Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

Subway (Rajagiriya)

No. 49/1, Sri Jayawardenepura Mawatha, Ethul Kotte, Rajagiriya


The Subway franchise has finally set up shop in Rajagiriya. It's great for people who live in the area because we don't have to haul ourselves over to boring old Colpetty for our sandwich fix.



හප්පේ! දැන් දැන් රාජගිරිය පැත්තට රෙස්ටෝරන්ට් හැදෙනවා වැඩියිනේ. ඔන්න අලුතෙන් සබ්වේ එකකුත් දාලා. ඔය ගැන අපේ සාරායි, දිනිතියි දෙන්න ම ඉන්නේ ඉහ වහා ගිය සන්තෝසෙන්. මොකද ඒ දෙන්නගේ ගෙවල් ළඟපාතනේ.විවෘත වෙලා දවස් කීපෙකින් මේ පැත්තේ යන්න ඒ දෙන්නා සූදානම් වුණා. මාත් එයාලට එකතු වුණේ කාලෙකින් සබ්වේ එකක් වන්දනා කරන්න වෙලාවක් හම්බවුණේ නැති නිසයි.

තැන

ඉස්සර රාජගිරියේ ඩයිනමෝර් එක තිබුණු තැන මතකද? ඔය පාලම ළඟ හමීඩියා, KFC කඩ පේළිය එක්ක ම තිබුණේ. අලුත් සබ්වේ එක තියෙන්නෙත් එතැන. කොල්ලුපිටියේ ලොකේෂන් එකට වඩා මෙතන සෑහෙන්න හොඳයි. පැත්තෙන් ගලන ගඟේ වීව් එකත් බල බලා ම කෑම කන්න පුළුවන්.

කෑම බීම

සාරා මට්න් කොෆ්තා (රු.590) එකක් ගත්ත අතරේ, මම ඕඩර් කළේ චිකන් පිසියෝලා (රු.590) එක. අපේ දිනිති මස් මාළු ගැන කැමැත්තක් නැති නිසා, එයා අල පැටී සබ් (රු.450) එකක් ගත්තා.

මුලින් ම කියන්නම්කො මගේ චිකන් පිසියෝලා එක ගැන. මේක සුපිරි සබ් එකක්. හැබැයි අඩුම කුඩුම ටික හරියට තෝරගන්න ඕනේ. මම සිලෙක්ට් කරපු හැලපීනෝ චීස් බන් එක මේ සබ් එකට හොඳට ම ගැලපුණු බව තමයි සාරාත් කිව්වේ. සබ් එකේ මැද සම්පූර්ණෙන් ම ඩයිස් කරපු චිකන් සහ බීෆ් පෙපරෝනිවලින් පිරෙන නිසා, මම එළවලු විදියට තෝරගත්තේ තක්කාලි සහ සලාද කොළ විතරයි. ස්වීට් චිලි සෝස්වලින් ඩිංගකුත් දාගත්තා (එක ඉරක් වගේ). චෙඩාර් චීස් වෙනුවට මොස්රෙල්ලා පාවිච්චි කරපු එකත් හොඳට ගියා. කොටින් ම කිව්වොත් මේකෙන් ආවේ චිකන් පීසා එකකට හුරු රස. චිකන් තොගයක් ම දාලා තියෙන නිසා, අඟල් හයේ සබ් එකක් කෑවත් බඩ පිරෙනවා.

සාරා ගත්ත මට්න් කොෆ්තා එක මේ දවස්වල සබ්වේ එකේ තියෙන ප්‍රොමෝෂන් එකක්. ඔය කොෆ්තා කියන්නේ මීට්බෝල් ජාතියක්නේ. හැබැයි අපි හිතුව තරම් මේක හරි නෑ. එයාලා පෝස්ටරේ දාලා තිබුණේ නම් ඇරබික් ස්පයිස්වලින් මැරිනෙට් කරලා කියලයි. ඒත් අපට එහෙම ගතියක් තේරුණේ නැහැ. ඇත්තම කිව්වොත් මේ කොෆ්තාවල තිබුණේ තද සුදු ළූණු රසක්. ඔලිව්, සලාද කොළ, තක්කාලි එක්ක, චෙඩාර් චීස් දාලා ඕඩර් කරපු මේ සබ් එක අපි කෑවේ, මොනවා වුණත් ඒක විසි කරන එක අපරාදයක් නිසා.

අල පැටී සබ් එක ෂේප්. රස පැටී එකක් තිබුණා. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් මේක ගැලපෙයි. එළවලු ජාති ටිකක් වැඩි කරලා දාගන්නකෝ. ඇඟටත් ගුණයිනේ.

සර්විස් එක

විවෘත කරපු අලුත කියලා නෑ, මෙතන හරි හරියට සෙනඟ. වටේපිටේ ඉස්කෝල කීපයකුත් තියෙනවනේ. සෙනඟ වැඩි වුණාට සර්විස් එකේ අවුලක් තිබුණේ නැහැ. පට ගාලා අපේ සබ් ටික හදලා දුන්නා. ස්ටාෆ් එකේ අයත් හරි ම සුහදශීලී විදියට කතාබහ කරනවා.

අවසාන වශයෙන්

කාට කොහොම වෙතත් අපේ රාජගිරියේ ඇත්තන්ට මේක සුබ ආරංචියක් වේවි කියලා අපි හිතනවා. ආයේ ඉතින් සබ්වේ එකෙන් කන්න තකහනියක් කොල්ලුපිටියට එන්න ඕනේ කියලයැ. ඔය තියෙන්නේ දැන් ගෙවල් ළඟ ම එකක්.  


TIP

They've got frequent offers, so be sure to check up on them. Also a combo of their sweet chilli+honey mustard sauces is what you need to give your sub a flavour kick.

Address

No. 49/1, Sri Jayawardenepura Mawatha, Ethul Kotte, Rajagiriya

Directions

It's where the old DineMore used to be. Right past the bridge onto your left.

Contacts

Website Facebook

Report Inaccuracy

Open until 11:45 PM

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Salad Cookies Submarines

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment