Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

3/5

Steam Boat (Mount Lavinia)

43, 8A, Beach Road, Mt. Lavinia


Steam Boat provides a lovely spot for sunset and wave watching. With an elevated cement and canopy dining area as well as shaded chairs and tables on the sand, venue wise they've got it spot on. Food, however, not so much.



ගල්කිස්සෙ මුහුදු වෙරළ කිව්වාම ඉතින් පාටි දාන කට්ටිය අතරෙ වගේම පෙම් යුවල් අතරත් ගොඩක් ප්‍රසිද්ධයි. මොකද කියනවනම් වෙරළ තීරය ටිකක් අපිරිසිදු වුණත් ඒ හරියෙ තියෙන සුපිරි අවන්හල් ටික නිසා ඇවිදින්න එන අයට රස කෑම කන්නයි හවස් ජාමෙට පාටි වලට සෙට් වෙන්නයි පුළුවන්නෙ.

මගෙත් යාළුවෙක් ඉන්නව ඔය නිතරම වගේ බීච් පාටි ගැන හොයල බලන. ඒ නිසාමද කොහෙද කොළඹ පැත්තෙ වෙරළ අයිනෙ තියෙන අවන්හල් ගැනත් එයා හොඳට දන්නව. හුඟ දවසකින් වෙරළක් පැත්තෙ යන්නත් බැරිවුන නිසා දවල් කෑමකුත් අල්ලලාම යනව කියල හිතපු මම ඊයෙ දවල් අර යාළුවට කෝල් එකක් දුන්නෙ දෙහිවල, ගල්කිස්ස පැත්තෙ තියෙන හොඳ බීච් රෙස්ටෝරන්ට් එකක් ගැන දැන ගන්න. ටිකක් කල්පනා කරපු යාළුව මට කිව්වෙ ''අතේ තියෙන ගාණට බඩ පැලෙන්න කන්න නම් ඉතින් Steam Boat එක තමයි'' කියල. ආයෙ බල බල ඉන්න දෙයක් තිබ්බෙ නෑ. Steam Boat එකේ කෑම වල රස මමත් දැනන් හිටිය නිසා යාළුවටත් දවල් කෑමට එන්න කියාගෙනම මම YAMU කාර්යාලයෙන් එළියට බැස්සෙ ගල්කිස්සෙ මුහුදු වෙරළෙ තියෙන Steam Boat එකට යන්න.

වාතාවරණය

කොළඹ ඉඳන් මොරටුව පැත්තට යද්දි ගාලු පාරෙන් දකුණු අත පැත්තට හැරිල යන්න තියෙන වෙරළ පිවිසුම් පාරෙ කෙලවරේ රේල් පාර පැන්නාම තමයි මේ අවන්හල තියෙන්නෙ. ටිකක් ඇතුලට වෙන්න තිබුණට වෙරළ පිවිසුම් පාර පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි දෙකේම ලොකු බොර්ඩ් දෙකක් ගහල තියෙන නිසා හොයා ගන්න නම් එච්චර අමාරුවක් නෑ. සුදු පාට ලී වැටයි පොඩි ගේට්ටුවයි ඇතුල් වෙන තැන තියෙන වහලෙයි Steam Boat අවන්හලේ තේමාවට නියමෙට ගැලපෙනව. මුහුදු වැල්ල අතුගාල කරල සුදු පාට ලී මේස දාල හදල තියෙන විවෘත භෝජනාගාරය වායු සමනය වෙන්නෙ නම් මුහුදු හුලඟෙන් තමයි. ඒ හැරුණාම රළ පාරට ටිකක් කිට්ටු වෙන්න සිමෙන්ති මේස, බංකු දාපු එළිමහන් භෝජනාගාරයකුත් තියෙනව. මට නම් හිතුණෙ ඔය හවස් ජාමෙට පොඩි ෂොට් එකක් දාන්න එන අයට නම් එතන නියමෙට ගැලපෙනව කියල. දකුණු පැත්තට වෙන්න හදල තිබුණ පොඩි වේදිකාවෙ තමයි පාටි වෙලාවට DJ එකයි බෆල් සෙට් ටිකයි විදුලි බුබුළු ටිකයි හයි කරන්නෙ.

ආහාර සහ සේවාව

මම ඉතින් මොන අවන්හලට ගියත් වට පිටාව හොඳට බලනවනෙ. ඉස්සරහ කෙලින්ම පේන මුහුද, විනාඩි දෙක තුනකට මාව හුදකලා කරද්දි යාළුවා සේවක මිත්‍රයෙක්ට කථා කරල මෙනුවකුත් ගෙන්න ගෙන. ''මොනවද බන් කන්නෙ'?' මගෙන් අහනවා. පියවි සිහියට ආපු මම මේ ලස්සන දර්ශණ තලයෙ ඉඳන් කන්න පුළුවන් රස කෑම ජාතියක් තෝරන්න මෙනුව පෙරළුවා. ''Lion Lager (රු. 400) එකකුයි Devilled Mutton (රු. 540) එකකුයි ගේන්න'' යාළුව සේවක මිත්‍රයාට කිව්වෙ කලින්ම මෙනුව බලල තෝර ගත්තු ටික. ''මට ගේන්න Seafood Chop Suey Rice (රු. 710) එකක්'' මමත් ඒ ගැම්මටම ඇණවුම් කලා.

''මෙතන කෑම ප්ලේට් වල සයිස් එක ලොකුයි බන්. ඔන්න බලපන්කො කෑම ජාති දෙක වුණාට අපි දෙන්නට කාල ඉවර කරන්න බැරි වෙනව'' යාළුව කිව්වෙ මගේ පරණ මතකයක් අලුත් කරන ගමන්. කථාව ඇත්ත. මමයි යාළුවෙකුයි එක පාරක් නාවල  Steam Boat  එකෙන් කද්දි මදිවෙයි කියල හිතල ලාර්ජ් රයිස් එකක් ඉල්ලල අන්තිමට කාගන්න බැරුව ලැජ්ජ වුණ හැටි මතක් වෙද්දි මට පුංචි හිනාවකුත් ගියා.

කොහොම හරි අපි ඉල්ලපු කෑම ටිකයි බියර් මේසෙට ආවෙ ඇණවුම් කරල විනාඩි පහලවකින් විතර. හම්මේ... කෑම වල සුවඳ. සේවක මිත්‍රයා කඩල දුන්න බියර් බෝතලෙන් මග් එක පිරෙන්න දාගත්ත මමයි යාළුවයි දඩ බඩ ගාල කෑම ටිකට වැඩේ දෙන්න පටන් ගත්ත.

Devilled Mutton එක නම් මම මීට කලින් කාල තිබුණ නැති පට්ටම බයිට් එකක්. මොනවද අඩු? සැර? ඩෙවිල් රස? එළු මස් රස? නෑ. කිසිම එකකින් අඩුවක් නෑ. මාළු මිරිස්, කැරට්, ගෝවා, එක්ක ප්ලේට් එකට එකතු කරලා තිබුණ එළු මස් කෑලි දහය දොලහෙ පොඩි බැදුනු ගතියකුත් තිබුණා. ඇති පදමට සෝස් එකතු කරලා තිබුනත් ඩෙවිල් නම් ඩෙවිල් කියන්න පුළුවන් ඩෙවිල් වලට ආවේණික රසයි සැරයි මගේ දිව පිනෙව්වෙ දෙතුන් පාරට බියර් මග් එකත් ඉවර කරවන ගමන්.

බියර් උගුරු දෙකක් විතර තියෙද්දි තමයි මම Chop Suey Rice ටිකක් පිඟානට දාගත්තෙ. මේක නම් ඇත්තටම දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් එකක්. යටට සම්බා හාලේ බත් ටිකක් ඝන කමට අතුරලා ඒක වැහෙන්න ලොකු චොප්සි තට්ටුවක් දාල හදල තිබුන Chop Suey Rice එකෙන් එන සුවඳ නිසා මගේ කටට කෙලත් උණනවා. කැරට්, ගෝවා, කොර්න්, ග්‍රීන් පෙපර්, මාළු මිරිස්, අල පෙති ඇති පදමට දාපු චොප්සි එකේ කොහෙන් ගත්තත් තම්බපු තෝර මාළු කෑල්ලක් හරි ඉස්සෙක් නැත්තම් දැල්ලො කෑල්ලක් හරි අනිවාර්යයෙන්ම අහුවෙනවා. මිරිස්, ගම්මිරිස් සැරත් නියම ගාණට තිබුණ මේ චොප්සි එකේ චීන කෑම වලට ආවේණික රසත් අඩු නැතුව තිබුණා.

අනුමිතිය

උගුර ලඟට එනකම් කාලත් චොප්සි පිඟානෙ බත් ටිකක් ඉතිරි වෙලා. දැන්නම් හෙල්ලෙන්න බෑ. ඒ මදිවට බියර් එකට ලාවට වැදිලත් එක්ක. කාපු තැනම ඒ විදියටම විනාඩි දහයක් විතර වැටිල ඉඳපු මමයි යාළුවයි බිල ගෙවල දාලා ගල්කිස්සෙ Steam Boat එකෙන් එළියට බැස්සෙ මාසෙ අන්තිම පඩි ආවාම කොල්ලො සෙට් එකත් එක්ක ඇවිල්ලා සුපිරි පාටියක් දාන්න හිතාගෙන.

Address

43, 8A, Beach Road, Mt. Lavinia

Directions

Beach Road is just before Factory Outlet, opposite Star Dogs. Steam Boat is at the beach end of it. But they also do delivery.

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 11.00AM to 3.00PM, 6.00PM to 11.00 PM

Cuisine

Chinese

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
User Reviews
L
1

1/5

1

LAura12w

This was a horrible experiance. I ordered the hot butter mushroom and it was just fried batter in oil. only 2 or 3 mushroom pieces. It was just clumps… Really not worth wasting your time and money. I also got a meat chopsuey rice among other things and this had hardly any meat. Really dissapointed in steamboat!!!

S
1

1/5

0

Shenal Wijesinghe

Worst customer service.

I
1

2/5

0

Isurusachi

Had to pay extra 650 rs as serving charges and tax.(I dont know why that much)…Also trible the price of a beer bottle rs 410 (normal price rs 180)…👎

L
1

1/5

1

LAura12w

This was a horrible experiance. I ordered the hot butter mushroom and it was just fried batter in oil. only 2 or 3 mushroom pieces. It was just clumps… Really not worth wasting your time and money. I also got a meat chopsuey rice among other things and this had hardly any meat. Really dissapointed in steamboat!!!

S
1

1/5

0

Shenal Wijesinghe

Worst customer service.

I
1

2/5

0

Isurusachi

Had to pay extra 650 rs as serving charges and tax.(I dont know why that much)…Also trible the price of a beer bottle rs 410 (normal price rs 180)…👎

S
1

1/5

0

stanly

Do not Eat from this place. they serve some bad oily food. I ordered Chow mein from them and it was loaded with oil. now I have had Chow Mein which is a soggy noodle but it should have a broth which brings the sogginess. The manager 'Herath' also argues that oil is what makes it wet which just shows their knowledge in food.
Dear Yamu Reviewers, Please post this for if you really care about peoples health

See 20 Comments