52, Poorwarama RoadNugegoda, Sri Lanka
Open until 10:00 PM
Authentic Sri Lankan cuisine just the way we like it; spicy and filling!
ඉස්සර වගේ නෙවෙයි, දැන්දැන් නුගේගොඩ පැත්තේ හරිහරියට රෙස්ටෝරන්ට්. ලෝකල් ඒවා විතරක් නෙවෙයි, ඉන්ටර්නැෂනල් ඒවත්. මේ ළඟකදී බර්ගර් කිංග් එකකුත් පටන්ගත්තේ. හැබැයි ඔය මොන ඒරොප්පේ දේවල් තිබුණත්, සමහර වෙලාවට අපේ රසට හරියන බත් කටක් තරම් වෙන කිසි දෙයක් හරියන්නේ නැහැ. ඉතින් නුගේගොඩ බත් කඩ හොයාගෙන යන ගමනේදී අපට මුණගැහිච්ච තවත් තැනක් ගැන කියන්නයි මේ ලෑස්තිය. මේකේ නම ස්පයිස් ඇන්ඩ් කරි.
දන්නවනේ නුගේගොඩ පූර්වාරාම පාර? ඔය රේල් පාර අයිනෙන් යන්නේ. ස්පයිස් ඇන්ඩ් කරි එක තියෙන්නේ ඔය පාරේ. මේක තට්ටු දෙකකට හදපු ඉඩකඩ එහෙම හොඳට තියෙන තැනක්. විසි තිස්දෙනෙක්ට කිසි අවුලක් නැතුව ඉඳගෙන කෑම ගන්න ඇහැකි. ඒසී එහෙම නම් නැහැ. හැබැයි ෆෑන් එකක් දාගත්ත ම රස්නේ ගතිය එහෙමට දැනෙන්නේ නැහැ.
අපි මෙතැනට ගොඩවුණේ දවල් කෑමකට. ඒ නිසා තිබුණේ බත් ජාති විතරයි. ෆ්රයිඩ් රයිස්, ලම්ප්රයිස්, රයිස් ඇන්ඩ් කරි වර්ග තියෙන මැටි හට්ටි මුට්ටි පිරිවරාගත්ත මේසයක් කඩේ කෙළවරක තියෙනවා. ඒ කිට්ටුවට යද්දී අපි දෙන්නගේ ම බඩගින්න වැඩිවුණේ ඉබේට ම. රයිස් ඇන්ඩ් කරි ගනිද්දී රතු හෝ සුදු බත් එක්ක එළවළු කරි පහකුයි, මස්, මාළු දෙකෙන් එකකුයි ගන්න පුළුවන්. දිනිති මාළු දාපු රතු බතක් (රු.300) ගත්ත අතරේ, මං ඕඩර් කළා ෆ්රයිඩ් රයිස් (රු.500) එකක්. ටේක් අවේ ගන්නේ නැත්තන්, ඔය ගෙදර කෑම බෙදලා දෙනවා වගේ තසිම්වල කරි ටික දාලා තමයි කෑම එක පිළිගන්වෙන්නේ. ඊටපස්සේ අපට කැමති හැටියටකට බෙදාගෙන කන්න ඇහැකි.
කොහොමද බත් පිඟානේ හැඩ? ලස්සනයිනේ? කාල ම බලමුකෝ එහෙනම්. මේ රතු බතේ කරි විදියට තිබුණේ පරිප්පු, කෙසෙල් මුව, පොල් සම්බෝල, මැල්ලුම් සහ මාළු ඇඹුල් තියල්. බත නම් අවුල්. ඒක අපට ෆ්රයිඩ් රයිස් එකෙනුත් දැනුණා. ටිකක් ලාබ බතක් වගෙයි. හෙන රළුයි සහ වේලුණු ගතියයි. පරිප්පු හොද්ද නම් පංකාදුයි. කිරි රස හොඳ හැටි තිබුණා. මැල්ලුමක් අවුලක් නැහැ. හරි ම ෆ්රෙෂ්.
හැබැයි ඔය සේරට ම වඩා කෙසෙල් මුව එකේ රස තමයි අපට වැඩියෙන් ම අල්ලලා ගියේ. ඇත්තමයි කාලෙකට පස්සේ කෑව හොඳ ම එකක්. ලොකුවට තෙල් ගතියකුත් නැහැ. තුනපහ, කුළුබඩු රස හොඳට ගළපලා. ඒ විතරක්යැ, ඇඹුල් තියල් එකත් නියමයිනේ. හොඳට ලුණු ඇඹුල් එක්කාසු වෙච්ච රස අඩුවක් නැතුව මේකෙන් ආවා. අනික තඩි ම තඩි මාළු කෑල්ලක්නෙ. බත් බුසලක් වුණත් දෙසාබාන්න පුළුවන් මේකත් එක්ක. පපඩම්, බැදපු මිරිස් කරලුයි එක්ක අනලා ගත්ත ම තවත් මරු.
දැන් කියන්නම්කො ෆ්රයිඩ් රයිස් එක ගැන. කිව්වත් වගේ බත අවුල්. පොඩ්ඩක්වත් සීසනින් කරලා නැහැනේ. අනික ෆ්රයිඩ් රයිස්වල තියෙන්න ඕනේ තෙල් ගතියවත් තිබුණේ නැහැ. එළවළු මික්ස් වෙලා තිබුණෙත් ළාවට. හැබැයි චිකන් එක හොඳයි. රසට ඩෙවිල් කරලා තිබුණා. කෑව හොඳ ම ඩෙවිල්ඩ් එකක් නොවුණත් මේකත් අවුලක් නැහැ. බිත්තරෙත් වටේ ෆ්රයි කරලා ආවේ. ඒකත් නියමයි. ඔය මොනවා වුණත් අපේ හිත ගියේ මේ චොප්සි එකට. ළාවට අමු ගතියට තියෙන්න හදලා තිබුණු මේකේ කැරට්, බෝංචිවලින් ආවේ හරි ම ෆ්රෙෂ් ගතියක්. ඒ නිසා මේ බතට එකතුවෙලා එද්දී හුඟක් රසයි.
තිබහ යන්නත් එක්ක අපි දෙන්නා පැණි කොමඩු ජූස් (රු.150) එකකුයි, දොඩම් ජූස් (රු.200) එකකුයි ඕඩර් කළා. හප්පටසිරි! මේවනෙ ජූස්. පුදුම රිෆ්රෙෂින්. අර සමහර තැන්වල වගේ වතුර රස මකලා දාන්න සීනි පුරවපු බීමත් නෙවෙයි. අලුත් පලතුරුවලින් හදපුවා. ස්වාභාවික රස බීම වීදුරු දෙකෙන් ම ආවා. මං හිතන්නේ ජූස් කඩේකින්වත් බීලා නෑ මේ තරම් රස ෆෘට් ජූස්.
සේරම කාලා බීලා ඉවරවෙලා අපි බැලුවේ ඩෙසර්ට්වලට මොනවද තියෙන්නේ කියලයි. එතකොට තමයි සේවක මිත්රයෙක් කිව්වේ කැරමල් පුඩින් සහ වටලප්පන් තියෙනවා’ය කියල. ඉතින් අපි කැරමල් පුඩිමක් (රු.200) ගෙන්නගත්තා.
වැඩේ කියන්නේ මේ පුඩිම එවෙලේ ම හදපු එකක් කියන්නකෝ. සීතල පොඩ්ඩක්වත් නෑ. රස්නෙට තිබුණා. කැරමල් රස හොඳට තිබුණත්, මේකේ ටිකක් මෘදු ගතිය වැඩියි. හැබැයි ෆ්රිජ් එකේ දාලා ගත්තා නම් මීට වඩා රස වැඩියෙන් දැනෙන්න තිබුණා.
ස්පයිස් ඇන්ඩ් කරි එකේ සර්විස් එක ගොඩක් හොඳයි. දවල් වරුව නිසා වැඩිපුර ම වෙන්නේ ටේක් අවේ බව තමයි පේන්න තිබුණේ. කොහොම වුණත් අපේ කෑමබීම ටික මේසෙට එන්න ගතවුණේ මිනිත්තු 10කටත් වඩා අඩු කාලයක්. සේවක මිත්රයිනුත් බොහොම සුහදශීලියි.
නුගේගොඩ පැත්තෙන් යන වෙලාවක අපේ තාලේ රසට බත් කටක් කන්න ඕනේ නම්, මේකත් හොඳ තැනක්. ගණන් හිලව් තරමක් වැඩියි වගේ. හැබැයි රස හොඳයිනේ. අනික හවස් වරුවක් අල්ලලා ගියොත් උණු උණු ආප්ප වගේ දේවලුත් ගන්න ඇහැකි.
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
හීනියට ලියල බැදපු…
What a Unique place? Every thing is perfect. If its…
3/5
Despite the high price point, they used to be arguably the best rice and curry spot in the town. But things seem to be going downhill fast since few months ago. The verity of curries has been shrunk and I guess now they have stopped serving complimentary Pol Sambola (and Papadam if it's just one person). I mean, if you spend 450+ for a plate of rice and curry, you'd expect something beyond just marely ok, right?
5/5
Place down the road from where I live and the place I would go to have a nice Sri Lankan meal. From the rice and curry served at lunch to the usual Sri Lankan mains for dinner , Spice and Curry does not disappoint. The fact that they are sold out on a Friday / Saturday is evidence on the quality of food. Service too is great and the stewards there are very attentive. Portions are large so go there hungry 😀
You should review "Niyambalawa" located in Malabe, Athurugiriya Road. That's one awesome place for Sri Lankan food. One of the few places which is opened for both lunch and dinner with normal rice and curry. They have lots of varieties to pick and types of curry change daily, two different types of rice always. They have not only rice but also other food as well (string hoppers,pittu, roti and even friend rice). Nice ambience, More importantly lots of things to review therefore it's perfect for you guys. I'm a huge fan of the place and their food.
3/5
Chandana YAMU STAFF
Despite the high price point, they used to be arguably the best rice and curry spot in the town. But things seem to be going downhill fast since few months ago. The verity of curries has been shrunk and I guess now they have stopped serving complimentary Pol Sambola (and Papadam if it's just one person). I mean, if you spend 450+ for a plate of rice and curry, you'd expect something beyond just marely ok, right?
1/5
Amilaku
Menu is not balance and they have selected menu which is not reasonable price.
5/5
Sanjeewa Dasanayaka
Place down the road from where I live and the place I would go to have a nice Sri Lankan meal. From the rice and curry served at lunch to the usual Sri Lankan mains for dinner , Spice and Curry does not disappoint. The fact that they are sold out on a Friday / Saturday is evidence on the quality of food. Service too is great and the stewards there are very attentive. Portions are large so go there hungry 😀