Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Street Bites

Hokandara


Street Bites is a cloud kitchen that's specialised in local-style bites.



ගෙදර බොන බියර් එකට කටට රහට බයිට් එකක් ගෙදරට ම ගෙනල්ලා දෙන තැනක් ගැනයි මේ කියන්න යන්නේ. මේකේ නම Street Bites. ලේසියෙන් ම පික්මී ෆුඩ් එකෙන් ඕඩර් කරගන්නත් පුළුවන්.

කෑම 

Street Bites එකේ වැඩිපුර ම තියෙන්නේ චිකන් සහ පෝක්වලින් හදන බයිට්ස්. ඒ හැරුණාම වෙජිටේරියන් ජාති කීපයකුත් තියෙනවා. 

පෙපර් පෝක් (රු. 790) එක පට්ට ම සිරා! මස් කෑලියි, තෙල් කෑලියි සේරම බොහොම රස පෙපර් සෝස් එකක දැවටෙන්න හදපු මේකට හොඳ ස්පයිසි රසක් තිබුණා. මොකද යහමින් නයි මිරිස් එහෙමත් දාලා තිබුණනේ. ඒ අතරින් එන ළා ඇඹුල් රහත් මරු. අනික සෝස් එක දාලා තිබුණේ නියම ගානට. ඒ නිසා මස්වල රසත් නියමෙට ගැළපිලා එනවා.

යහමින් කරපිංචා කොළත් එක්කාසු කරලා නිසා සුවඳත් හොඳයි. නිකන් බොරු කියන්නේ මොකටද, මස ද, තෙල් ද, කොළ ද අදාළ නැහැ මේකේ තියෙන සේරම අපි කෑවා.

චිකන් ඩෙවිල් (රු. 780) එක ෂේප්. මොකද්දෝ අමුතු තෙල් ගතියක් තිබුණා ඒකෙ. අනික අර හොඳ ඩෙවිල් චිකන් එකක එන්න ඕනේ ස්වීට්, ඇඹුල් රසවල් මොනවත් නැහැ. ලුණු රස තමයි වැඩියත් ම දැනුණේ. ඒ එක්ක එන පොඩි ස්පයිසි කික් එකක් තියෙනවා. 

මේ චිකන් වින්ග්ස් පෝෂන් එක රු. 840යි. ලුණු, ගම්මිරිස් ගාලා සීසන් කරලා ෆ්‍රයි කරපු චිකන් වින්ග්ස් ග්‍රෑම් 500ක් ම මේකට ලැබෙනවා. පොඩ්ඩක් සෝස් එහෙමත් එකතු කළා නම් තවත් රස වෙන්න තිබුණා.

අවසාන වශයෙන් 

බියර් නැත්තන් උණු බතක් එක්ක වුණත් ගළපගන්න සුපිරි කෑම ටිකක් තමයි මේ. පික්මී ෆුඩ් එකේ හොයාගන්න නැත්තන්, 0711636777ට කෝල් එකක් දීලා ඕඩරයක් දාන්න පුළුවන්. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment