Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

5/5

Spice & Curry

52, Poorwarama RoadNugegoda, Sri Lanka

Get it delivered on Pickme Food

Authentic Sri Lankan cuisine just the way we like it; spicy and filling!

බත් කඩ හැමතැනම වැඩි වැහැලා තිබුණට ගොඩක් තැන්වල  හැමදාම තියෙන්නෙ එකම රහට එකම කරි ටික. හැබැයි ස්පයිස් ඇන්ඩ් කරි එක පොඩ්ඩක් වෙනස්.

තැන

නුගේගොඩ රේල් පාරත් එක්ක තියෙන පූර්වාරාම පාරෙ තමයි ස්පයිස් ඇන්ඩ් කරි එක තියෙන්නෙ. ඒසී නැතත් ඇතුළෙ ලොකුවට ඉඩ තියෙන නිසා වැඩි රස්නයක් එහෙම නෑ.  පාකිංවලට එහෙමත් හොඳට ඉඩ තියෙනවා.

කෑම

ගොඩක් තැන්වල පොඩි පොල්අතු කෑල්ලක් එල්ලලා “ගමේ කෑම” කියල බෝඩ් එකක් ගහලා තිබුණට තියෙන්න අපි හැමදාම කන අලයි පරිප්පුයි තමයි. හැබැයි මෙතන තෝරාගන්න තියෙන කරි පහළොව, විස්ස අතරින් හැමදාම වගේ අඩු ගානේ කරි එකක් දෙකක්වත් තියෙනවා අපට නිතර හම්බවෙන්න නැති. ඉතිං රතු බත් එකට (රු. 400) චිකනුයි, පොළොසුයි, වට්ටක්කයි, කලවම් සලාදෙකුයි එක්ක අපි බෙදාගත්තා අල කොළ මාළුවකුත්.වට්ටක්කා එක නම් බැදපු පොල් එහෙම දාලා මරුවටම හදලා තිබුණා. චිකන් එකටත් හොඳට මිරිස් තුනපහ වැටිලා. හැබැයි පොලොස් එක නම් ගමේ විදියට රතුවට හදපු පො‌ලොස් ඇඹුලක් නෙවෙයි, මිරිස් තුනපහ දාලා හදපු පො‌ලොස් කරියක්. අපට හම්බවුණේ හට්ටියේ අනිත්මට ඉතුරුවෙලා තිබ්බ පො‌ලොස් ටික නිසාද කොහෙද මිරිස් තුනපහ රහ පොඩ්ඩක් වැඩියි. දඹල, ලූනු, අන්නාසි එහෙම දාලා හදල තිබුණ සලාදෙත් හොඳට තිබුණා. හැබැයි මේ ඔක්කොටම වඩා ඇඬෙන්න ම දීලා තිබුණේ අල කොළ මාළුව. ලුණු ඇඹුල් ගානට දාලා හොඳට පොඩිවෙන්න උයලා; මතක ඇති කාලෙක ගෙදරදිවත් කාලා නෑ එහෙම අල කොළ මාළුවක්!

බත් එකත් එක්ක පොල් සම්බෝල, බැදපු මිරිස්, පපඩම් පුරවපු දීසියකුත් හම්බවෙනවා. ඉස්සර නම් ඕකේ බැදපු කීරමින් එහෙමත් තිබුණා.

මේගොල්ලන්ගෙ බිරියානි (රු. 500) එක ඔරිජිනල් ඉන්දියන් එකම නොවුණත්, ලංකාවේ ගොඩක් තැන්වල තියෙන ශ්‍රී ලංකන් ‘බුරියානිමත්’ නෙවෙයි. මේක නිකං පොඩි හයිබ්‍රිඩ් වර්ෂන් එකක් වගේ එකක්. මසාලා රස පොඩ්ඩක් විතර අඩු වුණත් බාස්මතී බිරියානි රයිස් එක ඉන්දියන් රහට හදලා තිබුණා. හැබැයි ඒකත් එක්ක ශ්‍රී ලංකන් බුරියානි එකක වගේ රෝස්ට් චිකන් කෑල්ලකුයි, තම්බලා බැදපු බිත්තරේකුයිත්, එනවා. රයිතා එකට අමතර ව මැලේ අච්චාරු විතරක් නෙවෙයි, පොඩි ලුණුදෙහි කෑල්ලකුත් එනවා!

සාමාන්‍යයෙන් අපි මීට කලින් අහල දැකල නැති වුණත් මේ බිරියානි එකත් එක්ක ලුණුදෙහි එක නියමෙට සෙට්වෙනවා.

බොන්න ලයිම් ජූස් එකක් ගන්න ගියාම ඒගොල්ලො ඇහුවා (වර්ජින්) ලයිම් මොහිතෝ (රු. 450) එකක් ම දෙන්නද කියලා. ඒත් සාමාන්‍ය බත් කඩේකින් මේ මට්ටමේ මොහෙිතෝ එකක් නම් අපි කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. නිල් පාට වෙන්න කුරසෝවා සිරපුත් දාලා. මින්චි කොළ වැඩිය පේන්න නොතිබුණාට මින්ට් රසයි දෙහි රසයි ගානට. ස්පාක්ලිං වෝටර්ද කොහෙද දාලා තියෙන හින්දා හරිම ක්‍රිස්ප්. හැබැයි ඉතිං බත් එකට වඩා ගණං මොහිතෝ එක.

කිරිපැණි එකත් රහයි. පැණි එක එහෙම මාර උකුයි. හැබැයි ඉතිං කඩේ රුපියල් 50-60ට තියෙන කිරි හට්ටියකට රු. 200ක් ගන්න එක නම් මහ දවල් මංකොල්ලයක්.

සර්විස් එක

මෙතන සාමාන්‍ය බත් කඩේකට වඩා ටිකක් පොෂ්. අපට ඕන කරි ජාති හතර කීවට පස්සෙ බත් එක බෙදලා මේසෙට ම ගෙනත් දෙනවා, අර පපඩම්, පොල් සම්බෝල, බැදපු මිරිස් තියෙන දීසියත් එක්ක ම. බිසී වෙලාවට පොඩ්ඩක් වෙලා යන්න පුළුවන් වුණාට සර්විස් එකේ කියන්න තරම් වරදක් නෑ.

අවසාන වශයෙන්

ගාණ පොඩ්ඩක් වැඩි වුණාට කොළඹ දි නිතර හම්බ නොවෙන ගමේ ගොඩේ කෑම ජාතිත් එක්ක රහට බත් ටිකක් කන්න ඕන නම් යන්න ඕන තැනක්.

TIP

Go for their rice and curry. Much better than anything else.

Similar Places

User Reviews
Avatar for Chandana
2

3/5

0

Chandana YAMU STAFF

Despite the high price point, they used to be arguably the best rice and curry spot in the town. But things seem to be going downhill fast since few months ago. The verity of curries has been shrunk and I guess now they have stopped serving complimentary Pol Sambola (and Papadam if it's just one person). I mean, if you spend 450+ for a plate of rice and curry, you'd expect something beyond just marely ok, right?

A
1

1/5

0

Amilaku

Menu is not balance and they have selected menu which is not reasonable price.

S
1

5/5

0

Sanjeewa Dasanayaka

Place down the road from where I live and the place I would go to have a nice Sri Lankan meal. From the rice and curry served at lunch to the usual Sri Lankan mains for dinner , Spice and Curry does not disappoint. The fact that they are sold out on a Friday / Saturday is evidence on the quality of food. Service too is great and the stewards there are very attentive. Portions are large so go there hungry 😀

D
1

5/5

0

DimuthuSL

awesome place people!

See 6 Comments