Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Sponge

347, Galle Road, Colombo 3


Sponge is one of the oldest bakeries in the big city, and one of the biggest. They are still going strong with a quality range of savouries and sweets, and now also lamprais and gourmet sandwiches.



එකදාස් නවසිය අසූ ගණන්වල ඉඳන් කොළඹ පැත්තේ හැමෝට ම රසට හදපු බේකරි කෑම දුන්නු ස්පොන්ජ් එක, අපේ පරණ බේකරි අතරින් එකක්. යන එන ගමන් පොඩි බඩගින්නට ගොඩවෙලා යන්න විතරක් නෙවෙයි, ලොකු බඩගින්නක් නිවාගන්න වුණත් පුළුවන් විදියේ කෑම බීම දැන් ස්පොන්ජ් එකේ තියෙනවා. පහුගිය දවසක මේ පැත්තට ඔළුව දාලා ආව අපේ අත්දැකීම ගැන තමයි මේ කතාව.

තැන

කොල්ලුපිටිය පැත්තෙන් නිතර යන එන කෙනෙක් නම්, ස්පොන්ජ් බේකරිය අමුතු තැනක් නෙවෙයි. මොකද ගාලු පාර අද්දරමනේ තියෙන්නේ. හරියට මේ කිව්වොත් කොල්ලුපිටියේ ACBT කැම්පස් එක ඉස්සරහ.

මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එක පැත්තක කෑම බීමවල ෂෝ කේස් සේරම එක්ක  ලී පුටු මේස එහෙම තියලා තියෙනවා. අනිත් පැත්තේ කැෆේ එකක වගේ සෝෆා. කට්ටියක් එක්ක ගිහින් කනවනම්, මෙතැන තමයි හොඳ. අපිත් මුලින් ගිහින් වාඩිවුණේ එතැන. අනේ! මැස්සෝ වහනවා ඉවරයක් නෑ. ඒ නිසා අපි ලී පුටු මේස තියෙන සයිඩ් එකට ගිහින් ඉඳගත්තා. කලින් තරම් නැතත්, මෙතැනත් මැස්සෝ. ඒ මදිවට රස්නෙයි. දවල් වරුවක් නිසා සූ ගාලා සෙනඟත් එක්ක. බඩගින්න වැඩි නිසා ම, අපි සේරම කරදර ඉවසගෙන හිටියා.

කෑම බීම

අපරාදේ කියන්න බෑ වෙන බේකරිවල වගේ නෙවේ කෑම බීම ජාති තොගයක් තියෙනවා. අපිත් දැම්මා ලොකු ඕඩරයක්. අපි ගත්ත ස්මෝක්ඩ් චිකන් සැන්විච් (රු.440) එක හොඳයි. උඩිනුයි යටිනුයි තියෙන්නේ ciabatta පාන් එක. මේ පාන් එකට නම් මගේ එච්චර කැමැත්තක් නැහැ. මොකද ඒක ටිකක් රළුයි. ඒ වුණාට මැද තියෙන පිරවුමත් එක්ක එද්දී ඒ අවුල් ගතිය මැකිලා යනවා. තඩි ස්මෝක්ඩ් චිකන් කෑලි වගේ ම, ෆ්‍රෙෂ් ගතියට තියෙන තක්කාලි, පිපිඤ්ඤා, අමු මිරිස් එහෙමත් මේකට දාලා තිබුණා. ඒ විතරක්යැ, පීනට් බටරුත්. මේ සේරම ටික එකට හැපෙනකොට මරු.

ස්පොන්ජ් එකේ චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු.440) එක රසයි නම් තමයි. ඒ වුණාට රුපියල් 440ක් කියන්නේ පොඩ්ඩක් ගාණ වැඩියි. හැබැයි මේ බත නියමයි. හොඳ බාස්මතී හාල් සුවඳ තිබුණා. තෙල් ගතියක් තිබුණෙත් ළාවට වගේ. බත් එක වැහෙන්න ඩයිස්ඩ් ටයිප් එකට හදපු රස ඩෙවිල්ඩ් චිකන් කෑලි පහ, හයක් ම දාලා. චොප්සි එකේ එළවලුත් හරි ම ෆ්‍රෙෂ්. හැමතැන ම තියෙනවා වගේ කැරට්, බෝංචි විතරක් නෙවෙයි, බේබි කෝන් එහෙමත් එකතු කරලා තිබුණා.

පැණි රස ජාති ගොඩක් අතරින් අපි තුනක් තෝරගත්තා. ඔය ස්ට්‍රෝබෙරි ඔබ්බලා තියෙන්නේ. ඒ ස්ට්‍රෝබෙරි ටාර්ලට් (රු.280). මේක මේ ලොකු සීන් එකක් තියෙන එකක් එහෙම නෙවෙයි. ටාර්ට් එකක් මැද්දට විපින් ක්‍රීම් පුරවලා, ඊට උඩින් ස්ට්‍රෝබෙරි ඔබ්බලා හදන කෑමක්. හැබැයි පංකාදු පහයි. අහ්! තව දාලා තිබුණා හීනි පෙති කපපු ආමන්ඩ්නුත්. විපින් ක්‍රීම් ගෑවුණු ස්ට්‍රෝබෙරි පෙත්තක් එක්ක මේවත් හපෙනකොට තවත් නියමයි. පැණි රසවලට ඒ හැටි කැමැත්තක් නැති අයට නියම කෑමක් තමයි මේක. මොකද මේකේ පැණි රසක් එන්නේ අර විපින් ක්‍රීම් ටිකෙන් විතරනේ.

ඔය රවුමට තියෙන්නේ වැනිලා මෆින් (රු.90). ඇත්ත ම කිව්වොත් අපි ඉල්ලුවේ චොකලට් මෆින් එකක්. කොහෙද ඉතින්, අපේ කලබලෙත් එක්ක මේක වැනිලද චෝකලට්ද කියලා හොයන්න ඕනේ වග මතක් වුණේ ඒකෙන් කෑල්ලක් කඩලා කටේ දාගත්තට පස්සේ. මේකත් අවුලක් ම නැහැ. මෆින් එක හොඳ ස්පොන්ජි ගතියට තිබුණා. වැනිලා කියන්නේ කොහොමත් මම එච්චර ආස රසක් නෙවෙයි. චොකලට් එක මීට වඩා රස ඇති කියලා අපි හිතනවා.

අපි ඕඩර් කරපු බ්ලූබෙරි චීස්කේක් (රු.340) එක දුන්නු ගාණේ හැටියට නම් පාඩුයි ඈ! රස ගැන අවුලක් කියන්න නැතත්, බලන්නකෝ ඒකෙ පොඩි. මේකේ ටෙක්ස්චර් එක චීස්කේක් එකකට වඩා පුඩිමක් වගේ. හෙන සොෆ්ට්. බිස්කට් බේස් එකත් පොඩ්ඩක් දියාරු වෙලා. උඩ තියෙන බ්ලූබෙරි තට්ටුව ගැන ඒ හැටි වරදක් කියන්න අමාරුයි. මේක ඔය ඔරිජිනල් චීස්කේක් තරම් රස නැහැ. ඒ වුණාට අවුලකුත් නැහැ.

බීම විදියට අපි ගත්තේ ආමන්ඩ් මිල්ක් (රු.360) එකකුයි, කැපුචිනෝ (රු.360) එකකුයි. ආමන්ඩ් මිල්ක් එක අපට හොඳට ම අල්ලලා ගියා. මොකද අනං මනං බොරු සීන් නැතුව ඇත්තට ම ආමන්ඩ් දාලනේ. කැපුචිනෝ එක ශේප්. ලොකු අමුතු රසක් නැහැ. සීනි හැඳි දෙකක් දාගත්ත ම බීගෙන යන්න පුළුවන්.

සර්විස් එක

කිව්වත් වගේ අපි මෙතැනට ගොඩ වෙද්දී ස්පොන්ජ් එක කපලා සෙනඟ. හැබැයි වැඩ කරන අය නම් කඩියෝ වගේ. පටපට ගාලා එහෙට මෙහෙට දුවලා කෑම ටික මේසෙට ගෙනල්ලා දෙනවා.

අවසාන වශයෙන් 

හැමදාම දෙන රෝල්ස් පැටිස් වෙනුවට අලුත් විදියේ ෂෝට් ඊට්ස්, කේක් ජාති ගොඩක් ගන්න පුළුවන් තැනක් විදියට ස්පොන්ජ් එක හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය බේකරිවලට වඩා ගණන් ටිකක් වැඩි බව හැබෑව. ඒ වුණාට රස හොඳයිනේ. අනික මේ කට්ටිය කේටරින් වැඩත් කරනවා. පොඩ්ඩක් මේ ආටිකල් එක කියවලා බලන්නකෝ. අමතර විස්තර එකෙන් බලාගන්න ඇහැකි.


TIP

Great place for maalu paan.

Address

347, Galle Road, Colombo 3

Directions

Sponge is towards the Kollupitiya junction side of Galle Road, opposite Aloe Avenue, Makeen Books and Fab.

Contacts

Website E-Mail Facebook

Report Inaccuracy

Open 7.00AM to 7.30 PM, 8.00AM to 3.00PM on Sundays

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Lamprais Rice And Curry Cakes Sandwiches

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
B
6

5/5

0

BaileyDar

I love this place. I wish they had bigger portions of food though. Once I had a birthday party here and they served yummy short eats. This place will always be one of my fav spots because this is where I came to, on my very first date 4 years ago, after lectures :p

E
1

5/5

0

Elltino

i love the food. their lunch is great, service is good.

B
6

5/5

0

BaileyDar

I love this place. I wish they had bigger portions of food though. Once I had a birthday party here and they served yummy short eats. This place will always be one of my fav spots because this is where I came to, on my very first date 4 years ago, after lectures :p

E
1

5/5

0

Elltino

i love the food. their lunch is great, service is good.

See 21 Comments