Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

4/5

Street Grill

65/B, Thalawathugoda Road, Sri Jayawardenepura Kotte


A roadside grill that serves some good BBQ , as well as a yummy black pork curry.



කාලයක් තිස්සේ තලවතුගොඩ, කිඹුලාවල පැත්තේ තමන්ගේ ජංගම ග්‍රිල් එකෙන් කරක් ගහපු Street Grill එක දැන් තමන්ගේ ම කියලා තැනක සෙට්ල් වෙලා. ඒ සතුටු ආරංචිය ලැබුණු ගමන් අපි කළේ රෑ කෑම වෙලාව අල්ලලා එතැනට ගොඩවුණ එක.

තැන

මේක තලවතුගොඩ පාර අයිනේ තියෙන අවුට්ඩෝර් සෙටින් එකක්. පාරේ සද්දේ තිබුණත් අපට ඒ හැටි ඒක ගාණක් වුණේ නැහැ. මොකද හොඳ ප්ලේලිස්ට් එකක් එහෙම දාලා තිබුණනේ. ඒ නිසා හොඳට සින්දුවක් අහගෙන ම රසට කෑම ටික කන්න පුළුවන්.

කෑම බීම

නා නා ප්‍රකාර BBQ හැරුණා ම, කරිත් එක්ක එන රෝස්ට් පාන්, පරිප්පු, පොල් සම්බෝල කොම්බෝ එකකුත් මේ කට්ටිය ළඟ තියෙනවා. ඕනේ නම් මේ BBQ ව්රැප්ස්, බර්ගර්ස් හෝ සබ්මැරීන්වලට දාලත් ගන්න පුළුවන්.

අපි ඔය අතරින් ගත්තේ බ්ලැක් පෝක් කරි, රෝස්ට් පාන්, පරිප්පු, පොල් සම්බෝල කොම්බෝ (රු. 599) එකයි, ග්‍රිල්ඩ් චිකන් ව්රැප් (රු.450) එකයි.

ෂහ්! බ්ලැක් පෝක් කරි එක සුපිරිනේ. රසයි, ටෙක්ස්චර් එකයි නියම ගානට එන්න ස්පයිසස් ගොඩක් ම දාලා. ඒ විතරක් නෙවෙයි, ළාවට දැනෙන ඇඹුල් රසකුත් අපට තේරුණා. අනික කටු කෑලි මොනවත් ම නැහැ. බොහොම සොෆ්ට් විදියට තමයි මස් එක හදලා තිබුණේ. තෙල් කෑලිත් ගොඩක් ම අඩුයි. මේකේ හොදි එකෙත් මේ රස අඩුවක් පාඩුවක් නැතුව ම තිබුණා. ඒ නිසා මේක කටට සැරට කන අයට නියම චොයිස් එකක්.

ෆ්‍රෙෂ් කොලිටි එකේ තිබුණු රෝස්ට් පාන් එකේ තවත් රස වැඩි වුණේ ඒක ග්‍රිල් එකෙන් පොඩි ටච් එකකුත් දීලා තිබුණු නිසා. ඉතින් තෙම්පරාදු ගතියට හදපු පරිප්පු කරියයි, මිරිස්, ලූනු, උම්බලකඩ එහෙම යහමින් දාලා හදපු පොල් සම්බෝලෙයි එකතුවෙලා රස බලද්දී තවත් සිරා.

ග්‍රිල්ඩ් චිකන් ව්රැප් එක පිරෙන්න තිබුණේ නියමෙට ග්‍රිල් කරපු චිකන් කෑලියි, සලාද කොළයි, තක්කාලි කෑලියි. තක්කාලිවලින් එන ටැංජි රහට චිකන්වල ස්මෝකි රහ එකතුවෙනකොට මාර ම ගති.

බීමට අපි ගත්තේ බ්ලැක් කරන්ට් වර්ජින් මොහීටෝ (රු. 300) එකයි, අයිස්ඩ් මයිලෝ (රු. 250) එකයි. දෙක ම බොහොම රිෆ්‍රෙෂින්.  බ්ලැක් කරන්ට් සිරප් එකේ ස්වීට් ගතිය හොඳට ම බැලන්ස් වෙන විදියට දෙහි සහ සෝඩා එකතු කරලා තිබුණා.

අයිස්ඩ් මයිලෝ එක අවුලක් නැහැ. හැබැයි ඒකට නම් තව මයිලෝ හැන්දක් දෙකක් වැටුණා නම් තමයි වැඩිය හොඳ.

සර්විස් එක

බොහොම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් Street Grill එකේ ඉන්නවා. අපේ කෑම බීම ටික එන්න ගියේ විනාඩි 10ක්වත් ගියේ නැහැ. 

අවසාන වශයෙන්

ඔයා තලවතුගොඩ පැත්ත පහු කරගෙන දිනපතාම යන එන හෝ, ඒ අවට ඉන්න කෙනෙක් නම් සිරාවට ම මාර ලකී. මොකද  Street Grill එක කියන්නේ බජට් ම විදියට බඩ පිරෙන්න හොඳ ම කෑම වේලක් කන්න පුළුවන් තැනක්නේ. 

Address

65/B, Thalawathugoda Road, Sri Jayawardenepura Kotte

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

BBQ

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment