Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

5/5

Spinner

479, Thalawatugoda Road, Kibulawela, Madiwela

Formed by cyclists for the fitfam!

හත්වලාමෙ දැක්කමයි මෙහෙමත් කඩයක්! පදින්න බයිසිකලයක් දීලා, ඒක පැදලා හති දාගෙන ආවට පස්සෙ බඩ කට පිරෙන්න කන්න බොන්නත් දෙනව කියන්නකො.

ඇත්තටම සුපිරි වැඩේ. කාගෙ වුණත් හොඳ අදහසක්. විශේෂයෙන්ම අපේ බඩ තඩි උන්දලැට එහෙම සෑහෙන්න වටිනව. ලස්සනට ඇඟ පත හදා ගන්න ආස වුණත් උදේ පාන්දර නැගිටල ජිම් යන්න කම්මැලි අයට කිඹුලාවළ ස්පිනර් එක කියන්නෙ ධන නිධානයක් වගේ තමයි. මොකද ජිම් යන්න ඕන කරන කිසිම ගැජමැටික් එකක්, ස්පිනර් යන්න ඕන කරන්නෙ නෑනෙ. නිකම් ෂෝටකුයි, තියෙනව නම් සපත්තු දෙකකුයි දාගත්තා, උදේ 6 වෙද්දි එතනට ගියා, උසේ හැටියට බයිසකලයක් තෝර ගත්තා, හිතේ හැටියට, දාඩිය දානකම් පදින්නයි තියෙන්නෙ.

ඊට පස්සේ…

හිමින් සැරේ පාගල ආපහු එන්න ස්පිනර් එකට. කිව්වට විශ්වාස කරන්න යාලු ගෙදර වගේ සර්විස් එක. මූණ කට හෝදගෙන එළියෙ තියෙන බංකුවකින් වාඩි වෙනවත් හරි ලස්සන ගෑණු ළමයෙක් ඒවි,

“හායි, ගුඩ් මෝර්නින්ග්… වට් ඩූ යූ ලයික් ටු හෑව්” කියල. ඒ විතරක් නෙවෙයි, ලොකු මෙනුවකුත් දෙනව අතට.

හරි හරි, දැන් ඒ සීන් එක ඉවරයි. මම කියන්න යන්නෙ බයිසිකල් නොපැද, මමයි දේශානියි ස්පිනර් ගිහින් කරපු වැඩේ ගැන.

සිද්ධිය වුණේ මේකනෙ. ඇත්තටම උදේ කෑමකට තියා දවල් කෑමකටවත් කාලෙකින් එළියට ගියේ නැති නිසා, මට හිතුණා ඔෆිස් යන ගමන් හරි, කොහේ හරි කඩේකින් බඩ කට පිරෙන්න කාලා යන්න ඕන කියල. ඉතින් උදෙන්ම ගැහුවා දේශානිට කෝල් එකක්. බැලුවාම එයත් ගෙදර. ආයෙ බල බල ඉන්න දෙයක් නෑනෙ. දැම්මා පික් මි එකක්. ගියා හෙමින් සැරේ කාලෙක ඉඳන් මීටරේ තිබුනු සිපිනර් එකටම.

ඔය අතරෙ පොඩි සවුත්තු සිද්ධියකුත් වුණා. ස්පිනර් එකේ වටේටම වීදුරු නිසා දොර හොයා ගන්න බෑ. තව පොඩ්ඩනේ කුස්සියෙ දොරෙන් ඇතුලට යනව. වෙලාවට අපිත් එක්කම වගේ ගියපු කෙනෙක් තාප්පෙ පැත්තෙ තිබ්බ දොරකින් ඇතුලට ගියේ.

“ඒ, ආන් අරහෙන් බං එන්ට්‍රන්ස්. යමං යමං”

මම දේශානිට කිව්වෙ නැත්නම් එයත් කුස්සියට තමයි.

කොහොම හරි නෝන්ඩි නැති ගාණට ඇතුලට ගියපු අපි දෙන්න අයිනක් අල්ලල වාඩි වුණා. වාඩි වෙලා එක තප්පරයක් යන්න හම්බවුණේ නෑ, මෙන්න බොලේ ලස්සන හිනාවක් එක්ක අර සුහදශීලි සේවිකාව අපේ මේසෙ ලඟ. නිකම් නෙවෙයි, මෙනුවකුත් එක්ක.

කොහොම හරි කෑම තෝරන්න අපිට විනාඩි 5ක් විතර යන්න ඇති. මම ඉතින් ගොඩේ මනුස්සය නිසා මඤ්ඤොක්කා එකකුයි (රු. 150), කොළ කැඳ වීදුරුවකුයි (රු. 70) තමයි ඕඩර් කලේ. ඒකට බලන්න එපැයි දේශානි, හැම්, චීස්, චිකන් රොටි සැන්ඩිවිච් එකකුයි (රු. 300) කැෆේ ලටේ එකකුයි (රු. 360).

කිව්වටත් කලින් කෑම ටික මේසෙට ආපු එක ගැන නම් අපිට සෑහෙන්න සන්තෝසයි. ඒකත් ඉස්සෙල්ලම ආවෙ මගේ කොළ කැඳ එකයි, මඤ්ඤොක්කා එකයි. කෑම තියාගෙන බල බල ඉන්න පුරුද්දක් මට නෑනෙ. ඉතින් සෙනිකවම ගත්තා මඤ්ඤොක්කා කෑල්ලක් අතට.

ෂහ්, ටොප්නෙ. ලුණු මිරිස නම් නියමම ගාණට. කටට සැරට, ලූණු ගෙඩියක් එහෙම දාලා, මගෙ හිතේ මිරිස් ගලේ අඹරල නිසා වෙන්න ඕන ඒ තරම් රස. තව ඉතින් උම්බලකඩ කෑල්ලක් එහෙමත් වැටුන නම් පංකාදු පහයි. මඤ්ඤොක්කා එකත් පෙති කපල තමයි තම්බල තියෙන්නෙ. කොටින්ම කියනව නම් හැන්දෙන් වුණත් කන්න පුලුවන්. කහ චුට්ටක් එහෙමත් දාලා හදල නිසා රස වගේම පාටත් මරු.

කොළ කැඳ එක ඊටත් එහා. ලුණු චුට්ටක් දාලා ගත්තාම පංකාදු පහයි. එකම අවුල තිබ්බෙ චූට්ටක් විතර දියාරු ගතිය වැඩි එක තමයි. ඒකත් ගෙදර හදද්දි දානව වගේ බත් තොගයක් නොදාන නිසාද කොහෙද. ගොටුකොළ, හාතවාරිය එක්ක තව කොළ වර්ග 2ක් දාලා හදපු මේ කොළ කැඳ එකේ ගුණ නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි මතක තියා ගන්න කොළ කැඳ එකත් එක්ක හකුරු කෑල්ලක් ඉල්ල ගන්න. මොකද හතුරුත් එක්ක, ඒක මාර ගති.

ලටේ නම් මොනවද, ඔය කැෆේ වලත් තියෙන්නෙ. හැබැයි මෙයාලගෙ ලටේ එක එහෙම නෑ. ඔය එක එක කැෆේවල තියෙනව වගේ නෙවෙයි. කිරි වගේම කෝපි රසත් ගාණට. ඒකත් කෝපි රස චුට්ටක් වැඩියෙන් එන්න දාලා තියෙන නිසා කිරි රස මැද්දෙන් එන ලා තිත්ත ගතියෙ අමුතුම ගැම්මක් තියෙනව. අනික, උණු උණුවෙ මේසෙට එන නිසා රස කර කර බොන්නත් පුලුවන්නෙ.

අපි ගත්ත කෑම අතරින් රසම එක තමයි අන්තිමට කියන්න තියාගත්තෙ. මොකද එතකොටනෙ ගතිය තියෙන්නෙ. ‘චීස්, හැම්, චිකන් රොටි සැන්ඩ්විච්’. හරි අමුතුයි නේ. නම දිග වැඩියි නේ. ඒ වගේම තමයි මේකෙ රසත්, දිගින් දිගටම මතක හිටින ගතියක් තියෙන්නෙ. මොකද මේ රොටි සැන්ඩ්විච් වෙන කොහෙන්වත් ගන්න නෑනෙ. අනික ඒකෙ දාලා තියෙන දේවල්! හිතන්නකො උණු උණු රොටි දෙකක් මැද්දට කටට සැරට ලූණු, අමුමිරිස් දාලා, තෙල් දාපු චිකන් තට්ටුවක් අතුරල, ඊට උඩින් හැම් පෙත්තක් තියල, ඒකටත් උඩින් චීස් පෙත්තකුත් තියල මේසෙට එද්දි. මතක් වෙද්දිත් කටට කෙල උනනව.

කොහොම හරි ඒ ටික කාලා ඉවර වෙද්දි ඉතින් දෙන්නට හරි. අන්තිමට දේශානි රොටි කාලක් විතර ඉතුරු කලත් එක්ක. මොනව කරන්නද, තැන හොඳයි කියල පැය ගණන් ඉන්න බෑනෙ. රාජකාරි වැඩත් තියෙන නිසා විනාඩි 5ක් විතර ඉඳල කාපුව බැස්සට පස්සෙ ආපහු ආවා. හැබැයි අනිවා, අයෙත් දවසක ඩිනර් එකට නම් යන්න ඕනමයි!

TIP

Go for their signature Roti Sandwiches.

Address

479, Thalawatugoda Road, Kibulawela, Madiwela

Directions

Near Kibulawela bus stop, opposite Perera and Sons.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

French Italian Sri Lankan

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Eggs Sandwiches Roti

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4

Similar Places

User Reviews
G
1

1/5

1

Grifter

We dropped in day before yesterday (17th of Jan,2020) and ordered a kottu with some rotti sandwich, to my complete surprise after eating half of the rotti, my fiance pointed out two live worms in the rotti wiggling in the sprats filling. When I took the dish out to the cashier and pointed it out they just apologized saying that it could not have happened as it was just made today and they were sorry that it happened and continuously apologized and I thank them for that.  I asked for Yasas Hewages Number to contact him immediately to report this unfortunate incident but the so called Manager who was in charge just took down my number saying that he was not available in the premises but will surely make him call me back, but unfortunately has not got back to me as yet. I recommended this place to all of my friends for the past two years, but would not do so in future. worst experience ever as it embarrassed me and made my fiance sick for a complete day. Mr. Yasas Hewage. I expected better experience and service from this establishment of yours, I am completely disappointed and disheartened. 

See 4 Comments