Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

Street Meet

Galle Road, Colpetty

  • This place has closed down


A street-food joint in a compact, graffitied space in Colpetty.



ඇමරිකාව, යුරෝපය, නැත්නම් ඉන්දියාව වගේ රටවල තරමට නැති වුණත් කොළඹ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියත් සෑහෙන පොහොසත් එකක්. කොල්ලුපිටියෙ අලුතින් දාලා තියෙන ‘ස්ට්‍රීට් මීට්’ කියන්නේ මේ ස්ට්‍රීට් ෆුඩ් කල්චර් එකේ තියෙන ගතිය, ටිකක් ඉඩකඩ තියෙන කඩයක් ඇතුලේ ඒ විදියට ම දෙන්න ට්‍රයි කරන තැනක්.

මේක පටන් අරන් තවම මාසයක්වත් නෑ. මැනේජර් අපට කියපු විදියට නම් තවම නිල වශයෙන් ‘විවෘත කරලත්’ නෑ. (අපි ගිහින් දැන් සතියකටත් වැඩියි. මේ වෙනකොට නම් ඕපන් කරල තියෙන්නෙ ඕන) පොඩි කඩයක් වුණාට බිත්තිවල ගහල තියෙන ග්‍රැෆිටි, ටිකක් පිළිවෙලකට තියෙන මේස-පුටු, ලොකු කලු ලෑල්ලක ගහල තියෙන මෙනු එක වගේ දේවල් නිසා සාමාන්‍යයෙන් පාර අයිනෙ තියෙන කොත්තු කඩේකට වඩා සෑහෙන වෙනස් පෙනුමක් ඇවිත් තියෙනවා.

කෑම

එක එක වර්ගවල බර්ගර්, කොත්තු, රයිඩ් රයිස් වගේ කෑම වර්ග ගොඩක් එයාලගේ මෙනු එකේ තියෙනවා. ෂවර්මා නම් තියෙන්නේ හවසට. මැනේජරුත් හොඳයි කියපු නිසා අපි චිකන් කෝඩ්න් බ්ලූ බර්ගර් එකකුයි (රු. 300), බීෆ් බර්ගර් එකකුයි (රු. 220), සී ෆුඩ් කොත්තු (රු. 500) එකකුයි ඕඩර් කළා. හැබැයි සී ෆුඩ් කොත්තුව වැරදිලා මාරුවෙලා; අපට හම්බ වුණේ මික්ස් කොත්තුවක්.

කෝඩ්න් බ්ලූ එකේ චිකන් එක හරි ම රහයි. බීෆ් පැටි එකත් හොඳයි. එයාලා පටනග්ත්තු අලුත නිසා කෑම ගැන හොඳ-නරක කියන්න තවම කල් වැඩි වුණත්, බර්ගර් දෙකට ම තව තක්කාලි, පික්ල් වගේ මොනව හරි දේවල් ටිකක් එකතුවුණානම් හොඳයි කියල අපට හිතෙනවා.


කොත්තුව නම් හොදට ම තියෙනවා. කොත්තුව ගහද්දි දාන හොද්දෙ තමයි රහස තියෙන්නේ. කලින් කීව වගේ අපි සී ෆුඩ් කොත්තුවක් ඕඩර් කළාට සී ෆුඩ්වලට අමතර ව අපේ කොත්තුවේ චිකනුත් තිබුණා.

අඹ ජූස් එකත් රසයි. ඒත් අයිස් දාලා තිබුණේ නෑ. කොහොමත් මට නම් කොත්තු, බර්ගර් වගේ කෑම එක්ක යන්නේ පළතුරු බීම එකකට වඩා කොකාකෝලා එකක් තමයි.

තැන

බිත්ති පිරෙන්න ඇඳල තියෙන ග්‍රැෆිටි නිසා කඩේට පොඩි අමුතු ගතියක් එකතුවෙලා තියෙනවා. මැනේජර් අපට කීවේ එයා අඳුරන කෙනෙක්ට කියල අන්දවගත්තා කියලා; මොනව වුණත් ඇඳපු කෙනා නම් සෑහෙන හොඳ ආටිස්ට් කෙනෙක්. ලොකු ඉඩකඩක් නැතත් ගොඩක් කොත්තු කඩවලට වඩා පිළිවෙලට, පිරිසිදුවට තියෙනවා.

අවසාන වශයෙන්

තවම එයාලා පටන්ගත්ත අලුත නිසා, අපට තව මාසයක් දෙකකින් තමයි හරියට ම ‘ස්ට්‍රීට් මීට්’ ගැන කියන්න පුළුවන්. බලමු අපි ඊළග පාර යද්දි එයාලා මොන විදියේ වෙනස්කම් කරලා තියෙයිද කියලා.


TIP

Go in the evening for Shawarmas

Address

Galle Road, Colpetty

Directions

About a minute's drive after passing Crescat, just before the Colpetty Junction. It's one in the line of shops right there.

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Western Sri Lankan Fast Food Fusion

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Meats Kottu Burgers Shawarma

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments