Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Sri Ariyabawan Hotel (Borella)

No. 42, D. S. Senanayake mawatha, Boerlla, Colombo 08


ඒ දවස් වල අපි ආරියබවන් එකෙන් බූන්දි 100කුත් අරන් කෙලින්ම යන්නෙ මැගසින් රෝඩ් පැත්තට. හී... ගිහින් එන කොට අපිත් බූන්දි වගේ. පාට පාට වෙලා!



ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ නිතරම වගේ හවසට ගොඩ වුන කඩයක් පහු කරගෙන තමයි මම හැමදාම ගෙදර යන්නෙ. ඒත් ඉතින් විනාඩි 5කට ගොඩවෙලා ප්ලේන්ටියක්වත් ගහල යන්න වෙලාවක් නෑ. ඔයාල දන්නවනෙ ඉතින් හවස් ජාමෙට බොරැල්ල වටේට තියෙන වාහන තදබදේ ගැන. එක බස් එකක් මග ඇරුනොත් ගෙදර යන්න පැය භාගයක් විතර පරක්කු වෙනවා. කොහොම හරි ඔන්න ඊයෙ හැන්දෑවෙ YAMU කාර්යාලයෙ වැඩ ටික, ටිකක් කලින් ඉවර කරගන්න පුළුවන් වුන නිසා මම ඉක්මනට එළියට බැස්සෙ අවුරුදු ගාණකට පස්සෙ අතීත රස මතකයක් අලුත් කර ගන්න හිතාගෙන.

බොරැල්ලෙ ආරියබවන් එක කිව්වාම ඉස්සර නම් ඒ පැත්තෙ බහින ඕනම කොල්ලො සෙට් එකක් අතරෙ සෑහෙන්න ප්‍රසිද්ධයි. ''යාළුවො අද නැත. වෙන අය එහි ඇත. කාලය මැව් වෙනසක අරුමේ'' නිසා සමහර විට දැන් ඉස්කෝලෙ යන සෙට් අතරෙ නම් මේ කඩේ එච්චර ප්‍රසිද්ධ නැතුවත් ඇති. අද රෑට බඩ පැලෙන්න තෝසෙ කනවයි කියල හිතාගත්තු මම බොරැල්ලෙ ආරියබවන් එකට ගොඩ වෙද්දි හොඳටම හවස් වෙලා. කඩේ සෙනඟත් අඩුයි.

වාතාවරණය

අයියෝ ඉස්සර ආරියබවන් එකේ තිබුන සයිවර් ගතිය දැන් නෑ. කඩේ අලුතෙන් හදලා. වටේටම ටයිල් අල්ලලා, බිත්ති වලට කණ්නාඩිත් අල්ලලා, අලුත් මේස පුටු දාලා. ඒ විතරක් නෙවෙයි ඇතුල් වෙන තැන කැෂියර් දෙකක් එක්ක ශීතකරණ, කෑම, අතුරුපස වෙන වෙනමම තියපු ෂෝ කේසුත් තියල හරිම වෙනස්. ඒකෙන් මේකෙන් මොකෝ මම කඩේ ඇතුලට ගිහින් ටිකක් අයිනට වෙන්න තිබුනු මේසෙකින් වාඩි වුනා. විනාඩි 05ක් විතර ගියාට පස්සෙ තමයි සේවකයෙක් මගේ ලඟට ආවෙ. මට හිනාත් ගියා. කඩේ වැඩ ටික වෙන විදිය නම් වෙනස් වෙලා නැති පාටයි. මොකද ඉස්සර ඉඳන්ම මෙයාලගෙ සේවාව චුට්ටක් පරක්කුයි. ''මට ගේන්න අයියෙ මසාලා තෝසෙ (රු. 150) එකකුයි වඩේයි'' මම ඇණවුම් කලේ ඉස්සර අපි සෙට් වෙලා කන කෑම වේලයි ගත්ත ආතල් ටිකයි මතක් කර කර.

අහාර සහ සේවාව

රවුම් ඇළුමිනියම් පිඟානයි සම්බෝල ජාති දෙක දාපු භාජනෙයි උළුඳු වඩේ (1ක් රු. 45), මසාලා වඩේ, පරිප්පු වඩේ, සමෝසා, අල බොන්ඩා දෙක ගාණෙ තියපු පිඟානයි තමයි සුපුරුදු විදියට මගේ මේසෙට ඉස්සෙල්ලම ආවෙ. ඒ වුනාට මසාලා තෝසෙ එක එනකම් මොනවත් කන්න නරකයි. ඉස්සර නම් මෙයාලගෙ මසාලා තොසේ එක මරේ මරු. ඒකෙන් එකක් කෑවාම ඇති, වරුවක් ෂේප්. මසාලා තෝසේ හදන්න ටිකක් වෙලා යනව කියල දන්න නිසාම මම කලේ හෙමිහිට කැමරාව අරන් වට පිටේ ෆොටෝ දෙක තුනක් ගත්ත එක. එතකොට ඔයාලටත් පෙන්නන්න පුළුවන්නෙ.

