Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

Sugar Bistro & Wine Bar

89 Galle Road, Crescat Boulevard (adjacent to the Cinnamon Grand Hotel), Kollupitiya


We liked Sugar Bistro in the past and three years down the line that still hasn't changed. Their food is tasty, they offer a great atmosphere for dining and the service is some of the best you'll experience in Colombo.



කොළඹට එකතු වෙන අලුත් අවන්හල් අතරින් එකක් තමයි ෂුගර් බිස්ට්‍රෝ ඇන්ඩ් වයින් බාර්. (බලන්න Arabian Knights, Qbaa, Navayuga, R&R, Tsing Tao ආදිය.) මෙයාලා උදේ කෑම, ටපාස්, ප්‍රධාන කෑම වේලවල්, වයින් සහ ෂුගර් බර්ගර් පිළිගන්වනවා. අපි මෙතැනට ආදරෙයි. කෑම බීම හොඳයි. ඒත් හොඳම දේ තමයි මෙතනට එන පිරිස සහ පිහිටි තැන.

හවස්වරුවලට ෂුගර් එක පිරෙන්නම වගේ සෙනග. කොළඹ කදිම අවන්හල් ගණනාවක්ම තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒවට ගිහින් බලද්දි ඔයා විතරයි එතන ඉන්නේ. (Casa බලන්න.) ෂුගර්හිදී නම් මේක වෙන්නේ නෑ.

ක්‍රෙස්කට් බුලවාර්ඩ් එකේ තියෙන නිසා ෂුගර් සිනමන් ග්‍රෑන්ඩ් එක ආසන්නවමයි තියෙන්නේ. ළඟදීම ආරම්භ වන Hyatt එක පෙනෙන මානයේ. මේක ඔයාලට යන්න පුළුවන් හොඳ තැනක්. අඩක් ඇතුළේ, අඩක් එළියේ ක්‍රමයට කෑම කන එක රෑට නම් කදිමයි. අනිත් එක ප්‍රධාන පාරකට කිට්ටුව තියෙන එකත් කොළඹට ටිකක් අළුත් දෙයක්නේ. වාහන තදබදය, ශබ්දය වගේ දේවල් නිසා ඒකට කැමති නැති අයත් ඉඳීවි. ඒත් මෙතන හවස් වෙනකොටනම් නියමයි. සඳළුතලයේ ඉඳන් ගාලු පාර දිහා බලාගෙන හිටියත්, ඇතුළේ හිටියත් උද්දීපිත, අලංකාර නගරයක ඉන්නවා වාගේ ඔබට දැනෙයි. අහල පහළ හෝටල්වල ලයිට් සහ කාර් ඇදිලා යන සද්දේ නාගරික පරිසරයක් මවාවි. කොළඹ තියෙන හුදකලා අවන්හල් වලට වඩා මේක හරිම වෙනස්. හුදකලා අවන් හලක ඉන්න එක හරියට නගරෙන් සම්පූර්ණයෙන්ම ඈත් කරලා ගාල් කරලා වගේ ඔබට දැනේවි. ඒත් ෂුගර්, එයාලගේ වහල උඩ තියෙන ලෙමන් අවන්හල වගේම අවට පරිසරයට සම්බන්ධ වෙන්නේ නාගරික පරිසරය අවන්හලට ලබාදෙමින්. මේක හොඳයි. මේක කාලයක් මෙතන තිබුණ ඩෙලිෆ්‍රාන්ස් එකටනම් හරි ගියේ නැහැ. ඒත් ෂුගර් එකටනම් මෙතන හරියටම හරි යනවා.

කෑම

සමස්තයක් විදිහට කෑම හොඳයි. උදේ කෑම නියමයි. ඒ වගේම පුදුම සහගත ලෙස මිල අඩුයි. මෙනූ එකේ තිබුණ ගොඩක් ජාති රුපියල් 300ක් විතරයි. අපි ගත්තා all-day breakfast. මේක තමා මිල වැඩිම. (රුපියල් 900.) ඒකට තිබුනා බිත්තර දෙකයි බේකන්, සොසේජස් දෙකයි, ග්‍රිල් කරපු ටමැටෝ බේක්ඩ් බීන්, ටෝස්ට්, ජෑම්, කෝපි/තේ, පළතුරු බීම, නැවුම් පළතුරු. BLT සැන්ඩ්විච් එකක් රුපියල් 300යි. හොට් චොක්ලට් එකක් රුපියල් 350යි. BLT එක අති විශිෂ්ටයි. බේකන් එක හොඳ තත්වයේ එකක්. එච්චර තෙල් නෑ. අනිත් එක බේකන් ඇති වෙන්න තිබුණා. all-day breakfast හරිම රසයි. හැබැයි අනිත් ඒවට වඩා මිල වැඩියි. අවංකවම කියනවනම් සැන්ඩ්විච් හරිම රසයි. රස තීරණය වෙන්නේ ඔබ මොන තරම් බඩගින්නෙන්ද ඉන්නේ කියන එක මතයි. ඒත් අපිනම් කියන්නේ ටිකක් මිල අඩු කෑම වලින් තෝර ගන්න කියලයි.

ටපාස් වලට අපි එච්චර උත්සාහ කළේ නැහැ. අපි කෑවේ miniature beef cordon bleu (රුපියල් 400) සහ මොසරැල්ලා චීස් බෝල්ස් (රුපියල් 470) ඒවා පිළිගැන්නුවේ රසවත් ගිලුම් දෙකක් එක්ක. ඒවා හොඳයි. ඒත් ගෙදර ගිහින් ලියන්න තරම් දෙයක් නෙවෙයි. ගෙවපු මුදලට වටින්නෙත් නැහැ. කොහොම උණත් අපි ටපාස් මෙනූ එකේ තියෙන අනිත් දේවල් රස බැලුවේ නැති නිසා ඒ ගැන කියන්න අමාරුයි තවම. ඒත් ප්‍රධාන ආහාර සහ අතුරුපස කදිමයි. ඒ වගේම මගේ අසල හිටි අයගේ කෑම වේල් දිහත් මම හොරෙන් බැලුවා. ඒවගේ රසයි වගේ පෙනෙන කෑම තිබුණා.

ප්රසිද්ධ බර්ගර්

කාලයක් කරත්ත කාරයන්ගේ ප්‍රියතම කෑමක් වුන කැනොනිකල් ෂුගර් බර්ගරුත් බිස්ට්‍රෝ එකේ තියෙනවා. එක කාලෙකදී නයිට් ක්ලබ් බයිට් එකක් වෙලා තිබුණ කෑමක් (බර්ගර්) දැන් වැඩිපුර ජාති දාලා ප්‍රධාන කෑම වේලක් බවට පත් කරලා. ඉස්සර නිකංම පෙට්ටියකට එබූ බර්ගර්ස් දැන් එන්නේ ලොකු කෑලි විදිහට අච්චාරු එළවලුත් එක්ක sauerkraut (ගෝවාවලින් සකසනු ලබන ආහාරයක්) දාලා. ඒ වගේම ෂුගර් ඩැඩි කියලා කෑමකුත් මෙහෙ තියෙනවා. ඒක රුපියල් 900ක් වෙනවා. වටිනා කෑම වේලක්. ඔයාලා ගොඩක් මස් කන්න බලාගෙන එනවනම් කෑම රුචිය වැඩි කරන්නත් එක්ක අපි තවමත් නිර්දේශ කරන්නේ ස්ටේක් සැන්ඩ්විච්.

බීම

ටපාස් ගැන හරියටම දන්නේ නැති වුණාට මෙතන බීම වර්ග කදිම වගේම මිල අඩුයි. කොක්ටේල් රුපියල් 400ත් 600ත් අතර මිලයි. වයින් වර්ග 15ක් විතර මෙහෙ තියෙනවා. මිල තීරණය වෙන්නේ බෝතල් වර්ගය අනුව.

The Ambrella Fizz සහ Clover Leaf දෙකම රුපියල් 400යි. මෙහෙ තියෙන්නේ නැවුම් පලතුරු යුෂ. හරියට ගහෙන් කෙළින්ම වීදුරුවට මිරිකලා වගේ. අපි මේ කියපු බීම වර්ග දෙකටම කැමතියි. ඒවා සමහර විට කොළඹ තියෙන හොඳම සහ මිල අඩුම කොක්ටේල් වෙන්න පුළුවන්.

ඒ වගේම ග්‍රැනිටාස් රුපියල් 200 සිට 400 දක්වා වෙනවා. ඒවත් නියමයි.

