Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TEMP_sidebar Artwork for TSING TAO sidebar banner 2

5/5

Spinner

479, Thalawatugoda Road, Kibulawela, Madiwela

Formed by cyclists for the fitfam!

යන්නෙ කොහෙද, මල්ලෙ පොල් වගේ වැඩක්නෙ වුණේ. ඒකත් හරිම, හිතට දුක දනවන කාරණාවකුත් එක්කමයි!

ඔන්න පහුගිය දවසක විශ්වියි මායි ප්ලෑන් කළානෙ නුගේගොඩ පැත්තෙ, හැන්දෑවට හැන්දෑවට කරගෙන යන බාබකියු ප්ලේස් එකකට ගොඩවෙන්න. එහෙම ප්ලෑන් කරල ඉතින් දෙන්නත් එක්ක ගියා සතියෙ දවසක් ම අල්ලල. අයියෝ... ඒ යද්දිනෙ, ධාරානිපාත වැස්සත් එක්ක නිසාද මන්ද එතන වහල.

“දැන් මොකද කරන්නේ?” කියල දෙන්න කල්පනා කළෙත් එළියට බැහැලමයි. ම්... ගියපු වාහනෙත් පිටත් කරල ඉස්ඉස්සෙල්ලාම ගොඩවුණා අපි කඩයක් අයිනකට. ගොඩවෙලා... ගෙදර යන්නත් කල්පනා කරලා... ඒත් නිකමට වගේ ආයෙත් හිතුව, වෙන තැනකින් හරි කාලා යනව කියල. කොහොමහරි ඒ හිතපු එකෙන් තමයි අපේ ගමනාන්තය ඇත්තට ම හොඳ පැත්තට බර වුණේ.

හෙමින් සැරේ දාගත්ත පික්මියෙන් දෙන්න කෙළීන්ම කිඹුලාවල හංදියෙ ‘ස්පිනර්’ කැෆේ එකට. යද්දිත් ළා පොද වැස්ස නම් එහෙම්මමයි. ඒ නිසාම බැහැපු ගමන්... දූවල ගිහින් ඇතුළට!

“හ්ම්… වැඩිය කට්ටියත් නෑ ආ... නියම වෙලාවට සෙට්වුණේ” වචනෙ දාලා විශ්වි කෙළින්ම කැෂියර් එක ලඟට. ගිහිල්ල හිටං මෙනුව අරගෙන කෑම තෝරනව. මාත් ඉතින් බෑග්මලු ටික ස්ථානගත කරල ගියා ඒ පැත්තට. 

“ඒහ්... මොනෑයි ගන්නෙ?”

“ම්... මඤ්ඤොක්කා කොත්තුවක් වගේ, චිකන් එකක්!” මෙනුව දෙතුන් පාරක් එපිට මෙපිට පෙරළපු මම සනික වචනෙ දුන්න.

“ඒනං මං ගන්නව හාල්මැස්සො රොටි සැන්ඩ්විච් එකයි බොන්න... පලතුරු බූස්ටින්ග් ඩ්‍රින්ක් එකකුයි”

“හා... ඒක හොඳයි. ඒනං මට ගන්නකො ලටේ එකක්. අපි.. ඩෙසට් එකට බ්‍රවුනි එකකුත් ගමුද?”

“ඒ... නියම අදහස ඈ. මට ඒක අමතක වුණා කියන්නකො. ගමු ගමු අනිවා ගමු”

හිතේ හැටියට කෑම ටික ඕඩර් කරපු අපි හෙමිහිට ඇවිත්, උස මේසෙකින් වාඩිවුණා. වාඩිවෙලා... මුලපිරුවෙ පුංචි පුංචිවල්පල් කතාබහකට. මොකද ඉතින් කෑම ටික එනකම් කරන්න දෙයක් තියෙන්නත් එපැයිනෙ.

ඒත්... හිතුවට වඩා ඉක්මනට, ආවෙ ඔය කෑම ටික මේසෙට. ඒකත් හොඳ උණු උණුවට, සුවඳ ගගහ... ෂප්පේ... බලන්න එපැයි, කටට කෙළ උනන්නෙ තප්පරේට දෙකට.

ආයෙ ඉතින් බල බල ඉන්න දෙයක් තියෙයි. ගත්ත අනික් පැත්තට මම කොත්තුවෙ, විශ්වි රොටියෙ.

විනාඩිය දෙක යනවා... ම්හ්! එකෙක් නෑ කියන්නකො කතාබහක්. මාත් ඔළුව පහත් කරගත්ත ගැම්මට, එක දිගට. විශ්විත් ඇර නොතියා... වටපිට බලබල වුණාට, වැඩේ යනව ඇඹරුම්හලේ ගාණට.

අවංකයෙන් ම යාළු! කෑම ටික රසයි කියන්නේ... පංකාදු පහයි ආයෙ, රම්පෙට පොරි වගේ. ඒ නිසාමයි, දෙන්න තක්කුමුක්කු වෙලා කාගෙන කාගෙන යන කෑමකට සෙට්වුණේ. ඇයි ඉතින් පදමටම තැම්බිච්ච මඤ්ඤොක්කාවලට කොච්චි, කෑලි මිරිස්, චිකන් හොදි, කැරට්, ලීක්ස් ටිකකුත් දාලා පදමට තාච්චියෙ කරකරල කරියට හදපු චිකන් කෑල්ලකුත් උඩින් ම තියල ආවාම?

හප්පෝ... කතහැකි කියන්නේ, උගුරෙන් පල්ලෙහාට යනව විතරයි. අනික සැරත් අපිට හරියන ම ගානටනෙ.

ඊට දෙවනි නැති හාල්මැස්සො රොටියත්. යාළු ඒක අර ගමේ විදියට හදල තියෙන්නෙ හොඳේ. හොඳ හැටි ලූණු කරවෙන්න, හාල්මැස්සොත් බැදල ලාවට හයිය තියෙන්න, අමුමිරිස් කෑලිමිරිසුත් දාලා හොඳ පදමට.. හිතන්නකො උණු උණු පොල්රොටි  දෙකක් මැද්දට සෙට්වෙලා එද්දි? 

තලුමැරෙන්නෙ ඉතින් ඉබේටම.

වැඩේ කියන්නෙ, අපි ගත්ත බීම ටිකත් සෙට්වුණානෙ ඒ සැරට තක්කෙටම කැපෙන්න. විශ්විගෙ බූස්ටින්ග් ඩ්‍රින්ක් එකේ එහෙම, මික්ස්ෆෘට් රසයි, කූල් ගතියයි, ලා පැණිරසයිත් එක්ක... මාර ම මාරයි.

ඊටත්... මගේ ලටේ එක එහෙම! වැඩිය ඕන නෑ. ඒක නම් ඇත්තට ලටේ. යටට හොඳ චොකලට් තට්ටුවකුත් දාලා, කොලිටි කෝපි එක්ක කිරිත් ගාණටම වගේ උඩින් දාලා... ෂැහ්, කලවම් කරල ගත්තා...

ගත්ත ගත්තමයි ඉතින්. කටේ සැරත් එක්ක ඒක ගියපු වේගෙ හිතාගන්නත් බැරි තරම්.

ඔක්කොමත් හරි, බඩ පැලෙන්න කාලා ඉඳිද්දි ආවනෙ අපේ ඩෙසට් එකත්!

එච්චරයි ඉතින්, පොඩි වුණාට හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන්න වගේ... ඒ පුංචිම පුංචි බ්‍රවුනි පීස් එකත්, මයික්‍රොවේව් එකට දාලා අරගෙන... චොකලට් හොඳහැටි මෙ‌ළෙක්වෙලා නිසා... කටේ ඇලි ඇලි කන්න තියෙන්නෙ. 

ඇත්තටම ඒකත් කෑවට පස්සෙ තමයි අපිට තේරුනේ, ඇයි මෙයාලා බයිසිකලුත් තියල තියෙන්නෙ නිකම් හරි අරගෙන පදින්න කියල.

මේ තරම් රස කෑම දීලා... නිකම් ම ගෙදර යවන්න පුළුවන්ද? ගෙම්බෙ පොළවෙ ගැහුව වගේ ගිහිල්ල කට්ටියට නිදාගන්න. තනිකරම ලෙඩනෙ යාළු. හොඳම වැඩේ තමයි ටිකක් ඉඳල බයිසිකලයකුත් පැදල ම යන එක, හ්ම්... ඒකයි ඒ!

TIP

Go for their signature Roti Sandwiches.

Address

479, Thalawatugoda Road, Kibulawela, Madiwela

Directions

Near Kibulawela bus stop, opposite Perera and Sons.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

French Italian Sri Lankan

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Eggs Sandwiches Roti

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
User Reviews
G
1

1/5

1

Grifter

We dropped in day before yesterday (17th of Jan,2020) and ordered a kottu with some rotti sandwich, to my complete surprise after eating half of the rotti, my fiance pointed out two live worms in the rotti wiggling in the sprats filling. When I took the dish out to the cashier and pointed it out they just apologized saying that it could not have happened as it was just made today and they were sorry that it happened and continuously apologized and I thank them for that.  I asked for Yasas Hewages Number to contact him immediately to report this unfortunate incident but the so called Manager who was in charge just took down my number saying that he was not available in the premises but will surely make him call me back, but unfortunately has not got back to me as yet. I recommended this place to all of my friends for the past two years, but would not do so in future. worst experience ever as it embarrassed me and made my fiance sick for a complete day. Mr. Yasas Hewage. I expected better experience and service from this establishment of yours, I am completely disappointed and disheartened. 

See 4 Comments