Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Sugar Bistro & Wine Bar

89 Galle Road, Crescat Boulevard (adjacent to the Cinnamon Grand Hotel), Kollupitiya


We liked Sugar Bistro in the past and three years down the line that still hasn't changed. Their food is tasty, they offer a great atmosphere for dining and the service is some of the best you'll experience in Colombo.



කාලෙකට කලින් රට ගියපු මගේ යාළුවෙක් පහුගිය දවසක ලංකාවට ආවේ පොඩි නිවාඩුවකට. අවුරුදු ගණනකින් හරියට කතා කරන්න බැරි වුණු නිසා, යාළුවා ලංකාවට ආව ගමන් අපි කරපු පළමුවෙනිම දේ තමා මුණ ගැහෙන්න දවසකුයි තැනකුයි ලෑස්ති කරගත්ත එක. පහුගිය සෙනසුරාදා හවස් වරුවේ මම ඕපාදූප මල්ලකුත් අතින් කටින් එල්ලගෙන Sugar Bistro and Wine Bar එකට ගොඩ වුණේ මෙන්න මේ නිසා.

තැන

කොල්ලුපිටියේ Crescat සාප්පු සංකීර්ණයට ඇතුල් වෙන තැනම වම් අත පැත්තේ තමයි මේක පිහිටලා තියෙන්නේ. කාට වුණත් හරිම සැහැල්ලුවෙන් හැන්දෑවක් ගෙවන්න පුළුවන් තැනක් බව මෙතැන දැකපු ගමන් ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. අවන්හල ඇතුළත වගේම, පිටතත් සුවපහසුවට වාඩිවෙන්න ඉඩ සලස්වලා තියෙනවා. අව්ව ගතියත් තුරන් වෙලා, හොඳ හුලඟකුත් වැදෙන නිසා, අපි හිතුවා එලියේ තියෙන මේසෙක වාඩිවෙන්න. ඒ වාඩිවෙලා විනාඩියක් ගියේ නැහැ, වේටර් කෙනෙක් අපේ අතට මෙනු එක දීලා ගියේ බොහොම සුහදශීලී විදියට.

කෑම බීම

කෑම වර්ග ගොඩක් නැතත්, බීම වර්ග නම් හරි හරියට මේ මෙනු එකේ තිබුණා. සුප්, සැලඩ් වගේ කෑම වර්ග කීපයක්ම starter විදියට තිබුණත්, තරමක් බඩගින්නේ හිටපු නිසා අපි හිතුවා සැන්විච් එකකින්ම අපේ කෑම පටන්ගන්න. ඒ නිසාම අපි ඕඩර් කලේ බේකන් දාපු Bacon Butty සැන්විච් (රු.700) එකක්. මේ එක්කම, අපි චිකන් quesadilla (රු.1000) එකකුත්, Champagne sauteed prawns (රු.1900) පිඟානකුත් ඇණවුම් කළා. බීම විදියට අපි ගත්තේ Pineapple මොහිටෝ (රු.450) එකක්.

තරමක ඕඩරයක් නිසා අපි හිතුවා ටිකක් වෙලා යයි දෝ කියලත්. ඒත් විනාඩි 5ක් ගියේ නැහැ මෙන්න කෑම බීම ටික අපේ මේසේ උඩ!

ටෝස්ට් කරපු පාන් පෙති දෙකක් මැද බේකන් තීරු පුරවලා හදපු බේකන් බටී සැන්විච් එකේ හොඳ රසක් තිබුණා. ෆිලින් එකේ නම් ඊට වඩා දෙයක් නොතිබුණු එක නම් ලොකු අඩුවක්. ඒත් අපි හිත හදාගත්තේ මේකත් එක්ක ලැබුණු උණුම උණු පොටැටෝ වෙජස්වල රස නිසා. පිටතින් ලාවට කරස් සද්දෙකින් හැපෙන ගතියක් තිබුණට, මේ පොටැටෝ වෙජස්වල ඇතුලතින් දැනුණේ ගානට තම්බුණු අල කෑල්ලක මෘදු ගතිය. තක්කාලි සෝස් ටිකකුත් තැවරුණාම පංකාදු රසක් තමයි මේකෙන් ආවේ.

විනාකිරි රසට ආස කරන අයට කියාපු කෑමක් තමයි මේකත් එක්ක ලැබුණු සලාදය. විනාකිරිවල ගිල්ලපු තම්බපු කැරට් තීරු, බෝංචිවලින් තමයි මේ සලාදය හදලා තිබුණේ. ගම්මිරිස් ඇට දෙක තුනකුත් මේකට එකතු කරලා තිබුණු නිසා, තරමක සැර ගතියකුත් මේ සලාදෙන් දැනුණා.

අපි ඕඩර් කලේ චිකන් quesadilla එකක් වුණත්, කැමති නම් සීෆුඩ් දාලා සීෆුඩ් quesadilla එකක් විදියටත් මේක ගන්න පුළුවන්. Quesadilla කියන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ මෙක්සිකන් කෑමක්නේ. පරාටා විදියේ රොටි වර්ගයක් මැදට, කරි චිකන් යහමින් පුරවලා හදල තිබුණු මේ quesadilla එකේ රසට අපි වහ වැටුණා කිව්වොත් වඩාත් නිවැරදියි.තක්කාලි, ළූණු, දාලා හදපු පුංචි සලාදයකුත්, මයෝනිස් වගේම Guacamole ටිකකුත් එක්ක තමයි මේක පිළිගැන්වෙන්නේ. Guacamole කියන්නේ හොඳටම පොඩි කරපු අලිගැටපේර වලින් හදන මෙක්සිකන් ඩිපින් එකක්. හැබැයි ලාවට දැනෙන පේර රසකුත් මේකේ තිබුණා. මේවත් එක්ක එකතු වුණාම quesadilla එකෙන් ආවේ කොහොමවත්ම බැහැයි කියන්න බැරි රසයක්.

Champagne sauteed prawns එක නම් නියමයි.මේක ඉස්සෝ එකතු කරපු පැස්ටා එකක්. ගානට තම්බලා පොතු අයින් කරපු ලොකු ඉස්සෝ, ග්‍රීන් fettuccine, ලොකු හැඩේට කපපු තක්කාලි උඩින් චීස් කුඩු ඉහලා තමයි මේක හදලා තිබුණේ. 1900ක් වගේ ගාණකට නම් මේක පාඩුයි කියලත් අපට නොහිතුණාම නෙවෙයි. ඒත් ඉස්සෝයි, චීසුයි යහමින් දාලා තිබුණු නිසාත්, ෂැම්පේන් රසකුත් මේකෙන් දැනුණු නිසා රස පැත්තෙන් ගත්තොත් නම් ඒකට අඩුවක් කියන්න බැහැ.

පයිනැපල් මොහිටෝ එකේ හොඳ රම් රසක් තිබුණා. මේකට දාලා තිබුණු දෙහි, මින්චි කොළ වගේම අන්නාසි කෑලිවලින් තද ඇඹුල් රසයක් ඇවිත් තිබුණත්, ඒක අවුලක් විදියට දැනුණේ නැහැ අපට මේ රම්වල රස නිසා. අමුතුවෙන් අටුවා ටීකා ලියන්න දෙයක් නැතත්, හොඳ මොහිටෝ එකක තියෙන්න ඕනේ රස අඩුවක් නැතුවම මේකේ තිබුණු වග  කියන්න පුළුවන්.

මෙක්සිකන් churros (රු.450) තමයි අපි අතුරුපස විදියට තෝරාගත්තේ. සීනි තවරපු, තරමක් දිගින් යුතු චූරෝ පහක්ම මේකට ලැබෙනවා. උණු චොකලට් ඩිපින් එකකුත්, නැවුම් ස්ට්‍රෝබෙරි ඩිපින් එකකුත් එක්ක තමයි මේක පිළිගැන්වෙන්නේ. හපන වාරයක් ගාණේ එන කරස් සද්දේ මේකේ තියෙන නැවුම් බව කියාපාන්න හොඳම සලකුණක්. මේ චොකලට් ඩිපින් එකේ තද චොකලට් රසක් තිබුණා. ස්ට්‍රෝබෙරි ඩිපින් එක හදලා තිබුනෙත් ස්ට්‍රෝබෙරි ගෙඩි පොඩි කරලා. කලින් කාපු කෑමවලින් කොච්චර බඩ පිරිලා තිබුණත් මේක අපි කෑවේ ඉස්පාසුවක් නැතුව. ඒ තරම් රසක් මේකෙන් අපට දැනුණා.

සර්විස් එක

ෂුගර් බිස්ට්‍රෝ එකේ සර්විස් එක හොඳටම හොඳයි. විනාඩි පහක් යන්නත් කලින් කෑම බීම ටික ආව වෙලාවෙම තමයි අපට ඒක තේරුණේ. කෑම බීම තෝරගනිද්දී වුණත් හොඳ සහයක් එයාලගෙන් ලැබෙනවා.

අවසාන වශයෙන්

මෙක්සිකන් රසට හුරු කෑම තමයි ෂුගර් බිස්ට්‍රෝ එකේ වැඩිපුරම තියෙන්නේ. අපේ මුළු බිලත් රුපියල් 6000ක් වගේ වුණා. බඩ පිරෙන්නම කන්න ලැබුණත්, දෙන්නෙක්ට ඒ වගේ වියදමක් යන එක තරමක් වැඩියි කියලයි අපේ අදහස නම්. ඒ නිසා පොඩ්ඩක් අතේ මිටේ සල්ලි ගැවසෙන වෙලාවක යන්න පුළුවන් නම් තමයි හොඳ.

කොළඹ මැද්දෙම පිහිටලා තියෙන අවන්හලක් වුණත්, හරිම සැහැල්ලු වටපිටාවක් තමයි මෙතැන තියෙන්නේ. ඒ නිසා යාලුවෙක් එක්ක පරණ ආ ගිය වත ගොත ටිකක් කතා කරන්න යන්න වගේම, පවුලේ අයත් එක්ක වුණත් කෑම වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට ෂුගර් බිස්ට්‍රෝ එක හඳුන්වන්න පුළුවන්.


TIP

They've got churros for dessert!
All Reviews

We liked Sugar Bistro in the past and three years down the line that still hasn't changed. Their food is tasty, they offer a great atmosphere for dining and the service is some of the best you'll experience in Colombo.

Sugar Bistro & Wine Bar is one of the latest in Colombo's flurry of new eateries. They serve breakfast, tapas, main courses, wine and, of course, the Sugar burger. We really like this place. The food and drinks are good, but what's really great is the crowd and location.

සිංහල කාලෙකට කලින් රට ගියපු මගේ යාළුවෙක් පහුගිය දවසක ලංකාවට ආවේ පොඩි නිවාඩුවකට. අවුරුදු ගණනකින් හරියට කතා කරන්න බැරි වුණු නිසා, යාළුවා ලංකාවට ආව ගමන් අපි කරපු පළමුවෙනිම දේ තමා මුණ ගැහෙන්න දවසකුයි තැනකුයි ලෑස්ති කරගත්ත එක. පහුගිය සෙනසුරාදා හවස් වරුවේ මම ඕපාදූප මල්ලකුත් අතින් කටින් එල්ලගෙන Sugar Bistro and Wine Bar එකට ගොඩ වුණේ මෙන්න මේ නිසා.

සිංහල කොළඹට එකතු වෙන අලුත් අවන්හල් අතරින් එකක් තමයි ෂුගර් බිස්ට්‍රෝ ඇන්ඩ් වයින් බාර්. (බලන්න Arabian Knights, Qbaa, Navayuga, R&R, Tsing Tao ආදිය.) මෙයාලා උදේ කෑම, ටපාස්, ප්‍රධාන කෑම වේලවල්, වයින් සහ ෂුගර් බර්ගර් පිළිගන්වනවා. අපි මෙතැනට ආදරෙයි. කෑම බීම හොඳයි. ඒත් හොඳම දේ තමයි මෙතනට එන පිරිස සහ පිහිටි තැන.

සිංහල ෂුගර් බිස්ට්‍රෝ සහ වයින් බාර් (Sugar Bistro & Wine Bar) කොළඹ අලුත්ම බොජුන්හලක්. (බලන්න Arabian Knights, Qbaa, නවයුග, R&R, Tsing Tao ආදී වෙනත් තැන්) ෂුගර් බිස්ට්‍රෝ පිරිනමනවා උදය කෑම, තපස්, ප්‍රධාන කෝසස්, වයින් හා සීනි බර්ගර්. අපි හරි කැමතියි මේ තැනට. කෑම හා බීම හොඳයි. ඒත්, ඇත්තෙන්ම විශිෂ්ට වන්නේ එහි සි‍ටින සෙනග හා පිහිටීමයි.

Address

89 Galle Road, Crescat Boulevard (adjacent to the Cinnamon Grand Hotel), Kollupitiya

Contacts

E-Mail Facebook Twitter

Report Inaccuracy

Open 7 AM to Midnight

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
X
1

4/5

0

Xperia:)

Had my first experience at Sugar in October and it was great! The staff were extremely helpful and obliging and the service was great! The food speaks for itself - tantalizing, clean flavours and it was easy to identify the ingredients when it hit the taste buds! A place that can be recommended without any doubt and definitely a returning customer!! :)

X
1

4/5

0

Xperia:)

Had my first experience at Sugar in October and it was great! The staff were extremely helpful and obliging and the service was great! The food speaks for itself - tantalizing, clean flavours and it was easy to identify the ingredients when it hit the taste buds! A place that can be recommended without any doubt and definitely a returning customer!! :)

See 21 Comments