නිගමනය

අපි කැමතියි ෂුගර් එකට. ගොඩක් කැමතියි. එයාලා හැමතිස්සෙම හොඳම දේ දෙනවා. ෂුගර් එකේ ඇතුළත, පිහිටීම, සැරසිලි හැමදෙයක්ම හොඳයි. හොඳම දේ තමයි ඒක හැමතිස්සෙම කාර්ය බහුල වීම. ඔයාලට දැනෙන්නේ සජීවී, කලබලකාරී නගරෙක ඉන්නවා වගේ. මේක මෙච්චර ජනප්‍රිය වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේක හවස් වරුවේ වයින් වීදුරු කීපයක් බොන්න පුළුවන් රසබර, ලස්සන තැනක්. එහෙම නැත්නම් සති අන්තෙක කම්මැලි උදෑසන ආහාරයක් ගන්න හොඳ තැනක්. අනිවාර්යයෙන්ම මෙතනට යන්න.

TIP

They've got churros for dessert!
All Reviews

We liked Sugar Bistro in the past and three years down the line that still hasn't changed. Their food is tasty, they offer a great atmosphere for dining and the service is some of the best you'll experience in Colombo.

Sugar Bistro & Wine Bar is one of the latest in Colombo's flurry of new eateries. They serve breakfast, tapas, main courses, wine and, of course, the Sugar burger. We really like this place. The food and drinks are good, but what's really great is the crowd and location.

සිංහල කාලෙකට කලින් රට ගියපු මගේ යාළුවෙක් පහුගිය දවසක ලංකාවට ආවේ පොඩි නිවාඩුවකට. අවුරුදු ගණනකින් හරියට කතා කරන්න බැරි වුණු නිසා, යාළුවා ලංකාවට ආව ගමන් අපි කරපු පළමුවෙනිම දේ තමා මුණ ගැහෙන්න දවසකුයි තැනකුයි ලෑස්ති කරගත්ත එක. පහුගිය සෙනසුරාදා හවස් වරුවේ මම ඕපාදූප මල්ලකුත් අතින් කටින් එල්ලගෙන Sugar Bistro and Wine Bar එකට ගොඩ වුණේ මෙන්න මේ නිසා.

සිංහල කොළඹට එකතු වෙන අලුත් අවන්හල් අතරින් එකක් තමයි ෂුගර් බිස්ට්‍රෝ ඇන්ඩ් වයින් බාර්. (බලන්න Arabian Knights, Qbaa, Navayuga, R&R, Tsing Tao ආදිය.) මෙයාලා උදේ කෑම, ටපාස්, ප්‍රධාන කෑම වේලවල්, වයින් සහ ෂුගර් බර්ගර් පිළිගන්වනවා. අපි මෙතැනට ආදරෙයි. කෑම බීම හොඳයි. ඒත් හොඳම දේ තමයි මෙතනට එන පිරිස සහ පිහිටි තැන.

සිංහල ෂුගර් බිස්ට්‍රෝ සහ වයින් බාර් (Sugar Bistro & Wine Bar) කොළඹ අලුත්ම බොජුන්හලක්. (බලන්න Arabian Knights, Qbaa, නවයුග, R&R, Tsing Tao ආදී වෙනත් තැන්) ෂුගර් බිස්ට්‍රෝ පිරිනමනවා උදය කෑම, තපස්, ප්‍රධාන කෝසස්, වයින් හා සීනි බර්ගර්. අපි හරි කැමතියි මේ තැනට. කෑම හා බීම හොඳයි. ඒත්, ඇත්තෙන්ම විශිෂ්ට වන්නේ එහි සි‍ටින සෙනග හා පිහිටීමයි.

Address

89 Galle Road, Crescat Boulevard (adjacent to the Cinnamon Grand Hotel), Kollupitiya

Contacts

E-Mail Facebook Twitter

Report Inaccuracy

Open 7 AM to Midnight

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
X
1

4/5

0

Xperia:)

Had my first experience at Sugar in October and it was great! The staff were extremely helpful and obliging and the service was great! The food speaks for itself - tantalizing, clean flavours and it was easy to identify the ingredients when it hit the taste buds! A place that can be recommended without any doubt and definitely a returning customer!! :)

See 22 Comments