Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

3/5

Sunil’s

Manikpuragama, Situlpawwa road, Kataragama

  • Open until 08:00 PM


Have a Highland pasteurized milk bottle with tasteful Sri Lankan style rice & curry



මැණික් ගඟත් හිඳිලා.. හරි අවුලක් නෑ කියමුකො.

ඒත්, කතරගමට ගියා තමයි... රස්නෙ?

හප්පේ, ඒක දරාගන්න නම් වෙනම ම ක්‍රමයක් හොයාගන්න වෙනව. ඉන්න බෑ යාළු, බාටා උණුවෙන සයිස් එකට! ඒකත් අවුලක් නෑ හරි හමන් ගහක් කොළක්වත් තියෙනව නම් මුවාවෙන්න. එහෙමත් නෑනෙ.

අන්තිමට මුළු ටවුම පුරා ම කරක්ගහල කරක්ගහල, වාහනේ පාක් කළේ කඩයක. ඒකත් පාක් කරල අනික් පැත්තට මම, වාහනෙන් බැස්සෙ නෑ...

“ඇත්තටම, මොකක්ද අයියෙ ඒ වුණේ” හිතාගන්න බැරි තැන, දැම්ම මසාට පොඩි වචනයක්.

“ඒක නේන්නං බං මාත් බැලුවෙ. මගෙ හිතේ සෙනඟත් අම්බානක නිසා... සියලු හෙවන තැන් බුක් වෙලා, වෙන්න ඕන”

“හ්ම්… ඒ වුණත් බලන්නකො නේ” උඩට ගත්ත හුස්ම හෙමින් සැරේ පහත දාපු මම වාහනෙන් බැහැලා අඩිය දෙක ඔන්න කඩේ පැත්තට. ඒ වෙද්දි මසා නම් බැහැලා ඇතුළට ගිහිනුත් ඉවරයි. ඊටත් මම යනකොට හයිලන්ඩ් කිරි දෙකක් එහෙමත් ඕඩර් කරල.

“මේහ්... මං බැලුවෙ උදේටත් හරියට කාපු නැති එකේ බත් ටිකක් කාල ම කිරි බොනවද කියල. එතකොට එකපාරම ඉවරයිනෙ. නැත්නං වැඩ ටික ඉවර කරගෙන කන්න හිටිය කියන්නෙ ඉතින් රෑට තමයි ආයෙ..”

“ම්ම්... ඒකත් හොඳ අයිඩියා එක ඈ. ඒනම්... රයිස් ඇන්ඩ් කරි දෙකකුත් ඕඩර් කරමුද?”

“ඔව් ඔව්. ඕඩර් කරමු. මට… සැමන් එකක් (රු. 250)!”

“එළ එළ. ඒනං මම චිකන් රයිස් එකක් (රු. 300) ගන්නං” වෙලාව කියන්නෙ එවෙලෙ ම වගේ සේවක මිත්‍රයෙකුත් ආවා කියන්නකො, මසා ඕඩර් කරපු කිරි බෝතල් දෙකත් අරගෙන. ඉතින් එයාට දැම්ම බත් ඕඩරෙත්.

කොහොමහරි කෑම දෙක මේසෙට එද්දි නම් කිරි ඉවරයි. ඒත් ඒකෙ තිබ්බ ගැම්මත් එක්ක යටගිය බඩගින්න ආයෙත් උඩට.

කිව්වට විශ්වාස කරන්න යාළු, සුප්ප බත් එක ