4/5

Street Burger

34, Ramya Road, Marine Drive, Bambalapitiya


Started off as a humble food truck, Street Burger now has a nice spot down Marine Drive, along with ample parking space.



පෝය දවස නිසා මම අවංකයෙන්ම හිතුවෙ හරිහැටි කන්න තැනක් නැති වෙයි කියල. ඒ සැකය නිසා ම පොඩ්ඩක් අන්තර්ජාලයෙත් හොයල බැලුව. දන්නැද්ද, ගෑනු ළමයි එක්ක ඇවිදින්න යද්දි... ඕව හරියට හොයල බලල ගියේ නැත්නම් හෙන කේස්නෙ. ඊටත් දවල් දවස තිස්සෙ බඩගින්නෙ රවුම් ගහන්න වුණාම…?

වැඩේ කියන්නෙ, දෙයියනේ කියල... යමු සයිට් එකේ සර්ච් කරපු ගමන් ම එකක් සෙට් වුණානෙ.

‘ස්ට්‍රීට් බර්ගර්’

තියෙන්නෙ බම්බ මරීන් ඩ්‍රයිව් එකේ.

“දෙන්නම් ජම්බො අද” කියල හිතාගත්තු මම හෙමින් සැරේ අරයත් එක්ක රවුම ගහන්න සෙට්වුණා. සෙට් වෙලා ඉතින් පැය, දෙක, තුන යනකම්ම… සද්ද නෑ හොඳේ. හැබැයි ඔය විදියට ටික වෙලාවක් යද්දි.. ඔන්න හෙමින් සැරේ එනව වචනෙ එළියට.

“අයියෙ,

යංකො කන්න. බඩගිනියිනෙ!”

“සත්තයි කියාන්… ඒනම් යං.

අද… බර්ගර් කන්න?”

“හා! නියමයිනෙ. කාලෙකින් කෑවෙත් නෑ.. අනේ ෂෝ...ක්”

ඕකේ එක ආව සනික ඉතින්.. මම ඇල්ලුව කෙළින්ම එම් සී. එක පිටිපස්ස පාරෙන් මරීන් ඩ්‍රයිව් එකට. අල්ලලා... කයියක් දාගෙන හෙමින් සැරේ…

බොලේ අඩි දෙක තුනයි කියන්නකො යන්න හම්බවුණේ. මෙන්න ස්ට්‍රීට් බර්ගර් එක අත ලඟම! දෙන්නට හරිම සන්තෝසයි. ඊටත් කඩේ සෙනඟත් නැති නිසා තවත් සන්තෝසයි. ඇයි අප්පේ.. නිදහසේ කන්න පුළුවන්නෙ.

අපි, අඩියට දෙකට ගොඩවුණාට මොකද සේවක මිත්‍රයට නම් කිසිම හදිස්සියක් තිබ්බෙ නෑ. ලස්සන හිනාවක් එක්ක ගුඩ් මෝර්නින් පාරකුත් දාලමයි අපිව පිළිගත්තෙ.

“මොනවද සර් කන්නෙ?”

“අපිට…” දෙන්නා එකසිය ගාණට කල්පනා කරනව මෙනුව බල බල.

“හරි, මට” අරය ගත්ත ඕපනින්ග් එක. “සුපර් චාපර් බර්ගර් (රු. 790) එකක් ඕන. බොන්න අයිස් මයිලෝ එකක් (රු. 300)”

ඔය අතරෙ මාත් හෙමිහිට බලල බලල ඕ..න්න හයි වෝල්ටේජ් (රු. 790) කියල එකක් ඕඩර් කලා.

ඕඩර් කරල ඉතින් අපි දෙන්න සුපුරුදු පිරිදි කතා බහේ.. විනාඩි 10ක් 12ක් යන්න ඇති මගෙ හිතේ... කොහොමහරි වැඩේ ලෑස්තියි, සනික! මමත් දනිපනිගාලා නැගිටල ගිහින් ගත්ත ට්‍රේ එකේ තියල තිබ්බ සියලු දෑ පරිස්සමට. අරගෙන ආවා හෙමිහිට. ඇවිල්ලා… සෝස් එකත් කඩල පැත්තකට එහෙම දාගෙන ඔන්න වැඩේට බහින්නයි ලෑස්තිය.

“ඔන්න ඔහෙ එක්කො මුලින් ම මයිලෝ චුට්ටක් බීලා ඉන්නව”

ගත්ත කූල්ම කූල් මයිලෝ එක අතට. අරගෙන උගුරයි දෙකයි බිව්වෙ. චැහ්! කියල හිතුණ කියන්නකො. ඒක පට්ට අවුල්. මයිලෝ රස මැදින් චොකලට් සිරප් රස හොඳ...ට එනව. හරි සවුත්තු වැඩේ අප්ප. ඇයි දෙයියනේ රු. 300ක් ගන්න එකේ තව මයිලෝ පැකට් එකක්ම දාපියකො.

ඇරඹුමම කඳුළක් වුණු මගේ ස්ට්‍රීට් බර්ගර් සිහිනය…

කමක් නෑ ඔන්න ඔහෙ කියල ගත්ත බර්ගර් එක. කෑවා.. කටක්, දෙකක්, තුනක්…

ෂප්පේ! ඒක බලාංකො. පිස්සු හැදෙනව ඈ… සැර? කිව්වත් වගේ හෙණ ගහන ගානට සැරයි. ඊටත්, බීෆ් පැටි එකේ රස… පංකාදු පහයි. කොටින්ම කියතොත් කන කන කටක් ගානෙ තොල කට ලෙවකැවෙන ගානයි. සත්තයි යාළු සුප්පම බර්ගර් එක. ලුණු, මිරිස්, ගම්මිරිස් එක්ක හොඳ හැටි පදම් කරපු මස්වලින් තමයි පැටි එකත් හදල තියෙන්නෙ. ඒකෙ සයිස් එක තියෙනව බනිස් ගෙඩියෙන් එළියට පනින ගානට. එහෙම හදල ඒක ගැඹුරු තෙලේ බැදලා… චීස් පෙත්තකුත් උඩින් තියල එද්දි! අනික ඒ බර්ගර් එකේ යටින්ම තියෙන කොච්චි පේස්ට් එක කට පිස්සු වට්ටනවනෙ. අර බීෆ්, චීස්, පදම් කරපු හැලපිනෝ, සලාද කොළ, තක්කාලිත් එක්ක…

හප්පේ, මතක් වෙද්දිත් පිස්සු වගේ.

කිව්වට විශ්වාස කරන්න... බීෆ් බර්ගර් එක එහෙම වෙලා චිකන් බර්ගර් එක ඊට රසයි කිව්වාම?

ඇඬෙනව නේ. ඒ චිකන් පෙත්ත තනිකරම ස්මෝක්ඩ්. ඒ වගේම ෆුල් ෆ්‍රෙෂ්. ලුණු ගම්මිරිස් පොඩ්ඩකුත් උඩින් දාලා තමයි බනිස් පලු දෙකකට මැදි කරල තිබ්බෙ. වැඩේ කියන්නෙ චිකන් පෙත්තට උඩින් චිකන් හැම් පෙත්තකුත් තිබ්බනෙ. ඊට උඩින් චීස්. චීස්වලටත් උඩින් ඇවකාඩෝ. ඇවකාඩෝවලට උඩින් සලාද කොළයි, තක්කාලියිත්.

තලු මැරෙන්නෙ නැද්ද කියන්නකො සහෝ. දකින දකින වාරයක් පාසා, නැති බඩගිනිත් එනව ඕං...

ඔක්කොමත් හරි, බර්ගර්වල සයිස් එක හිතා ගන්න… පීසා දෙක කන අපිට කාලා ඉවර කරගන්න බැරි වුණානෙ.

ආයෙ වංගු, කයි කතන්දර ඕන නෑ. එක එක තැන්වලට බොරු බොරු ගණන් දෙන්න ඕනත් නෑ. ආයෙ බර්ගර් කනව නම් යන්න කෙළින්ම යන්න ස්ට්‍රීට් බර්ගර් එකට හොඳේ. වගකීමෙන් කියන්නෙ!


TIP

Thunder - Voltage is the bomb!

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

34, Ramya Road, Marine Drive, Bambalapitiya

Directions

It's right next to Keells, Bambalapitiya.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Chicken Burgers

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
K
1

5/5

0

KumarK

Tried their chicken burgers over the weekend.
I simply LOVE it.
Very well done, hot & full of flavour. Considering the burgers at McDonald's and Burger King, these are streets ahead.
Takes about 15 - 20 minutes to prepare but worth the wait.

Z
1

5/5

0

Zaheer.Abbas

Best Beef burger I’ve had and Chicken burgers were awesome too

Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

I had their hotrod burger (beef) the other day and it's still pretty good. The beef patty juicy and delicious with a nice amount of caramelization on it. The flavors work together so well! I can't tell you guys how much I like it. Not too huge and relatively simple in its construction, almost perfect save for the relatively dry buns they used. The fries have gone down in quality however, so just avoid them. If only they had some seating space and real bacon ☹

K
1

5/5

0

KumarK

Tried their chicken burgers over the weekend.
I simply LOVE it.
Very well done, hot & full of flavour. Considering the burgers at McDonald's and Burger King, these are streets ahead.
Takes about 15 - 20 minutes to prepare but worth the wait.

Z
1

5/5

0

Zaheer.Abbas

Best Beef burger I’ve had and Chicken burgers were awesome too

Avatar for Malinthe
21

4/5

0

Malinthe YAMU STAFF

I had their hotrod burger (beef) the other day and it's still pretty good. The beef patty juicy and delicious with a nice amount of caramelization on it. The flavors work together so well! I can't tell you guys how much I like it. Not too huge and relatively simple in its construction, almost perfect save for the relatively dry buns they used. The fries have gone down in quality however, so just avoid them. If only they had some seating space and real bacon ☹

M
1

5/5

0

mnmzakir

Could say they've got some of the best beef burgers in town . Good stuff

L
1

3/5

0

ldkrp

They could stop discriminating against their chicken burgers though, their beef burgers are mean, but chicken, not so much- lacks flavor.

See 12 Comments