Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Sri Suryas

255, Sea Street, Pettah, Colombo 11.


Crammed into a congested street in Pettah, Sri Suryas is an unassuming restaurant that serves a mean ghee dosa, among other things.



අපි කාට කාටත් හිටපු ගමන් තෝසෙ කඩේකට රිංගල බඩ කට පුරවගන්න ආසාවක් එනවා. එහෙම දොළදුකක් හැදුණ දවසක හැන්දෑ වරුවක අපි ගියා පිටකොටුවෙ ශ්‍රී සූර්යාස් එක පැත්තෙ.

තැන

පිටකොටුවෙ හරි ම ජනාකීර්ණ සහ කොයි වෙලෙත් කලබල සී ස්ට්‍රීට් එකේ තමයි මේක තියෙන්නෙ. ඒ හින්දා පාකිං ගැන නං බලාපොරොත්තු තියාගන්න එපා! ලී පුටු මේස පුරවල ගොඩක් අයට වාඩි වෙන්න ඉඩ හදල තිබුණ නිසා ම කඩේ ඇතුළෙ සෙනගත් පිරිල හිටියා. හැම මේසයක් ම බූත් එකක් විදිහට වෙන් කරල තියන හින්ද ටිකක් අඳුරුයි වගේ දැනුණට පිරිසිදු පෙනුමක් නං තිබුණා.

කෑම 

මෙතන තියෙන්නේ ඔක්කොම වෙජිටේරියන් කෑම වර්ග. අපේ ඕඩර් එක වුණේ ගාලික් නාන් එකයි (රු. 290), කඩයි පනීර් එකයි (රු. 725), චිලී චීස් තෝසෙ එකයි (රු. 460).

ගාලික් නාන් එක නියම බටර් ගතියයි සුදු ලූනු රහයි මික්ස් වුණ සොෆ්ට් නාන් එකක්. කඩයි පනීර්වල පොඟවල නාන් කෑල්ලක් කෑවම රස නහර අවදි වෙලා ඇස්වලින් කඳුළුත් පැන්නා. එච්චරට සැරයි! හැබැයි රසයි! පනීර් කෑලි ගොඩක් දාල උකුවට හදල තිබුණ මේකට උපරිම ලකුණු දෙන්න පුළුවන් දෙපාරක් නොහිත ම.

චිලී චීස් තෝසෙ එක එක්ක පාට පාටින් චට්නි සහ සම්බෝල වර්ග තුනක් එක්ක සාම්බාරු හොදි ටිකකුත් ආවා. තෝසෙ එකටත් චිලී චීස් කියන නමට ම ගැලපෙන්න චීස් රසයි සැරයි එකතු වෙලා තිබුණා. ඒ වගේ ම බඩ පිරෙන්න කන්න පුළුවන් විදිහට සයිස් එකෙන් ලොකුයි.

බීම

අපි බීමට ගත්තෙ මසාලා තේ (රු. 155). වැඩිය සීනි නොදාපු ගාණට කහට දාපු හොඳට මසාලා රහ එන තේ එකක් මේක. උණු උණුවේ ම ආපු නිසා කෑමවල සැර එක්ක තකට තක!

අතුරුපස

ගුලාබ් ජමුන් එකයි (රු. 70), බදම් ස්වීට් කප් එකයි (රු. 150) තමයි අපේ ඩෙසට් එක වුණේ. ගුලාබ් ජමුන් එක උපරිමයි. පැණි රස එහෙම ගාණට තිතට. සොෆ්ට් ගතියට පෙනුමට තිබුණට අපිට බදම් ස්වීට් කප් එක ඉවර කරන්න බැරි වුණා. හේතුව වුණේ කටේ තියන්න බැරි තරම් පැණි රස! අපි දන්න විදිහට මේක හදන්නෙ ආමන්ඩ්වලින්. හින්දියෙන් බදම් කියන්නෙ ආමන්ඩ්වලට. ඉතිං මේක මේ තරම් පැණි රස කළේ නැත්තං ඕන තරම් කන්න පුළුවන් රස ගුණ පිරුණ කෑමක්.

සර්විස් එක 

කෑම ගේන්න ගත්ත වෙලාව අතින් නම් සර්විස් එක හොඳයි කියන්න පුළුවන්. ඒ වුණත් කස්ටමර්ස්ලට තව ටිකක් සුහදව සලකන්න පුළුවන් නං අපි කැමතියි. මොකද අපි කෑමවල ෆොටෝ ගන්නකොට එහෙම එහෙන් මෙහෙන් නුරුස්නා බැලුම් එල්ල වෙනව දකින්න ලැබුණා!

අවසාන වශයෙන්

මිල ගණනින් සාමාන්‍ය සයිවර් කඩේකට වඩා වැඩි වුණත්, කෑම බීමවල කොලිටි එකයි රසයි අතින් ගත්තම සෑහෙන ඉහළින් තියන්න පුළුවන් නිසා සාධාරණයි කියන්න පුළුවන්. ඉතිං පිටකොටුව පැත්තෙ යන දාක ශ්‍රී සූර්යාස් එකෙන් කාල බලන්න අමතක කරන්න එපා!


TIP

Order the ghee roast and filter coffee — it's an unbeatable combination.

Address

255, Sea Street, Pettah, Colombo 11.

Directions

Go down Bodhiraja Mawatha from the main road, and when you reach the Main Street roundabout at the end, turn into Sea Street. Keep going a few hundred metres past all the jewellery shops until you see the Kathiresan kovil on your left. Sri Suryas is situated right next to the temple, across the road from New Saraswati Cafe.

Contacts

Report Inaccuracy

Open 7 AM–10 PM

Cuisine

Indian

Price Range

More than Rs.1500

Dish Types

Vegetarian Dosa

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment