Artwork for Sampath Top - June

3/5

Street Food Republic

112A, Hill Street, Dehiwela.


Street food from around the world.



දෙහිවල හිල් ස්ට්‍රීට් එක කියන්නෙ ෆුඩ් කල්චර් එක ටිකක් සරුවට තියෙන තැනක්. කාලෙක ඉඳන් තිබුණු මැලේ රෙස්ටූරන්ට් එක, කැෆේ ආසියානා එක වගේ ම ටිකක් මෑතක දි පටන්ගත්ත බිග් බයිට් එක, බර්ගර් හට් එක වගේ කෑම කඩ ගොඩක් හිල් ස්ට්‍රීට් එකේ තියෙනවා. මේ ගොඩට අලුතින් ම එකතුවුණු සාමාජිකයා තමයි ස්ට්‍රීට් ෆුඩ් රිපබ්ලික්.

තැන

දෙහිවල හන්දියෙ ඉඳන් යද්දි දකුණු පැත්තෙ තමයි මේක තියෙන්නෙ; බිග් බයිට් එක ළග ම වගේ පාරෙන් අනිත් පැත්තෙ. එළියෙ වාඩිවෙලා මසාලා චායි බොන්න තියෙන මේසේ පහුකරගෙන අපි ගියා කඩේ ඇතුලට.

මේක ඇතුල මාර ගති; අර පරණ රෙට්රෝ ටයිප් බොඩ් කෑලි හැමතැන ම එල්ලලා.

කෑම

ඇමරිකාවෙන් පටන්ගත්තම, යුරෝපේ, අරාබියේ, ඉන්දියාවේ, චීනේ වගේ ලෝකේ ගොඩක් පැතිවල කෑම වර්ග ස්ට්‍රීට් ෆුඩ් රිපබ්ලික් එකේ තියෙනවා.

අපි ගත්තෙ හොට් බටර් කට්ල්ෆිෂ් ෆ්‍රයිඩ් රයිස් එකකුයි (රු. 600), මෂ්රුම් ඇන්ඩ් චීස් චිකන් බර්ගර් එකකුයි (රු. 500), ෆිලඩෙල්ෆියා චීස් ස්ටේක් චිකන් සබ් එකකුයි (රු. 600).

හොට් බටර් කට්ල්ෆිෂ් රයිස් එක නම් සෑහෙන රසයි. හැබැයි මේ හොට් බටර් කට්ල්ෆිෂ්  එක එච්චර ම ක්‍රන්චි නෑ. සමහර විට අර චිලි පේස්ට් රසට හදපු සෝස් එකට පොඟලා වෙන්න ඇති.  ඒ නිසා මේක සාමාන්‍ය හොට් බටර් කට්ල්ෆිෂ් එකකට වඩා ටිකක් වෙනස්; බයිට් එකට එහෙම කන්න බෑ. හැබැයි බත් එකත් එක්ක මරුවට යනවා.

ෆිලඩෙල්ෆියා  චිස් ස්ටේක් සබ් එක චිකන් වගේ ම බීෆ් දාලත් ගන්න පුළුවන්. මෙයාලගේ කෑම ඕඩර් කරන විදිය පොඩ්ඩක් වෙනස්. මෙනු එකේ අදාළ කෑමවලට ඉස්සරහින් තියෙන කොටුවේ කතිරයක් ගහල වේවර්ට දෙන්න. අපි අපේ ෆිලඩෙල්ෆියා චිස් ස්ටේක් සබ් එක ඉල්ලුවේ බීෆ් එකක් වුණාට මොකක් හරි පැටලිල්ලක් වෙලා අපට ආවේ චිකන් දාපු එකක්.

මේකේ නම් අැතුලෙ තිබුණු චීස් ස්ටේක් ප්‍රමාණෙ මදි. හරියට ලුණු වැටිලා සීසන් වෙලත් නෑ වගේ. ෂේප් එකේ කන්න පුළුවන්. ඒත් රු. 600ට නම් පාඩුයි.

මෂ්රූම් ඇන්ඩ් චීස් චිකන් බර්ගර් එකෙත් මැද ෆිලිං එක නම් මදි. හැබැයි මෙයාලගේ බර්ගර් ගනිද්දී අඩු ගාණට ඇඩ්ඔන්ස් ගොඩක් එකතු කරන්න පුළුවන්. එහෙම දාලා ගත්ත නම් සමහර විට ෂේප් වෙයි.

අපි බොන්න ගත්තෙ මසාලා චායි එකයි (රු. 100), වෝටර්මෙලන් ජූස් එකයි (රු. 250), ලයිම් සෝඩා එකයි (රු. 300). තුනම මරු!

මසාලා චායි එක ටිකක් වැඩිපුර ඉඟුරු එහෙම දාලා හොඳට ස්පයිසි විදියට හදලා තියෙනවා. මම හිතන්නෙ වෝටර් මෙලන් එකට දෙහි පොඩ්ඩකුත් මිරිකලා තියෙනවා රස වැඩිවෙන්න. ලයිම් සෝඩා එකත් මරු. මේකට සීනි දාන්නෙ නැතුව තමයි එන්නෙ; අපට ඕන ප්‍රමාණෙට සීනි දාගන්න පුළුවන්.

මේ ඔක්කොටම වඩා අපට අල්ලලා ගියේ ඩෙසර්ට් එකට අපි ගත්ත රසොමලි (රු. 200) එක. පනීර්වලින් හදන මේකට රෝස් සිරප් එහෙමත් දානවා. පට්ට රසයි.

සර්විස් එක

අපට සෙට් වුණු වේටර් මල්ලි මාර ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඩෙසර්ට් එකක් තෝරගන්න බැරුව එයාගෙත් අපහුවම එයා සෑහෙන වෙලාවක් කල්පනා කරලා ඩෙසර්ට් දෙක තුනක ම විස්තර කියලා තමයි අපට රසොමලි එක තෝරලා දුන්නෙ. වැඩි වෙලාවක් යන්නෙත් නෑ කෑම ටික මේසෙට එන්න.

අවසාන වශයෙන්

මෙතන ගණං නම් සෑහෙන සාධාරණයි. ඒ වගේ ම වටපිටාවත් හරිම කූල්. අපි පස්සෙ තමයි දැක්කෙ මෙතනට එන ගොඩක් අය කන්නෙ නාන්, රොටි වගේ ඉන්දියන් කෑම කියලා. මම හිතන්නෙ ඇමරිකන්, යුරෝපියන් කෑමවලට වඩා මෙයාලගේ ඒෂියන්, ඉන්දියන් කෑම තමයි හොඳ ඇත්තෙ. අපි ගත්ත ඒවයිනුත් හොඳට තිබුණේ රයිස් එකනේ.


TIP

Go for Asian or Indian items; American/ European foods are not that great here.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment