Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

3/5

Summer Set

Oruthota, Kandy

Summer Set is known for their Kottu, and is one of the places to drop into for a quick bite in Kandy.

අච්චර වළවල් තියෙන පාරෙ ඇවිල්ලත් අපේ උන් නිදි කියන්නකො. එහාට පැද්දිපැද්දි, මෙහාට පැද්දිපැද්දි දෙපැත්තෙ ඉන්න කස්ටියගෙ ඇඟට බර වෙවි, සැපට නිදි.

“ඒ ඇයි බං මේම, හැම එකාම”

පැය භාගයක් විතර බලන් හිටිය කරා බැරිම තැන වචන ටිකක් එළියට දැම්මා.

“ඒම තමයි බං, හයික් එක ටිකක් දිග නිසා කට්ටියට මහන්සි ඇති”

උත්තර දෙන ගමන්ම මම බෑග් එකට අත දැම්මෙ කාන්සිය මකා ගන්න ඕන වෙන දේවල් ටිකක් අතට ගන්න. හී…

කොහොම හරි එතන ඉඳන් පැයක් විතර යන්න ඇති. කරයි, මායිත් බලා ගත්තු අතේ බලාගෙන ඉන්නව. රෑ හින්දා මෙලෝ සුන්දරත්වයක් පේන්නෙත් නෑනෙ.

“මේ..., මල්ලි! බඩගිනියි බං. කන්න නවත්තන්නං නේ”

වෑන් එකේ අයිය බැරිම තැනද කොහෙද අපෙන් ඇහුවා.

නින්දෙ හිටියට කට්ටිය ඇහැරුණොත් නම් දරුණුවට කන සීන් එකක් තියෙන්නෙ. ඒත් මොනව කරන්නද, අපිත් බඩගින්නෙනෙ.

“ඔන්න ඔහෙ, නවත්තමු අයියෙ. අපිටත් දැන් අම්බානක බඩගිනියි”

දෙපාරක් නොහිතම මමත් උත්තරේ දීලා දැම්මා.

නවත්තමු කිව්වත් හරි වාහනේ වේගෙ වැඩි වුණා කියන්නකො. දැන් වංගු කෙළින් කරගෙන යන සීන් එකක් තියෙන්නෙ. හැබැයි ඔය විදියට විනාඩි පහක් පැද්දෙ නෑ. දූවිල්ල කාගෙන ගිහින් වාහනේ නතර වුණේ වම් පැත්තෙ තිබ්බ නයිට් කඩයක් ළඟ.

බ්‍රේක් පාරටද කොහෙද අපේ එවුන් දෙන්නෙක් විතර නැගිටල.

“මොකෝ බං උනේ. වාහනේ හිට්ටද?”

“හිට්ට!, නෙවෙයි උ.. කන්න නැවැත්තුවා. බැහැපන්”

අර කිව්වත් වගේ කෑම කියපු ගමන් අපේ උන්දල දඩිබිඩි ගාලා කඩේ ඇතුළෙ කියන්නකො. මූණ කට හෝදගෙන කන්න ලෑස්ති වෙනව.

“එක්සියුස්, අ.. මොනවද කන්නෙ?”

කඩේ අයිති කෙනාද දන්නෑ, අපේ ඉස්සරහට ඇවිත් ලස්සන හිනාවක් එහෙම දාලා ඇහුවා.

“අපිට... චිකන් කොත්තුවකුයි (රු. 300), චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු. 300) 2කුයි දාන්න. හැබැයි ඔක්කොම ෆුල් ඒවා හොඳේ්”

කරා ඕඩරේ දැම්මා.

කෑම ටික ලෑස්ති වෙනකම් ෆුල් ආතල් එකේ සිංදුවක් අහගෙන ඉන්න පුළුවන් විදියට කඩේ අභ්‍යන්තර නිර්මාණකරණය කරල තියෙන්නෙ. ඒ කිව්වෙ සුපිරි බෆල් සෙට් එකක් හයි කරලා, ටෙක්නො, ඉලෙක්ට්‍රො, ඩබ්ස්ටෙප් ටයිප් සිංදු දාලා, හෙන පොෂ්. එතකොට බිත්තිවලත් ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් ආර්ට්ස් තොගයක් එල්ලා, පට්ට ලස්සනයි. කොටින්ම කියනව නම් වන වැදුණු අපූරු කැෆේ එකක් වගේ.

නින්දෙ ඉඳපු කස්ටිය බීට් එකට තාලෙ අල්ලන අතරෙ කැෂියර් යාළුවා හැඳි, ගෑරුප්පු, පිඟන්, වතුර වීදුරු ගෙනැල්ලා මේසෙ දෙක ලෑස්ති කරල දුන්නා. නියම වැඩේ තමයි සිංදුවෙ බීට් එකටම කොත්තුවත් වදින එක. බලන් ඉන්න ආසයි යාළු.

තඩි වීදුරු බන්දේසි දෙකක ඉස්සෙල්ලම මේසෙට ආවෙ ෆ්‍රයිඩ් රයිස් දෙක. ආයෙ හෙවිලි බැලිලි නෑ කට්ටිය වැඩේට බැස්සා. වීදුරු බන්දේසි එක හමාරක් හිස් වෙන්න උපරිම විනාඩි 5ක් යන්න ඇති. චිකන් කෑලි වාෂ්ප වෙන අතරට මමත් හැන්ද අරගෙන රයිස් කටවල් දෙක තුනක් බෙදා ගත්තා.

