Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Sugar Bistro & Wine Bar

5, Alexandra Place, Colombo 07

  • Closed right now


The Sugar Bistro & Wine Bar has set up shop amongst the swanky cafes in the newly revamped ODEL foodcourt.



ෂොපින් යනවැයි කියල එහෙමත් ගිණි අව්වෙ?

හම්මෝ… පැයයි ඇවිද්දෙ යාළු දෙන්නට නිකම් පණ නෑ වගේ. වෙලාවට විහාර මහාදේවි පාර්ක් එක වටේට ගස් තිබ්බෙ. ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ කොටන් ක්ලෙක්ෂන් එකෙන් එළියට බැස්ස සනික දෙන්නම තඩි ගහක් යට.

“කතා කරන්න එපා පුංචො, ගන්න වතුර එක!” එක උගුරට ඔන්න වතුර බෝතලෙනුත් බාගයක් ඉවරයි.

“මෙහ්, මෙහෙම ෂොපින් කරන්න ගියොත් නම් ගන්න ඇඳුම් අඳින්නවත් අපිව ඉතුරු වෙන එකක් නෑ. ඒ නිසා ඊලඟ තැනට යන්න කලින් හොඳට ප්ලෑන් කරල යමු. එකපාරම වැඩේ ඉවර වෙන්නවත්!”

“ඒක නේන්නං අයියෙ. පට්ට අව්වක් තියෙන්නෙ. මං හිතුවෙ නෑ කොළඹ මෙහෙම ඇති කියල. බොලේ, කණ්ඩලම හොඳයිනෙ...”

“හරි මං කියන්නං. කාඩ් එකටත් ඩිස්කවුන්ට් තියෙන නිසා, ෆුඩ් කෝට් එකත් අත ළඟම නිසා අල්ලමු කෙළින්ම ඔඩෙල් එකට. ඇඳුම් තිබ්බ නැතා අවුලක් නෑ, සෙට්වෙන එකක් අරගෙන වැඩේ ක්ලෝස් කරමු. හාද?”

“ඔව් අප්ප. ඒක නම් හොඳ අදහස. වෙලාවෙ හැටියට වෙන කරන්න දේකුත් නෑනෙ. මේ ටික ඒනම් අමාරුවෙන් හරි ඇදගමු නේ.”

විනාඩියක දෙකක රෙස්ට් එකකින් අනතුරුව අපි ආයෙත් පාරෙ. හැබැයි ඒ පාර නම් වටපිට බැලිලි නෑ, කෙළින්ම ඔඩෙල් එක ඇතුළෙ.

කිව්වත් වගේ ඉතින්… දන්නැද්ද යාන්තම් ගලපල ඇඳුම් 2, 3ක් ගත්ත. අරගෙන එළියටත් බැහැලා… බැලූ බැල්මට දෙන්නටම ඇහැ ගැටුණෙ අල්ලපු වත්තෙ තිබ්බ සුගර් බිස්ට්‍රෝ එක.

“දෙන්නම එක පාර බැලුව නේ.. යං යං. ඒ කියන්න ඒක හොඳයි” ගෑනු ළමයිනේ කියල, මාත් හිත හදාගෙන ඔන්න ගොඩවුණා.

හිතපු තරම් නරකක් නෑ. ඔය සර්විස් එකේ ඉඳන්ම තියන්නෙ නිකම් කිරි කෑවා වගේ. ‘ගුඩ් ඊව්නින් සර්’ පාරක් එහෙම දාලා, මේසයකුත් පෙන්නල, මෙනු 2, 3ක්ම දුන්නෙ අතට.

“ඉන්න ඉන්න මං බලන්නං මට ඕන ඒවා. ඔයා බලන්න ඔයාට ඕන ඒවා”

කාලා වරෙන්කො, වෙනදට තෝරල දෙන්න කියල මැරෙන්න හදන මනුස්සය අද?

ඒකත් ගෑණු ළමයිනේ.. කියල හිත හදාගත්ත මම, මටය කියල තේරුව ‘ෂකුර් පීසා’ (රු. 1600) එකක් . ඒ අතරට එයා තෝරල ‘බැටිකලෝ ප්‍රෝන්ස් කරි ඇන්ඩ් රයිස්’ද (රු. 1350) මොකක්ද එකක්.

“මේ පෝෂන් එක නම් පොඩියි සර්” වෙලාවට සේවක මිත්‍රය ගේන්න කලින්ම දැනුවත් කලේ. “ආ.. ඒකට කමක් නෑ, ගේන්නකො මේ.. බ්ලැක් පෝර්ක් විත් පොල්රොටි (රු. 850) එකකුත්. ඒකයි බොන්න ලයිම් (රු. 400) එකයි ඇඹරැල්ල (රු. 375) එකයි”

හරි සර්…

ඕඩරේ දාලා ඉතින් අසාර්ථක වුණු ෂොපින් කිරිල්ල ගැනමයි අපේ කතාව වුණෙත්

“කමක් නෑ. ආයෙ දවසක දාගමු” පසුතැවිල්ලක් නොවෙන්න ඔන්න දෙන්නම හිත් හදාගත්ත. ඊටත් ඒ අනික් පැත්තට කෑම ටිකත් මේසෙට ආවනෙ.

එයා කෙළින්ම රයිස් එකට බහිද්දි මම ඇල්ලුවෙ පීසා පෙත්තක්.

ෂැහ්! පීසම කඩයක් නෙවේ නිසා මම හිතුවෙ පොඩි හරි අවුලක් තියෙයි කියල. මොන… ඔය තියෙන්නෙ ටොප් එකට. ආයෙ කටයි දෙකයි කෑවෙ කටට කෙළ උනනව. අවංකයෙන්ම සුප්ප පීසා එක ඈ. අනික වෙලාවෙ හැටියට රස ඩබල් ත්‍රිබල්. දාලා තියෙනව බේකනුයි, සොසේජසුයි පිරිල ඉතිරිලා යන්න. ඒ මදිවට මොසරැල්ලත් දාලා චීස් රසෙන් අනූනයි. ඔක්කොමත් හරි පදමට දාපු මිරිස්, අමු මිරිස්, ලූණු අඩුම කුඩුම ටිකෙන්නෙ.. තවත් රස වැඩිවෙලා. බොරු කියන්න ඕන නෑ පීසා එකේ සයිස් එකත් දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න තියෙනව.

ඒ වෙලාවෙ නම් මට හිතුණා අපරාදෙ අර පෝර්ක් විත් පොල් රොටිත් ගේන්න කිව්වෙ කියල. හැබැයි ඒක මේසෙට ආවට පස්සේ... හිතුණ එක ඩබල් ත්‍රිබල්. කොටින්ම කියතොත් ගෙනාපු මනුස්සයගෙ මූණට දමල ගහන්න හිතුණ.

සේවක මිත්‍රය මොනව කරන්නද කඩේ වැරැද්දට! මම නිකම් කිව්වෙ.

හිතන්නකො යාළු මාරි බිස්කට් එකක් සයිස්, පත්තරයක් විතර තුනී, රොටියක් උඩට තේ හැන්දකින් එකක් වගේ පෝර්ක් ටිකක් දාලා, එයින් 6ක් පිඟානක තියල දුන්නාම… ඒකත් රොටියෙ පොල් ගතිය දැනෙන්නෙවත් නැති ගානයි, පෝර්ක් එකේ බ්ලැක් ගතිය..? අපි ගෙදරින් ගෙනැල්ල අඩුම කුඩුම දාන්න ඕන මගෙ හිතේ. අනේ නිකම් පෝර්ක් කරියක්!

කොහොමහරි ඒ අතරට අරය බත් එකට නම් වැඩේ දීලා. යාන්තම් එක කටක් එක්ක ඉස්සෙක් කාගත්තෙ. බැටිකලෝමද දන්නෙ නැති වුණාට කරියෙ රස ටොපේ ටොප් හොඳේ. හැබැයි මොකක්දෝ අමුතු ඉන්දියන් ගතියක් ඇවිල්ල තියෙනව, මගෙ හිතේ මිරිස් තුනපහ අඩුම කුඩුම එක්ක මීකිරි හරි, මොනවහරි කිරි ජාතියක් දාලා. මොකද කිරි රස සෑහෙන්න වැඩියි. ඒ නිසාම සැරත් යට ගියපු ගතියක් තිබ්බෙ. අනික බතුත් නිකම් කහබත්නෙ. අනිත් එළවළු ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ, අඹ චට්නියි, පොල් සම්බෝලයි, ලූණු සම්බෝලයි.

ඔක්කොමත් හරි කාලා බීලා වැටිල ඉන්න අතරට නිකමට බිව්ව ඇඹරැල්ල උගුරක්, චැහ්! කියල හිතුනෙ ඈ… සාමාන්‍යයෙන් ඇඹරැල්ල ජූස් හදන්නෙ ඉදිච්චගෙන්නෙ. මෙයාලා අමුවයෙන් හදල. ඇඹුල් රහට ආස අයට නම් හොඳයි. ඒත් මට නම්…

ඔන්න ලයිම් එක තිබ්බ යන්තම් පදමට, රසට, සීතලට. ඒක බීලා ඉතින් හිත හදාගත්ත, ඇත්තටම

…ඒත් අර ගණන්වල හැටියට, මොකක්ද මොකක්දෝ අවුලක් හිතට, හ්ම්…!


TIP

No alcohol is served between 2 - 5 PM.

Address

5, Alexandra Place, Colombo 07

Directions

The ODEL department store is right down Alexandra place, in Town Hall.

Contacts

Facebook

Report Inaccuracy
Similar Places

User Reviews
N
1

2/5

0

nadeerar

Stopped for tea and was given such a poor excuse for it!! Customer service also not great.

N
1

2/5

1

Nishadiwathsala

Bad customer service. Don't even know how to respect the customers with dignity.

N
1

2/5

0

nadeerar

Stopped for tea and was given such a poor excuse for it!! Customer service also not great.

N
1

2/5

1

Nishadiwathsala

Bad customer service. Don't even know how to respect the customers with dignity.

See 3 Comments