විනාඩි 10ක් විතර යන්න ඇති. මගේ හිතට පුංචි සතුටකුත් අරගෙනම මේසෙ උඩට ආවෙ මසාලා තෝසෙ එක. පොඩි සුවඳකුත් එනවා. මරු ආ... පිඟාන උඩ හතරට නවල තිබුන තෝසෙ එක මම දිග ඇරියා. පුරුදු පාටට ඇතුලෙ තිබුනෙ එළවළු වර්ග, අල, ළූණු තෙල් දැමුම. ඒ වුනාට තෝසෙ එකේ පාට ටිකක් මදි වගේ. ඉස්සර, පේපර් තෝසෙ එක පොඩ්ඩක් කර වෙන්න තියල තමයි මේසෙට එන්නෙ. එතකොට සුවඳ විතරක් නෙවෙයි රසත් නියමයි. සේවක මිත්‍රයා සාම්බාරු හොදි බාල්දියයි මිරිස් හොදි බාල්දියයි මේසෙ උඩින් ගෙනත් තිබ්බෙ මගේ රස පදම ගැන දැන ගෙනද මන්දා. දිග ඇරපු මසාල තෝසෙ එකට මට ඕන ගානට හොදි දාගත්ත මම සම්බෝල ටිකකුත් පැත්තකින් තියාගෙන වැඩේ පටන් ගත්තා.

හ්ම්ම්... රසයි, ඒත් ඉස්කෝලෙ කාලෙ මතක් වෙලා ඇස් වලට කඳුළු ගේන රසක් නම් තෝසෙ එකේ නෑ. ලුණු මදි ගතියකුත් තිබුනා. තෙල් ගතිය අඩු වෙන්න හදල තිබුනට තෝසෙ එක පොඩ්ඩක් කර වෙන්න තිබ්බ නම් මාර රසක් එන්නෙ. සමහර විට කෝකියා මාරු වෙලා ඇති. ඇතුලෙ පිරවුමේ රස නම් හොඳයි. ඒත් සැර මදි. දුරු, අබ, පදමට මිරිස් ගම්මිරිස් දාල හදපු මිශ්‍රණයක් තමයි ඒ දවස් වල මෙයාලගෙ අල බොන්ඩා එකෙයි මසාලා තෝසෙ එකෙයි තිබුනෙ. සම්බෝල වල රස හොඳට තිබුනට හොදි වල රස නම් සෑහෙන්න අවුල්. සාම්බාරු හොද්දට එකතුවෙලා තිබුන මුරුංගා, වම්බටු, වගේ එළවළු වර්ග දෙක තුනක් අඩුවෙලා නිසා රසත් ඉබේටම අඩු වෙලා. අපරාදෙ, මට මතක් වුනේ දුම් දදා මේසෙට ආපු සාම්බාරු හොද්ද කාගන්න බැරුව අපි ටික වෙලාවක් පිඹ පිඹ ඉඳපු විදිය. මිරිස් හොද්දත් එහෙමමයි. ඒකට එකතු වෙලා තිබුන සෝයා, මාළු මිරිස් එහෙම දැන් නැති නිසා සැර ගතියයි රසයි දෙකම නෑ කියන්න තමයි වෙන්නෙ. ඒ වුනාට තෝසේ එකේ ප්‍රමාණයනම් හොඳට තියෙනවා.

හිතේ තිබ්බ ආසාව නිසා තෝසෙ පිඟාන ඉවර කලා මිසක් රස නිසා නම් නෙවෙයි. ෂුවර් එකට කිරි තේකත් අවුල් ඇති. කමක් නෑ. බීලම බලනව කියල හිතපු මම ''අයියෙ කිරි තේ (රු. 40) එකක් ගේන්නකො, මේ... බූන්දි 100කුත් (රු. 60) ගේන්න'' සේවක මිත්‍රයාට කිව්වා.

තෝසෙ කාලා අත හෝද ගත්ත මම මේසෙට ඇවිල්ල තිබුන කිරි තේ එකේ රස බැලුවෙ නම් හරි ආසාවෙන්. ඇත්තටම ඒකෙ නම් කිරියි, කහටයි, සීනියි නියම ගාණට. තේක බීපු මම බිලත් ගෙවල දාල යන ගමන් තමයි බූන්දි කන්න පටන් ගත්තෙ. නියමයි. බූන්දි එකත් එලෙසින්ම තියෙනවා. ඒ දවස් වල අපි බූන්දි 100කුත් අරන් කෙලින්ම යන්නෙ මැගසින් රෝඩ් පැත්තට. හී... ගිහින් එන කොට අපිත් බූන්දි වගේ. පාට පාට වෙලා!

බොරැල්ල බස් නැවතුම්පළෙන් මම ගෙදර යන්න බස් එකකට ගොඩ වෙන කොට බූන්දි බෑග් එකෙන් භාගයක්ම ඉවර වෙලා. පැණි රසයි මසාලා රසයි උපරිමෙන් එකතු වෙලා තිබුන පුංචි බූන්දි කෑලි එක දිගට කට ඇතුලට යද්දි මම ඉස්කෝලෙ කාලෙ ගත්ත ආතල් ටික මතක් කර කර ගෙදර ගියේ හරිම සතුටින්.


TIP

Try Bombay sweets

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No. 42, D. S. Senanayake mawatha, Boerlla, Colombo 08

Directions

Next door of NoLimit

Contacts

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Indian

Price Range

Less than 200

Dish Types

Vegetarian Rice And Curry Indian Sweets Dosa Parata

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
2
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment