Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Subway

347, R. A. De Mel Mawatha, Colombo 03


The international franchise Subway has come a long way since they first set up shop here. Our recent visit however, proved that Subway is now sub-par when it comes to their food.



සබ්මැරීන් කිව්වාම අපිට ජාති දෙකක් මතක් වෙනවනෙ. එකක් මුහුදේ යන සබ්මැරින්. අනිත් එක තමයි අපි කෑමට ගන්න සබ්මැරින්. අද මම කියන්න යන්නේ නියම සබ්මැරින් එක රස බලන්න පුළුවන් තැනක් ගැන.

කොල්ලුපිටියෙ වාලුකාරාම පාරට හැරෙන වංගුවත් එකක් තමයි සබ්වේ එක පිහිටලා තියෙන්නෙ. කොළ පාටයි කහ පාටයි අකුරින්, ඉස්සරහ ලොකුවට 'SUBWAY' කියල ගහල තියෙන සුදු පාට ගොඩනැගිල්ල ඈත තියා වුනත් ඕනම කෙනෙක්ට හඳුන ගන්න පුළුවන්. මුළුමනින්ම පරණ තාලෙට හදල තියෙන මේ ගොඩනැගිල්ලෙ, එළිමහන් භෝජනාගාරයක් වගේම උඩ තට්ටුවකුත් තියෙනවා. බැලූ බැල්මට සබ්වේ එකේ පෙනුමට නම් මම හරිම කැමතියි. හැබැයි ඉතිං පාරිභෝගිකයන්ගෙ වාහන නම් නවත්වන්න තියෙන්නේ වාලුකාරාම පාර දෙපැතේතේ තමයි.

වාතාවරණය

යාළුවත් එක්ක බයිසිකලේ ගියපු නිසා සබ්වේ එකේ ඉස්සරහ දොර ළඟින් බැහැපු මම යාළුවට බයිසිකලේ දාලා එන්න කියලා ඇතුලට ගියා. තද අව්වේ ආවත් ඇතුලේ තිබුණ හොද වායුසමන තත්ත්වය නිසා මහන්සිය නම් ඉබේටම වගේ අඩුවෙලා ගියා. ස්වයං සේවා ස්ථානයක් වන සබ්වේ එකේ කෑම ඇණවුම් කරන්න තියන විදිය ටිකක් වෙනස්. කැෂියර් එකයි පොඩි මුළුතැන්ගෙයයි එකට තමයි තියෙන්නේ. ඊට පිටිපස්සෙන් ටිකක් උඩට වෙන්න එයාලා ළඟ තියෙන හැම කෑම වර්ගයක් වගේ මිළ ගණන් එක්කම දාලා තියෙනවා. ඒ නිසා අපිට ආස කෑම වර්ග වගේම බීම වර්ග වුනත් හොඳට හිතලා බලලා තෝරගන්න පුළුවන්.

නියම වැඩේ තමයි සබ්වේ එකේ සබ්මැරින් හදන විදිය. ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපිට ඕන සබ්මැරින් එක මෙයාලා මුළුමනින්ම හදන්නේ අපෙන් අහලා. සබ්මැරින් එකට එන බනිස් එක, මස් වර්ග, චීස් වර්ග, එළවළු වර්ග වගේම සෝස් වර්ගත් අපි තමයි තෝරන්න ඕන. ඒ විතරක් ද අපිට ඕන නම් වැඩිපුර මස්  හරි චීස් හරි වුණත් එකතු කරගන්න පුළුවන්. කෑම ඇණවුම් කරන තැන ලොකු වීදුරු ෂෝ කේස් එකක බනිස් වර්ග, මස් වර්ග වගේම එළවළු වර්ග ටිකත් වෙනම වෙනමම තියලා තියෙනවා. අනිත් කාරණය තමයි අපි ඉල්ලන සබ් එක හදන්නෙ අපේ ඉස්සරයම නිසා බනිස් එක කපන තැන ඉඳන් අවන් එකට දාලා රත් කරනකල්ම වැඩේ යන විදිය අපිට බලන් ඉන්න පුළුවන්. ඇත්තෙන්ම මම නම් ඒ ක‍්‍රමයට හරිම කැමතියි.

ආහාර සහ සේවාව

උදේට කාලත් නැති නිසා ටිකක් ලොකුවට කන්න හිතපු මම මෙනුව බලලා කලින්ම හිතේ තියා ගත්තු කළුකුම් මස් සබ්මැරින් (අඟල් 12 - රු. 940) එක වැඩිපුර චීස් (රු. 100) ටිකකුත් දාලාම ඇණවුම් කලා. සබ්වේ එකේ සබ්මැරින් සාමාන්‍යයෙන් අඟල් 12ක් දිග (foot length) වගේම අඟල් 6ක් දිග ප‍්‍රමාණයටත් එන්නේ අපේ බඩගින්නෙ හැටියට තෝර ගන්න. අඟල් 12ක් දිග මගේ සබ් එකට කළුකුම් මස් පෙති එක පේලියට නවලා තියලා ඊට උඩින් චීස් පෙතියි පොඩියට කපපු චීස් කෑලියි ගොඩක් දාන විදිය මම බලන් හිටියෙ හරිම ආසාවෙන්. ඊට පස්සේ එයාලා බනිස් එක අවන් එකේ දාලා චීස් ටික උණු වෙනකම් රත් කරනවා.

චීස් ටික පදමට උණු වුනාම එළියට ගන්න සබ්මැරින් එකට දාන එළවළු ටිකත් තේරුවෙ මමමයි. ඉතින් තක්කාලි පෙති, පොඩියට කපපු ළූණු, ගෝවා, මිරිස් වගේම කළු ඔලිව් කෑලි ටිකකුත් දාන්න කියපු මම සබ්මැරින් එකේ සැර හදාගන්න මොනවද තියෙන්නේ කියල බැලුවා. පොඩි අවුලක්. එයාලා ළඟ සැර හදා ගන්න නම් මොනවත්ම නෑ. පොඩ්ඩක් හරි සැරට කියලා තියෙන්නේ මිරිස් සෝසුයි ගම්මිරිසුයි විතරයි. මොනව කරන්නද කමක් නෑ කියලා මිරිස් සෝස් ටිකක් වැඩි පුරයි බාබකියු සෝස් ටිකකුයි රස පදමට එන්න ගම්මිරිස් කුඩුයි ලුණු කුඩු ටිකකුයි දාලා මම මගේ සබ්මැරින් එක අතට ගත්තා. කන ගමන්ම බොන්නත් මොනව හරි එපැයි. ඉතින් මම කළු කෝපි (රු. 150) එකකුත් ඇණවුම් කළා.

ඒ අතරෙ මගේ පිටිපස්සෙන් ආපු යාළුවත් වෙනස්ම කෑම එකක් අරගෙන. ඒක සලාදයක් (රෝස්ට් චිකන් - රු. 490) ප්ලාස්ටික් පිඟානකට පොඩියට කපපු ළූණු , ගෝවා, මිරිස්, කළු ඔලිව් වගේම තක්කාලි පෙතිත් ගොඩක් දාලා හරි ලස්සනට හදපු සලාද පිඟානෙ උඩින්ම තිබුනෙ ලොකු බැදපු කුකුල් මස් පෙත්තක්. හැබැයි ඉතින් රෝස්ට් කිව්වට ඒක රෝස්ට් කරපු පාටක් නම් තිබුණෙ නෑ. හරියට නිකන් බේක් කරලා වගේ. කොහොම හරි මස් පෙත්තට උඩින් මිරිස් සෝස් ගොඩකුයි බාබකියු සෝස් ටිකකුයි පදමට හරියන්න ගම්මිරිස් කුඩුයි දාලා තමයි යාළුවා සලාදය හදාගෙන තිබුණෙ. බැලූ බැල්මට කන්න හිතෙනවා. යාළුවා බොන්න ගත්තෙ කෝකා කෝලා (රු. 100) එකක්. බිල ගෙවලා ඉවර වෙලා කෑම ටික අතට ගත්ත අපි භෝජනාගායෛ කෙළවරේ තිබුණ මේසෙකට ගිහින් වාඩි වුණේ නිදහසේ කෑම රස බලන්න  ඕන නිසා.

ඉස්සෙල්ලම කෝපි එකට සීනි දාලා පදමට හදාගත්තු මම සබ්මැරින් එකේ රස බලන්න පටන් ගත්තා. කළුකුම් මස් පෙති වල රසට කලවම් වුණු චීස් රස නම් දිවට දැනෙන කොටම කටට කෙල උණනවා. ඒ අතරට තක්කාලි වලිනුයි ඵෑණු වලිනුයි එන ඇඹුල් ගතිය මිශ්‍ර සැර ගතිය සබ් එකෙන් පුංචි වෙනස් රසකුත් ගේනවා. එළවළු රසත් පොඩ්ඩක් කලවම් වුණාම මස් පෙත්තෙයි චීස් වලයි රස මැද්දෙන් චීස් දාපු බනිස් එකෙන් එන රස නිසා මට නම් සබ් එකේ භාගයක් කන්න විනාඩි 10ක් වත් ගියේ නෑ. ඒත් ඉතින් සබ් එක තව පොඩ්ඩක් සැරට තිබුණ නම් කියලා මට අන්තිමට හිතුණා. කෝපි එකත් නියම පදමට, සීනි රස මැද්දෙන් ආපු ලා තිත්ත ගතිය නිසා සබ් එකේ තිබුණ චීස් රස දිවෙන් අයින් වෙලා. දැන්නම් ආයෙත් කාගෙන කාගෙන යන්න පුළුවන්.

සබ්මැරින් එකෙන් භාගයක් කාපු මම අනෙක් භාගය යාළුවට දීලා එයාගෙ කුකුල් මස් සලාද පිඟාන ලං කරගත්තෙ ඒකෙත් රස බලන්න ආස හිතුණ නිසා. කුකුල් මස් පෙත්තෙ බැදුණු රස කොහොම වුණත් ලුණු ගම්මිරිස් දාලා පදමට තම්බපු රසක් නම් එනවා. ළූණු, ලීක්ස්, මිරිස් කෑලි ටිකක් එක්ක පුංචි තක්කාලි පෙත්තකුයි කුකුල් මස් කෑල්ලකුයි ගෑරප්පුවෙ අමුණගෙන කටට දාගත්තාම දැනෙන රස නම් උපරිමයි. එළවළු රස කලවම් වුණු කුකුල් මස් රසයි පොඩි සැර ගතියක් එක්ක එන සෝස් රසයි නිසා නිසා සලාද පිඟානෙ යාළුවා ඉතුරු කරල තිබුණ කුකුල් මස් කෑලි දෙක තුන නම් මම කටට දෙකට කාලා ඉවර කලේ යාළුවගෙ කෝක් එකෙන්ම උගුරක් දෙකක් රස බලන ගමන්.

ඇණවුම් කරපු කෑම ටික විනාඩි 15ට 20ට ඉවර කරපු අපි දෙන්නගෙ බඩවල් වල තව පොඩි ඉඩක් තිබුණ නිසා ආයෙත් පාරක් කැෂියර් එක ළඟට ගියේ වෙනස්ම රසක් තියෙන සබ්මැරින් එකක් ඇණවුම් කරන්න හිතාගෙන. භෝජනාගාර සේවකයකුගෙනුත් අහල බැලුවාම තමයි අපි දැන ගත්තෙ කුකුල් මස් ටෙරියාකි සබ් එක පුංචි සැර ගතියක් එක්ක එන රසක් තියෙන එකක් කියලා. ඉතිං අපි දෙන්න වැඩිපුර චීස් ටිකකුත් දාලම කුකුල් මස් ටෙරියාකි අගල් 6යේ සබ්මැරීන් (රු. 590) එකක් ඇණවුම් කළා.

''ම්... ෂහ් මරුනෙ'' ඇත්තටම මම කලින් ගත්ත සබ් එකට වඩා ටෙරියාකි සබ් එක හොඳයි. ජපන් ක‍්‍රමයට හදපු ටෙරියාකි කුකුල් මස් එකට උඩින් දාපු දියාරු චීස් ටික නම් දැක්කාම නම් කන්න ආස හිතෙනවා. ලාවට එන කුළු බඩු රසක් කලවම් වුණු කුකුල් මස් එකට චීස් රසයි සෝස් වල සැරගතියි එකතු වුණාම ආපු හුරු පුරුදු රස නිසා ටෙරියාකි සබ් එක ඉවර කරන්නත් අපි දෙන්නට විනාඩි 5ක් නම් යන්න නැතිව ඇති.

අනුමිතිය

හිතේ හැටියට සබ්මැරින් කාපු අපි දෙන්නා විනාඩි 5ක් විතර භෝජනාගාරයෙ වාඩි වෙලා හිටියේ කාපු කෑම ටික බඩට බහින කම්. ඇත්තෙන්ම සබ්වේ එකේ කටට සැරට කන්න කෑම නැති වුණාට බඩ පැලෙන්න කන්න පුළුවන් නියම සබ්මැරීන් සෙට් එකක් නම් තියෙනවා. ඒ වුණාට යාළුවයි මායි කොල්ලුපිටියේ සබ්වේ එකෙන් එළියට බැස්සෙ නම් ටික්ක සැර කෑම ටිකක් මෙනුවට එකතු වුණ දවසක ආයෙත් මෙතනට ඇවිල්ලා බඩ කට පිරෙන්න සබ්මැරින් කාලා යන්න හිතාගෙන.

 


TIP

Don't go here.

Address

347, R. A. De Mel Mawatha, Colombo 03

Directions

It's just past Mahanama College, on the corner of Walukarama Road and Duplication Road.

Contacts

Website

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Salad Sandwiches Coffee

Ratings Breakdown

Overall Rating
1
Quality Rating
1
Service Rating
2
Ambience Rating
1

Similar Places

User Reviews
A
3

1/5

0

AL2007

Order some items from SUBWAY SRI LANKA - the order included

Smoked Chicken, Egg, and Cheese Sandwich - refer picture at the crap they sent.


Roast Beef Sandwich - ref pic at the crap they sent.

Beef Meatball Marinara Sandwich - NEVER received

I have eaten at many subway outlets across the world and I am well aware of what is served and I know this is NOT what is offered. This is shocking and tarnishes the overall reputation of subway.

T
1

2/5

0

the_liyanageeey

Urgh not Subway again!

P
1

1/5

0

PrasadK

Went there twice, both occasions they did not have any kind of pickles. Subs without pickles is like pizza without cheese!

A
3

1/5

0

AL2007

Order some items from SUBWAY SRI LANKA - the order included

Smoked Chicken, Egg, and Cheese Sandwich - refer picture at the crap they sent.


Roast Beef Sandwich - ref pic at the crap they sent.

Beef Meatball Marinara Sandwich - NEVER received

I have eaten at many subway outlets across the world and I am well aware of what is served and I know this is NOT what is offered. This is shocking and tarnishes the overall reputation of subway.

T
1

2/5

0

the_liyanageeey

Urgh not Subway again!

P
1

1/5

0

PrasadK

Went there twice, both occasions they did not have any kind of pickles. Subs without pickles is like pizza without cheese!

S
2

3/5

0

Shehan Kamil

Tried first time, good food.

C
1

1/5

0

Chamil U

I visited subway recently. All the quality was gone. Inside was hot as hell, flies all over the place, even on the topping, buns etc… and staff do not even care to keep out the files from the sandwich they make. whole scene was disgusting.

A
5

4/5

0

ajlalwani

Consistent and quick service. great value for money

J
1

4/5

0

Jathu(rootlk)

when we went there its crowded, as for the review and comments lets go by this month end and see :P :P

S
1

5/5

0

ShehanJ

Hopped in yesterday. The smell of the food reminded me of my old London days. Staff was helpful and service was quick. Wish this will be same for the days to come as well :)
The location was crowded though maybe it's the first week of opening. All in all, Love the atmosphere, food and service
Kudos to Subway!!

See 51 Comments