Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Sponge

347, Galle Road, Colombo 3


Sponge is one of the oldest bakeries in the big city, and one of the biggest. They are still going strong with a quality range of savouries and sweets, and now also lamprais and gourmet sandwiches.



කොල්ලුපිටියටම යන්නෙ හිතුනෙ ඇයි කියල නම් මට තාම තේරෙන්නෙ නෑ. ඊටත් ඒ හරියෙ ඇති හරි හමන් තැනකුත් නෑ කෑම ටිකක් කන්න. ඔෆිස් එකටත් දුරයි. අනේ මන්දා. මං හිතන්නෙ අරය එන නිසා වෙන්න ඇති.

කොහොමහරි ඉතින් කතාවෙන් කතාව.. විශ්විගෙන්ම තැනකුත් අහගෙන, ඔන්න මම ඇද්ද පික්මියක් දාගෙනම. යනකොට අරයත් එතන කියන්නකො ගානටම.

ඒකත් අවුලක් නෑ, දෙන්න ඇතුලට ගියාමනෙ..

පිස්සු වගේ ඈ..

එක පැත්තක කේක්, අනික් පැත්තෙ ෂෝටීට්ස්, ඉස්සරහ මේන් මීල්ස්, ඩ්‍රින්ක්ස්.. හපෙ හප්පෝ.. එතනම නතරවුනි!

“මෙහ්, කොහෙද බං මේ මාව එක්කගෙන ආවෙ?”

“හෑ..

ඒක තමයි මාත් මේ කල්පනා කලේ. කෑම බීම තියෙනව කිව්වට මෙහෙම කෑම බීම තියෙනව කියල විශ්වි කිව්වෙ නෑනෙ. දැන් මොකද කරන්නෙ. මේවයින් තෝරන්න ගියොත් නම් පුතේ පැයක්වත් යාවි. මම ආයෙ ඔෆිස් එකට යන්නත් ඕන”

“ඒ..හ්, එහෙමයි කියල ඔයා දැන් හදන්නෙ වෙන තැනකට යන්නද. පිස්සු කෙලින්න එපා ඈ..

අර අර.. චීස් කේකුත් තියෙනව. මම ගන්නව ඒවා”

ඈත තියාම පටන් ගත්ත ඔන්න.

“ආ ආ.. ඉන්න ඉන්න. අතනට ගිහිල්ලම බලමු” අරයව, ෂේප් එකේ ගැලපුවෙ ප්‍රධාන කවුන්ටරේ ලඟට. 

ගියා විතරයි යාළු.. සදා අනාථයි!

අහන්නකො, ඕඩරේ ඇවිල්ලා..

“මට්න් බිරියානි එකයි (රු. 720), බේක්ඩ් ක්‍රැබ් එකයි (රු. 420), බ්‍රවුනි කෑල්ලයි (රු. 180), පයිනැපල් චීස්කේක් කෑල්ලයි (රු. 220) බොන්න කැපුචිනෝ එකයි (රු. 390)”

මට නේද.. බඩ පපුව අතගෑවිලා ගියේ. මටත් දැන් ගන්න ඕන නේද කියල මතක් වෙද්දි, පොකට් එක ගැන මතකය එනව ඊට දෙක තුන වෙච්චි. ‘කමක් නෑ ඔන්න ඔහෙ කාඩ් එකෙන් හරි ගහනව’ කියල බැලුව වටපිට. තේරෙන්නෙ නෑ මොනව ගන්නද කියල?

ඉතින්.. ඕන මගුලක්,

“දෙන්නකො මෙන්න මේ චිකන් චීස් සොසේජ් ඇස්..පැරගස් එකක් (රු. 200). ඒකයි.. ෆිෂ් කට්ලට් එකකුයි (රු. 100), අන්න අර මෂ්රූම් ටෝස්ට් එකකුත් (රු. 90) දාන්න. මට චොක්ලට් ගැටෝ (රු. 180) කෑල්ලකුත් ගන්න පුලුවන්ද? ආ.. මෙන්න මේ ඉක්ලෙයාර්ස් එකකුත් (රු. 100) දෙන්නකො” කියල බොන්න ගත්ත අයිස් කොෆී එකක් (රු. 290).

ඇයි යාළු, දෙවනි වෙන්න පුලුවන්ද කාට වුනත්. ගත්ත ‘ඈක්’ ගෑවෙන්න කාට කාටත්.

අරගෙන.. ඔන්න දෙන්න ඩයිනින්ග් එකේ උඩ තට්ටුවටම. ගිහිල්ල හිටං සෝෆා එකට සෙට්වෙලා,

“ඉඩත් නෑ අප්ප මේවා තියන්න. ගන්නකො අන්න අර ස්ටූල් එකවත්”

සත්‍ය සිදුවීම් හොඳේ මේවා.

ඊට පස්සෙ පටන් ගත්ත,

ඉස්ඉස්සෙල්ලාම මට්න් බිරියානි එක. හොදි ටිකක් එහෙමත් දාගෙන..

කට දෙක සිං සිං ගාලා යන්නෙ කියන්නකො. පුදුම රසක්නෙ ඒකෙ. සත්තයි මං හිතුවෙම නෑ. ඊටත් ඒ මට්න් කෑලි. සුපිරිම ඈ.. මදි නොකියන්න මිරිස් තුනපහ ටික දාලා හදල තියෙනව. කීරි සම්බ (සංස්කාරක සටහන: කීරි සම්බ ‌නෙවෙයි , බාස්මතී) හාලෙ බතත් නොම්මර එකට. කජු මුද්දරස්පලම් අඩු පාඩුත් එක්ක බිරියානි මික්ස් එහෙමත් ගානට වැටිච්ච, ඒ බිරියානිය නම්..

