Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Sri Vihar (Nugegoda)

280, High Level Rd, Nugegoda

Get it delivered on Pickme Food

Nugegoda branch of Sri Vihar, serving good vegetarian Indian food without breaking your bank.



ශ්‍රී විහාර් කිව්වම කවුද නොදන්නෙ? ඉන්දියන් කෑම කන්න කැමති අයගෙ පාරාදීසේ. හැබැයි පොඩි කාලෙ නං ශ්‍රී විහාර් කිව්වම ඒක පන්සලක් ද කියල අහපු යාළුවොත් හිටියා. පස්සෙ කාලෙ ‘පන්සලෙන් තෝසෙ කන්න යං’ කියකිය අපි නිතරම තුම්මුල්ලෙ ශ්‍රී විහාර් එක පැත්තෙ යන්න පුරුදු වුණා. කොහොමහරි මෑතකදී නුගේගොඩත් ශ්‍රී විහාර් එකක් ඕපන් කළා. යමු ඔෆිස් එකේ ඉඳන් ඇවිදගෙන යන දුර නිසා වැඩි කල් නොයවාම අපි දවසක් ලන්ච් එකට ඒ පැත්තේ ගියා.

තැන

නුගේගොඩට ඔන්න මෙන්න කියල හයිලෙවල් පාර අයිනෙම තියන ශ්‍රී විහාර් එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ලොකු පිරිසකට එක පාර වාඩිවෙන්න පුළුවන් තරමේ ලොකු ඉඩක් ඇතුළේ තියනවා. ඒත් ඉඩ මදි වුණොත් උඩ තට්ටුවෙත් අසුන් ගන්න ඉඩ සලසල දීලා තියනවා. ඒ වගේම මෙතන පිරිසිදු, ආලෝකයෙන් පිරුණ තැනක්.

බීම

මේගොල්ලන්ගේ මෙනු එක දිගම දිගයි. නානාප්‍රකාර කෑමබීම ජාති මහ ගොඩක්. ඉතින් අපි අපේ කෑමබීම තෝරන්න නං සෑහෙන වෙලාවක් ගත්තා.

අපි ඕඩර් කරපු ඔරේන්ජ් ජූස් එකයි (රු. 180) ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකයි (රු. 180) තමයි මුලින්ම මේසෙට ආවෙ. ඔරේන්ජ් ජූස් එක ෆ්ලේවර්ස් නොදා ඇත්ත දොඩම් මිරිකලා හදල තිබ්බ නිසා ඔරිජිනල් දොඩම් රස ආවා. ඒ වගේම ඕනවට වඩා සීනි දාල විනාස කරලා තිබ්බෙත් නෑ. ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එක නම් අපිට කාලෙකින් හම්බුණ හොඳම මිල්ක්ෂේක් එකක්. උකු ගතිය හොඳට ඉතුරු වෙන්න ස්ට්‍රෝබෙරි සිරප් එක්ක ගාණට කිරි මික්ස් කරලා. මුලින්ම සර්ව් කළාට අපි යන්තමට මේවා රස බලලා පස්සෙ බොන්න ඉතුරු කළේ, තව කෑම ගොඩකුත් මේසෙට එන්න නියමිත හින්ද.

කෑම

ඊටපස්සේ ආවෙ සුප් එක. අපි ඕඩර් කළේ හොට් ඇන්ඩ් සවර් සුප් එකක්. (රු. 200) මේක ගෝවා, මෂ්රූම් කෑලි එහෙම දාල හදපු රතුපාට සුප් එකක්. දැකපු ගමන් සැර බව පේනවා. කොහොමහරි මේක නමේ හැටියටම පොඩි ඇඹුල් ගතියක් එක්ක උණුඋණුවට සැරට රසට උකුවට හදල තිබුණා.

ඊළඟට ඔන්න අපි ඕඩර් කරපු ශ්‍රී විහාර් ස්පෙෂල් බිරියානි එකයි (රු. 400), පනීර් බටර් මසාලා එකයි (රු. 440) කුල්චා එකයි (රු. 130) බැබලි බැබලි ආවා. බිරියානි එක කිසි අමාරුවක් නැතුව දෙන්නෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන් තරම් ලොකුයි. කැරට්, බෝංචි, මෂ්රූම් මික්ස් කරලා නියම ඉන්දියන් රහ එන්න හදල තිබුණ බිරියානි එක මල් හතයි.

ඒකත් එක්ක ආපු පනීර් බටර් මසාලා එකේ ගාණට සොෆ්ට් වෙන්න උයපු පනීර් කෑලි හෙන ගොඩක් තිබුණා. බිරියානි එකත් එක්ක ඒක නියමෙට ගැලපුණා.

කුල්චා එක තල ඇට ඉහපු ලස්සන නාන් රොටියක්. මේක හපන්න අමාරු නැති කටට සුමුදු රොටියක්. 

සර්විස් එක

අපිට සර්ව් කරපු අය සුහදශීලී සහ ප්‍රියමනාප විදිහට අපේ ඕනෑ එපාකම් ගැන හොයල බැලුවා. කෑමබීමත් පරක්කු නොවී ඉතා ඉක්මනින් මේසෙට ආවා.

අවසාන වශයෙන්

අලුත් ශ්‍රී විහාර් එක අපේ බලාපොරොත්තු සුන් කළේ නෑ. ඕගොල්ලොත් නුගේගොඩ පැත්තේ යන එන වෙලාවක අලුත් ශ්‍රී විහාර් එකට ගොඩ වෙලා බලන්න. නෝත් ඉන්දියන්, සවුත් ඉන්දියන් කෑමවල රසපදම කොහොමද කියල බලාගන්න පුළුවන්..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment