Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Sugar Bistro & Wine Bar

89 Galle Road, Crescat Boulevard (adjacent to the Cinnamon Grand Hotel), Kollupitiya


We liked Sugar Bistro in the past and three years down the line that still hasn't changed. Their food is tasty, they offer a great atmosphere for dining and the service is some of the best you'll experience in Colombo.



ෂුගර් බිස්ට්‍රෝ සහ වයින් බාර් (Sugar Bistro & Wine Bar) කොළඹ අලුත්ම බොජුන්හලක්. (බලන්න Arabian Knights, Qbaa, නවයුග, R&R, Tsing Tao ආදී වෙනත් තැන්) ෂුගර් බිස්ට්‍රෝ පිරිනමනවා උදය කෑම, තපස්, ප්‍රධාන කෝසස්, වයින් හා සීනි බර්ගර්. අපි හරි කැමතියි මේ තැනට. කෑම හා බීම හොඳයි. ඒත්, ඇත්තෙන්ම විශිෂ්ට වන්නේ එහි සි‍ටින සෙනග හා පිහිටීමයි.

පිහිටීම

හැම හැන්දෑවකම වගේ ෂුගර් බිස්ට්‍රෝ සෙනගින් පිරිලා. කොළඹ හොඳ අවන්හල් තිබෙනවා. ඒත්, බොහෝ වෙලාවට ඒවායේ ඉන්නේ ඔබ පමණයි. මෙහි එහෙම නැහැ.

සංචාරකයෝ වැඩිපුර එන  Crescat Boulevard හි පිහිටි ෂුගර් බිස්ට්‍රෝ අසල සිනමන් ග්‍රෑන්ඩ් හා හයට්ද පිහිටා තිබෙනවා.  ෂුගර්ටත්, එහි ගනුදෙනුකරුවන්ටත් මේ පිහිටීම කදිමට ගැලපෙනවා. බාගයක් ඇතුළතත්, බාගයක් පිටතත් විලාසිතාවේ බොජුන්හල රාත්‍රියට සුන්දරයි. ප්‍රධාන පාරට ආසන්නයේ මෙසේ පිහිටා තිබීමත් කොළඹට අලුත්. මාර්ග තදබදය හා ශබ්ද පිළිබඳ අදහසක් ප්‍රධාන පාර අසල පිහිටා තිබෙනවාය කී ගමන්ම ඇතිවනමුත් සැන්දෑවට මෙතැන ප්‍රබෝධජනකයි. ගාලුපාර දෙස බලාගෙන සඳලුතලයේ සිටියත්, ඇතුලත සිටියත් ඔබත් මේ කුහුල දනවන, ක්‍රියාශීලී නගරයේ කොටස්කරුවකුය යන හැඟීම ඇතිවෙනවා. අවට හෝටල්වල හා වාහනවල එළි නිසා අගනාගරික වාතාවරණයක් ඇතිවෙනවා. මෙය ඔබව නගරයෙන් මුළුමනින්ම වෙන් කර වෙනම තැනක ස්ථානගත කරන්න උත්සාහ කරන වෙනත් අවන්හල්වල වාතාවරණයට වඩා හාත්පසින්ම වෙනස්. බිස්ට්‍රෝ වගේම එහි සහෝදර වහල්තල අවන්හල වන ලෙමනුත් අවට නාගරික වටපිටාව එහි වාතාවරණයට හා අලංකරණයටත් යොදාගෙන ඒ පරිසරය සමග ජීවිත හුවමාරුවක යෙදෙනවා. එය හරිම හොඳයි. එය Delifrance අවන්හල සමග ගැලපුණේ නැතිවුණාට මේ අවන්හල්වලටනම් පෑහෙනවා.

ආහාර

සමස්තයක් ලෙස ඔබට මෙතැනින් හොඳ බොජුන් ලැබෙනවා. උදය ආහාරය ඉතා අපූරුයි. ඒ වගේම මිළත් පුදුම හිතෙනතරම් සාධාරණයි. මෙනුවේ තිබෙන අයිතම කීපයක්ම රු. 300ට ගන්න පුළුවන්. අපි ගත්තා සමස්ත උදය ආහාරය. රු. 900ක් වූ එයට බිත්තර දෙකක්, බේකන්, සොසේජ් දෙකක්, ග්‍රිල් කළ තක්කාලි, බේක් කළ බෝංචි, ටෝස්ට්, ජෑම්, තේ, කෝපි, පලතුරු යුෂ, නැවුම් පලතුරු, විවෘත BLT සැන්විච්, (රු. 300) සහ උණු චොකලට් (රු. 350) අඩංගු වුණා. සැන්විච් ඉතා කදිමයි. බේකන් හොඳ තත්වයේ. වැඩිය මේද නැහැ. ඇති තරම් තිබුණා. සමස්ත උදය ආහාරය මිළෙන් වැඩිවුණත් අතිශය රසවත්. විශේෂයෙන්ම සැන්විච් රසයි. ඒත් එහි රසය තීරණය වන්නේ බඩගින්නේ හා කෑදරකමේ තරමට. අපි ඔබට නිර්දේශ කරනවා මෙනුවේ තිබෙන මිළෙන් අඩු තෝරාගැනීම්.

අපි තපස් එතරම් කාලා බලලා නැහැ, බීෆ් කෝඩන් බ්ලූ ටිකක් (රු. 400) සහ රසවත් ඔබා කෑ හැකි දේ කීපයක් සමග පිරිනැමුණ මොසරෙල්ලා චීස් බෝල (රු. 470 සහ ඒ අංශයේ ආරම්භක කෑම) හැර. ඒවා හොඳ වුණත් ලියන්න තරම් විශේෂයක් හෝ මිළට වටිනාකමකුත් නැහැ. අපි තපස් මෙනුව එතරම් කාලා බලලා නැති නිසා අදහස් දක්වන්න බැහැ. ඒත්, ප්‍රධාන ආහාර හා අතුරුපස ඉතා හොඳ බව පෙනෙනවා. අනෙකුත් අයගේ කෑම බඳුන් බලනවිට රසවත් ආහාර පෙනුණා.

බීම

මෙහි බීම ඉතා හොඳයි. මිලෙනුත් සාධාරණයි. කොක්ටේල් රු. 400 සිට රු. 600 දක්වා. විවිධ වර්ග 15ක වයින් වර්ග තිබෙනවා. වර්ගය අනුවයි මිළ.

රු. 400ක් වූ ඇඹරැල්ලා ෆිස් හා Clover Leaf රසවත්. ඔවුන් පාවිච්චි කරන්නේ නැවුම් යුෂ. හරියට පලතුරු කෙළින්ම ඔබේ බඳුනට මිරිකුවා වගේ. අපි මේ බීම දෙවර්ගයට ඇත්තෙන්ම කැමතියි. ඒවා කොළඹදී ලැබෙන මිළෙන් සාධාරණම හා‍ හොඳම කොක්ටේල්.

පෙනෙන විදියට රු. 200 සිට 400 දක්වා වන ග්‍රැනිටාස්ද ඉතා හොඳයි.

නිගමනය

අපි කැමතියි ෂුගර් බිස්ට්‍රෝට. ගොඩක් කැමතියි. එය හැම පැත්තකින්ම ඉතා හොඳයි. වාතාවරණය, පිහිටීම, අලංකරණය ආදී හැමදෙයක්ම. හොඳම දේ තමයි, එතැන හැමවිටම කාර්යබහුල වීම. ඔබට හැ‍ඟෙනවා ඔබත් කාර්යබහුල, ක්‍රියාශීලී නගරයේ කොටස්කරුවකුය කියා. එය මෙතරම් ඉක්මණින් ජනප්‍රිය වීම පුදුමයක් නොවෙයි. මෙය හැන්දෑවට වයින් වීදුරු කීපයක් බොන්නත්, සති අන්තයේ ප්‍රමාද වී උදය ආහාරයක් බුදින්නත් රසබර, සුන්දර තැනක්. අනිවාර්යයෙන්ම යන්න.

TIP

They've got churros for dessert!
All Reviews

We liked Sugar Bistro in the past and three years down the line that still hasn't changed. Their food is tasty, they offer a great atmosphere for dining and the service is some of the best you'll experience in Colombo.

Sugar Bistro & Wine Bar is one of the latest in Colombo's flurry of new eateries. They serve breakfast, tapas, main courses, wine and, of course, the Sugar burger. We really like this place. The food and drinks are good, but what's really great is the crowd and location.

සිංහල කාලෙකට කලින් රට ගියපු මගේ යාළුවෙක් පහුගිය දවසක ලංකාවට ආවේ පොඩි නිවාඩුවකට. අවුරුදු ගණනකින් හරියට කතා කරන්න බැරි වුණු නිසා, යාළුවා ලංකාවට ආව ගමන් අපි කරපු පළමුවෙනිම දේ තමා මුණ ගැහෙන්න දවසකුයි තැනකුයි ලෑස්ති කරගත්ත එක. පහුගිය සෙනසුරාදා හවස් වරුවේ මම ඕපාදූප මල්ලකුත් අතින් කටින් එල්ලගෙන Sugar Bistro and Wine Bar එකට ගොඩ වුණේ මෙන්න මේ නිසා.

සිංහල කොළඹට එකතු වෙන අලුත් අවන්හල් අතරින් එකක් තමයි ෂුගර් බිස්ට්‍රෝ ඇන්ඩ් වයින් බාර්. (බලන්න Arabian Knights, Qbaa, Navayuga, R&R, Tsing Tao ආදිය.) මෙයාලා උදේ කෑම, ටපාස්, ප්‍රධාන කෑම වේලවල්, වයින් සහ ෂුගර් බර්ගර් පිළිගන්වනවා. අපි මෙතැනට ආදරෙයි. කෑම බීම හොඳයි. ඒත් හොඳම දේ තමයි මෙතනට එන පිරිස සහ පිහිටි තැන.

සිංහල ෂුගර් බිස්ට්‍රෝ සහ වයින් බාර් (Sugar Bistro & Wine Bar) කොළඹ අලුත්ම බොජුන්හලක්. (බලන්න Arabian Knights, Qbaa, නවයුග, R&R, Tsing Tao ආදී වෙනත් තැන්) ෂුගර් බිස්ට්‍රෝ පිරිනමනවා උදය කෑම, තපස්, ප්‍රධාන කෝසස්, වයින් හා සීනි බර්ගර්. අපි හරි කැමතියි මේ තැනට. කෑම හා බීම හොඳයි. ඒත්, ඇත්තෙන්ම විශිෂ්ට වන්නේ එහි සි‍ටින සෙනග හා පිහිටීමයි.

Address

89 Galle Road, Crescat Boulevard (adjacent to the Cinnamon Grand Hotel), Kollupitiya

Contacts

E-Mail Facebook Twitter

Report Inaccuracy

Open 7 AM to Midnight

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
X
1

4/5

0

Xperia:)

Had my first experience at Sugar in October and it was great! The staff were extremely helpful and obliging and the service was great! The food speaks for itself - tantalizing, clean flavours and it was easy to identify the ingredients when it hit the taste buds! A place that can be recommended without any doubt and definitely a returning customer!! :)

X
1

4/5

0

Xperia:)

Had my first experience at Sugar in October and it was great! The staff were extremely helpful and obliging and the service was great! The food speaks for itself - tantalizing, clean flavours and it was easy to identify the ingredients when it hit the taste buds! A place that can be recommended without any doubt and definitely a returning customer!! :)

See 21 Comments