සෝස් අඩුම කුඩුම ටිකත් එක්ක පොඩි පොඩියට කපපු චිකන්, මාළු, සොසේජස්, බිත්තර, ගැඹුරු තෙලේ බැදල, ලූණු, කැරට්, මිරිස් ගම්මිරිස් අඩු පාඩු ටිකත් තිතටම ගලපල.. පංකාදු පහයි. කිව්වට විශ්වාස කරන්න.. කන කන කටක් ගාණෙ මොකක්ම හරි මසක් මාලුවක්නෙ. අනික ඒකෙ සයිස් එක? ස්මෝල් එකක් ඇති දෙන්නෙක්ට බඩ පැලෙන්න.

ඊට දෙවනි නැති පෝර්ක් කොත්තුව. හප්පේ.. ඒකත්, රයිස් එකේ වගේම සෝස්, එළවළු, මිරිස් අඩුම කුඩුම ටික විතරක් නෙවෙයි.. පොඩියට කපල, ගැඹුරු තෙලේ බැදල, සවලෙන්ද කොහෙද දාපු පෝර්ක් කෑලි.. දෙන්නෙක්ට පෙරලගෙන කෑහැකි මදි නොකියන්න. 

ඔක්කොමත් හරී.. වගකීමෙන් කියනව, කාලෙකට පස්සෙ කෑවා මල් හතේ ස්ටු එකක්. නිකම් නෙවෙයි හොඳ තඩි බීෆ් කෑලි ටිකක් එක්ක ලූණූ, මාළු මිරිස්, ගම්මිරිස් රස පදම නූලටම තියාපු.

දැන් ඉතින් හිතන්න එපා..

‘මුන් යකෝ මාර කෑමක්නෙ කන්නෙ’ කියල. ඇත්තටම ඒක බැලන්ස් වුනේ අර, ඇත්ත දෙහි දාලා හදපු ටොප් ලයිම් ජූස් එක නිසා.

කොත්තු, රයිස් හැඳි 6, 7ක් උගුරෙන් පල්ලෙහාට.. ඊට පස්සෙ සීතල ලයිම් උගුරු 2, 3ක් උගුරෙන් පල්ලෙහාට.. එහෙමයි ගියේ..

හිහ්, නැත්නම් කොරයි!


TIP

Try pork kottu


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment