Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

4/5

Speedrome

260/1, Pannipitiya Road, Pelawatta, Battaramulla, Sri Lanka.


CLOSED: Speed Drome in Battaramulla, as far as I know, is the only place for pro karting in close proximity to Colombo. They used to have a smaller circuit in Excel World (AKA Millenium Park before) but it looks like they’ve sold their go karts for scrap metal leaving Speed Drome the only place for an injection of speed.



මම දන්නා තරමට බත්තරමුල්ලේ ස්පීඩ් ඩ්‍රෝම් කොළඹට කිට්ටුව ඇති එකම ප්‍රො කාර්ටිං ස්ථානය. එයාලට පුංචි තැනක් කලින් තිබුණා එක්සෙල් වර්ල්ඩ් එකේ. (මිලෙනියම් පාර්ක් කියලා තමයි ඉස්සර කිව්වේ) ඒත් පේන විදිහට නම් එයාලා ගෝ කාර්ට්ස් ටික පරණ යකඩ වලට විකුණලා ස්පීඩ් ඩ්‍රෝම් එකට සම්පූර්ණයෙන්ම කැපවෙලා වගේ.

වේගයයි, එන්ජින්වල ග්‍රීස් සුවඳයි, එන්ජින්වල මිහිරි ශබ්දයි කියන තුනට හැම කොල්ලෙක්ම වගේ පිස්සු වැටෙනවා. අපි වගේ අයට ඒකට හිත ඇදෙන්නේ ඉබේටම. අපි නිතරම ඇඩ්‍රිනලීන් වලට සූදානම් අය. සුක්කානමකට පිටිපස්සට වෙලා පුළුවන් උපරිම වේගෙන් යන එක හරිම ප්‍රමෝදයක්.

ස්පීඩ් ඩ්‍රෝම් ප්‍රො කාර්ට් ට්‍රැක් එකක් විතරක්ම නෙවෙයි. මෙහෙ රිලැක්ස් වෙන්න ලස්සන පිහිනුම් තටාකයකුත් තියෙනවා. ඒ වගේම සමාගම්වල උත්සව, උපන්දින උත්සව වගේ දේවල් පවත්වන්න පුළුවන් විශාල අවන්හලකුත් තියෙනවා. මේක පාටියක් දාන්න හොඳම තැනක්. හැබැයි ඉතින් ඔයාලගෙ සල්ලි ගස් හොල්ලන්න කැමතිනම් විතරක්.

ට්‍රැක් එක දිගේ විනාඩි 10ක් ගෝ කාර්ට් එකක් පදවාගෙන යන්න ඔබට රුපියල් 1000ක් වියදම් යාවි. අවංකවම කියනවනම් රවුම යද්දි දැනෙන්නේ ඒක දිග ගමනක් කියලා, ඒ නිසා මිල නරකම නෑ. ඒ වගේම මේක මැරෙන්න ඉස්සරලා කරන්න තියෙන වැඩවලින් එකක්. රුපියල් 300කට විනාඩි 3ක සැසියකට එකතුවෙන්න පුළුවන් ඔබට ඒත් ඒ අවස්ථාව ජූලි මාසේ මැද වෙනකල් විතරයි තියෙන්නේ.

පිහිනුම් තටාකයට ඇතුල් වෙන්න ඔබට රුපියල් 450ක් යාවි. ටිකක් ගණන් වැඩියි තමයි ඒත් ඒක එක විකල්පයක් විදිහට තියාගන්න මම කැමතියි. පිහිනුම් තටාකය ගොඩක් පිරිසිදුයි. ඒ නිසා මම හිතන්නේ මේ මිහිදුම් සහිත ගිම්හාන දවස්වල කාලය ගතකරන්න ඒක හොඳ තැනක්. සාමාජිකත්ව විස්තර සඳහා එයාලගේ වෙබ් අඩවිය බලන්න. ඔයාලට තටාකයට ඇතුල් වෙන්නත් පුළුවන් ඒ වගේම ප්‍රෝ කාර්ට්ස් වලට වට්ටමකුත් ගන්න පුළුවන්.

මට අමතක වෙන්න ඉස්සර මම සඳහන් කරන්න ඔනේ එයාලා අළුත් කාර්ට්ස් කීපයක ආයෝජනය කරලා තියෙන බව. ඒවා ටිකක් ලොකුයි වගේම වේගවත් කියලත් හිතෙනවා. ඒවා පාවිච්චි කරන එක ටිකක් අනිත් ඒවාට වඩා මිලයි. ඒත් සාමාන්‍ය කාර්ට් වේගය මදි කියලා හිතෙනවනම් ඔයාලට ඇඩ්‍රිනලින් ගලන්න මේ අළුත් කාර්ට් හොඳයි.

එයාලගේ වෙබ් අඩවිය බලන්න, මට එකතු කරන්න බැරි වුණ තොරතුරු ටොන් ගණනක් ඒකෙ තියෙනවා.

Address

260/1, Pannipitiya Road, Pelawatta, Battaramulla, Sri Lanka.

Contacts

Facebook Website E-Mail

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 5 Comments