හප්පට බොල මේකෙ ගම්මිරිස්, නුවර පැත්ත උදවිය කන හැටිද මන්දා. අනික රයිස් එකේ චයිනීස් රසත් සෑහෙන්න මදි. කැරට්, ලීක්ස් ටික පදමට දාලා තිබුණට මොකද රයිස් එකට බිත්තර කැරලි වෙන්න බැදලා එකතු කරලත් නැති ගාණයි. චිකන් කෑලි හොයන්නත් බන්දේසියෙ පීනන්න වුණ සිද්ධියක් තිබුණෙ. මම හිතුවෙ අනිත් උන් කාලා ඇති කියල. බැලින්නම් ඒ ප්ලේට්වලටත් එම සෙතේමයි. හරියටම කිව්වොත් බඩ පැලෙන්න කන්න පුළුවන් ගාණට තිබුණෙ බත් විතරයි. හැබැයි මේසෙට ආපු හොදි ටිකක් දා ගත්තොත් නොකා ඉන්න පුළුවන්.අනේ බත් එක ටැප් එකට අල්ලල ගත්ත නම් ඊට වැඩි හොඳයි කිව්වහැකි. තනිකර පානීය ජලයයි, මිරිසුයි, තෙලුයි. වැරදිලාවත් තුනපහ නම් ගෑවිලාවත් නෑ.

බඩගින්නට රයිස් ගිලල, කට්ටිය චා වෙලා ඉන්න අතරෙ තමයි චිකන් කොත්තුව මේසෙට ආවෙ.

අඩේ, ඒක කියන්නකො මුලින් එන්න තිබුණෙ. රයිස් එකේ හැටියට දාහකින් සම්පතයි. චිකන් කෑලිත් ඇති පදමට තියෙනව. ලීක්ස්, කැරට් වගේම බිත්තරත් 2ක් විතර දාලා නිසා රසත් පංකාදු පහයි. හොඳට සැර ගතියත් තියෙනව. අනික රයිස් එකට වගේ අම්බානක ගම්මිරිස් දාලාත් නෑ. විශේෂයෙන්ම කියන්න ඕන, තැටියෙ ගහපු කොත්තුව නිසා පොඩි කර රසකුත් තියෙනව. ඒ හැම එකකටමත් වඩා මේ කොත්තුවෙ තියෙන අමුතුම ගතිය තමයි පොඩි තුනපහ රසක් එන එක. හරියට ගමේ රහට කොත්තු කෑවා වගේ.

හ්ම්ම්… වෙනසකටත් එක්ක නරකම නෑනෙ ඉතින්. හැරත් හැමදාම කන එකක්යැ. ඔන්න ඔයාලත් නුවර-මහියංගණ පාරෙ ගියොත් මතක තියා ගන්න… සමර් සෙට් රෙස්ටුරන්ට්. රයිස්වලට නෙවෙයි කොත්තුවලට හොඳේ!

TIP

Try Kottu

Similar Places

User Reviews
R
1

5/5

0

Rajitha Dihan

woow…great place and nice food.

U
2

5/5

1

Uthpala.heenkenda

නාරම්පනාවෙ හුලුගග කිඋවහම නුවර අයනම් ගොඩක් දෙනෙක් දන්නවා…අපේ family එකේ අයටත් නිවාඩුවක් හම්බවුනොත් ඔය පත්තේ නාන්න යන්න අමතක කරන්නේ නැ…
අපි දවසක් නාරම්පනාවෙ නාන්න ගිහින් එනකොට අහම්බෙන් වගෙ තමයි summerset restaurant එක හම්බ වෙන්නෙ…මේක තියෙන්නේ kandy - mahiyanganaya road එකේ Oruthota.
එලියෙන් දකිනකොටම මාර ,attraction එකක් තියෙන්න… දකිනකොටම professional restaurant කියල පේනවා…
එදා අපි ඔක්කොම 6 දෙනෙක් ගියා…අපෙ අප්පච්ච්ටනම් බත් කන්නෙ නතිව මොනව කාවත් වැඩක් නැ…එයා වාහනෙන් බහපු ගමන් අහුවෙ rice and curry ,තියනවද කියල… අපි අතුලට ගිහින් වාඩි උනා… අතුලත් මාර ලස්සනයි… ගොඩක් ලස්සන painting වගයක් බිත්තියේ ගහල තිබුනා… place එක ගොඩක් ලොකු නැති උනාට මාර පිරිසිදුයි… ලස්සන english songs වගයකුත් play කරල තිබුනා… තව පත්තකට වෙන්න motivation quotes board එකක් පිරෙන්න දිලා… අමුතුම concept එකක්…
අපි lunch වලට rice and curry , coconut rotti ,order කරා…මෙතන buffet නම් නැ… plated තමයි දෙන්නෙ… මෙයාලගෙ කැම වලට ලොකු value එකක් තියනවා… මොකද අනිත් ,place වල වගේ කෘත්‍රිම රසකාරක නැ… ගෙදර කනව වගෙ කන්න පුලුවන්… අනිත් එක තමයි මෙයාලගෙ lunch එකට කිරි කොස් හරි පොලොස් අබුල් හරි නම් වරදන්නෙ නැ… හබඉ ඉතින් පට්ට spicey… rotti එලට තියන නයි මිරිස් සම්බොලෙ එහෙම පට්ට සෑරයි…
Mahiyanganaya - kandy road එකේ යන වෙලාවක try කරල බලන්න … තව කෙනෙක්ට බය නතුව recommend කරන්න පුලුවන් place එකක්…
ආ අනිත් එක තමයි coffe lovers ලටත් හොඳයි… cappuccino… Mocha… expresso… coffe latte වගේ ඒවත් මෙතන තියනවා…

See 2 Comments