වැඩේ කියන්නෙ රස ඩබල් වෙන්නෙ ඒකටම ආපු හොදියි, සම්බෝලයිත් එකතු වුනාමනෙ. ආයෙ විනාඩි 10ක් නෑ හොඳේ. බෝල් එක හෝදල වගේ.

ඊට පස්සෙ ඇස් පැරගස් එක!

ඒකෙත් අමුතුම ගතියක් තියෙනව. විශේෂයෙන්ම චීස් සොසේජසුයි, කංකුනුයි රස. හැබැයි ඒ බනිස් එක නම් තව ෆ්‍රෙෂ් වෙන්න ඕන. සෝස් ටිකකුත් වැටුන නම්, ටොපේ ටොප්ම තමයි.

ඔක්කොමත් හරි, ෆිෂ් කට්ලට් එකත් හරි. සත්තයි සෑහෙන කාලෙකින් කෑවෙ එච්චර කොලිටි ෆිෂ් කට්ලට් එකක්. ඇත්තටම මාලු ඈ.. කෙලවල්ලන්ද කොහෙද තම්බල, ලුණු ගම්මිරිස් පදමත් ගලපල, අල ලූණු අඩුම කුඩුම එක්ක ලෙසටම රස කරල. පදමට බැදලත් එක්කනෙ. 

ඒත් අර.. මෂ්රූම් ටෝස්ට් එකනම් මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකද ඒකෙ චීස් රසක් වගේ එනව. අනික අර බට්න් මෂ්රූම් නිසා මොකක්දෝ වතුර ගතියකුත් එක්ක..

බේස් එක නම් හොඳ ෆ්‍රෙෂ් එකට තිබ්බ. ඒත්..

වැඩේ කියන්නෙ බේක්ඩ් ක්‍රැබ් එකනෙ. කටයි කෑවේ.. ඉතුරු සියල්ලම ඊලඟ කටවල් 2ට ඉවරයි. ඒ තරම් රස යාළු. හිතාගන්න බෑ.. ඒකටම ආපු පට්ට ෆ්‍රෙෂ් ගාලික් බ්‍රෙඩ් එකත් එක්ක. ක්‍රැබ් මීට්, බිත්තර, චීස් තව තව මොනවදෝත් ගලපල. ෂැහ්, මල් හතයි ඈ..

ඔය අතරට විශේෂයෙන්ම කියන්න ඕන අයිස් කෝපි එකත් නොම්මර එකට. තරමක් වැඩිපුර කෝපි රස තියෙන්න, සීනි චුට්ටක් අඩු වෙන්න දාලා, කිරිත් නූලට වගේ.. ඒ කූල් එකත් එක්ක නම් උගුරට දෙකට වුනත් ඉවර කරන්න පුලුවන් ගානයි.

වැඩේ කියන්නෙ කැපුචිනෝ එකත් ඒ වගේමනෙ. හැබැයි ඒකෙ නම් කෝපි රසට වඩා පොඩ්ඩක් කිරි රස වැඩියිද මන්දා.

කොහොම වුනත් බ්‍රවුනි කෑල්ලට නම් අයිසින් සුගර් පොඩ්ඩක් වැඩි වෙලා. නැත්නම් චොක්ලට් රස එහෙම තිබ්බා ලෙසටම.

ගැටෝ එකත් හොඳයි. හොඳ සොෆ්ට් එකට එහෙම. චොක්ලට් රසත් මදි නොකියන්ට. ඒත් අර කාලා කාලා, ඉස්මුරුත්තාව වගේ නිසා ඒක හරි හැටි රස බලාගන්න බැරි වුනා.

අරය කියපු විදියට නම් චීස් කේක් කෑල්ලෙත් අර අයිසින් සුගර් වැඩි ගතිය තිබිල තියෙනව. ඒ නිසාම, චීස් රස තරමක් යට ගිහින්ලු. ඒත් අන්නාසි රස නම් උපරිමයි කියල කිව්වෙ.

ම්.. කොහොම වුනත් ඉක්ලෙයාර්ස් එක නම්..! තරු 5යි ඈ.. කටයි දෙකයි කෑවෙ, මම එහෙම්ම සෝෆා එකේ ඇලට්. ඇස්දෙක පියාගෙන රස වින්දෙ, ඕං.. සුපිරි ඈ.. පොඩ්ඩක් බේස් එක එහෙම සොෆ්ට් වුනා නම්..

කාලා,

එතනම වැටිල,

තව කාලා,

එක විකාරයක් කරනව ඉක්ලෙයාර්ස්ම කාලා, හ්ම්...


TIP

Great place for maalu paan.

Address

347, Galle Road, Colombo 3

Directions

Sponge is towards the Kollupitiya junction side of Galle Road, opposite Aloe Avenue, Makeen Books and Fab.

Contacts

Website E-Mail Facebook

Report Inaccuracy

Open 7.00AM to 7.30 PM, 8.00AM to 3.00PM on Sundays

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Lamprais Rice And Curry Cakes Sandwiches

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

User Reviews
B
6

5/5

0

BaileyDar

I love this place. I wish they had bigger portions of food though. Once I had a birthday party here and they served yummy short eats. This place will always be one of my fav spots because this is where I came to, on my very first date 4 years ago, after lectures :p

E
1

5/5

0

Elltino

i love the food. their lunch is great, service is good.

B
6

5/5

0

BaileyDar

I love this place. I wish they had bigger portions of food though. Once I had a birthday party here and they served yummy short eats. This place will always be one of my fav spots because this is where I came to, on my very first date 4 years ago, after lectures :p

E
1

5/5

0

Elltino

i love the food. their lunch is great, service is good.

See 21 Comments