Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

3/5

Spice Coast

39A/1 Marine Drive, Bambalapitiya, Colombo 4

Get it delivered on Pickme Food

Spice Coast is well-known restaurant down Marine drive for their spread of Indian food.



මුල් ලිපිය ලිව්වේ ඉන්දි. අවසන් යාවත්කාලීන කිරීම 2013 නොවැම්බර් 19

මැරීන් ඩ්‍රයිව් එකේ පිහිටි ස්පයිස් කෝස්ට් හොඳ බිරියානි සහ ඉන්දියානු ආහාර පිසිනවා.

මැරීන් ඩ්‍රයිව් ඒක හෙමින් හෙමින් වාණිජ වීදියක් බවට පත්වෙමින් තියෙනවා. ඒත් ඒකෙ තියෙන ගොඩක් අවන්හල් එච්චර හොඳ තත්වයේ ඒවා නෙවෙයි. අපි සංතෝෂයෙන් ස්පයිස් කෝස්ට් හොඳ අවන්හල් ලැයිස්තුවට එකතු කරනවා. එයාලා හොඳ බිරියානි, පනීර් සහ අනෙකුත් ඉන්දියානු ආහාර සහ ගොඩක් අයගේ ඉල්ලීම නිසා දැන් චීන ආහාරත් හදනවා. එයාලගේ සේවාවත් හොඳයි. වීදියෙන් එහා තියෙන සාගරයේ හොඳ දර්ශනයකුත් එතෙන්ට පේනවා.

කෑම

අපි චිකන් ඩම් බිරියානි (රු. 390) එකක්, ගාර්ලික් නාන් දෙකක් (එකක් රු. 140), පනීර් 65 (රු. 490), සහ ඩාල් මක්හානි (රු. 350) කැවා. ඔබට පෙනෙන විදිහටම මේවා සුපිරි ලාභදායි කෑම නෙවෙයි. චිකන් ටික්කා සහ ගොඩක් චිකන් කෑමවර්ග රුපියල් 490 සිට 650 දක්වා වෙනවා. එයාලා හරක්මස් සහ ඌරුමස් පිළිගන්වන්නේ නැහැ. ඒත් එළුමස් තියෙනවා.

බිරියානි ගොඩක් හොඳයි. හොඳට පදම් කළ බත්, ලා කුකුල් මස් - දෙකම එකට උයලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒවා එන්නේ පුංචි රයිතා සහ නම නොදන්නා හොදි එකක් එක්ක. ඇතුළේ බිත්තරයකුත් තියෙනවා. බිරියානි රස වුණත් පංගු පුංචියි කියලා කියන්න ඕනේ. අපිට නෙවෙයි පුංචි. අපිටනම් ඒක ඉවර කරගන්නත් බැරි වුණා. ශ්‍රී ලාංකික තරමේ බිරියානි එකකට වඩා ඒක පුංචියි. ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්.

ගාලික් නාන් ටිකක් ලොකුයි. එකක් ඇති එක්කෙනෙකුට. ඩාල් මක්හානි හරිම හොඳයි වගේම රසයි. එකේ කිඩ්නී බීන් එහෙමත් තිබුණා. පනීර් 65 හොඳයි කියන්නේ එයාලගේ චිකන් 65ත් අනිවාර්යයෙන්ම හොඳ වෙන්න ඕනේ. ඒවා බැදලා තිබුණේ. ඒ තරම්ම සෞඛ්‍යසම්පන්න නැහැ. ඒත් හොඳ ඉන්දියන් කෑම ටිකක්.

පිහිටීම

මේ ඉඩකඩ තව ටිකක් පිරිසිදු වුනානම් හොඳයි. අනික එතන ටිකක් රස්නෙයි. පටුයි. මුහුදට ඒ තරම්ම සම්බන්ධ වෙලා නැහැ. එයාලට හොඳ මේස තියෙනවා. අත් හෝදන්න කාමරය මැද තැනක් තියෙනවා. මුහුද පෙනෙන විදිහේ ආසන තිබුණත් එතන රස්නෙයි. මොකද A/C තියෙන්නේ පිටිපස්සේ.

ලස්සනට කපාපු සිමෙන්ති පොළොවක් සහ බිත්ති තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තහම හොඳ තැනක්. එකම දේ තව ටිකක් පිරිසිදු වෙන්න ඕනේ.

සේවාව

සේවාව හරි හොඳයි. එයාලා අචාරශීලී සහ මිත්‍රශීලි අය.

මැරීන් ඩ්‍රයිව් එකේ හොඳ ඉන්දියානු කෑම තියෙනවා ස්පයිස් කෝස්ට් අවන්හලේ. අපි පුද්ගලිකව හිතනවා මේක ටේක් අවේ වලටයි ඩිලිවරි වලටයි හොඳ තැනක් කියලා. ගිහිල්ලා කන්නත් නරක තැනක් නෙවෙයි.

TIP

They do big biriyani savans (Rs. 2,950 for chicken

Address

39A/1 Marine Drive, Bambalapitiya, Colombo 4

Directions

Spice Coast is between Holy Family Convent and Majestic City on Marine Drive (closer to Holy Family). The nearest junction is Shrubbery Gardens.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Open 11AM to 11PM every day

Cuisine

Chinese Indian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

4/5

0

Sanjith

Excellent food and best service. The price is little high.

C
1

5/5

0

clyde_jcc

Very tasty spicy food at reasonable prices. Includes Indian and Chinese options.

S
1

4/5

0

Sanjith

Excellent food and best service. The price is little high.

C
1

5/5

0

clyde_jcc

Very tasty spicy food at reasonable prices. Includes Indian and Chinese options.

See 8 Comments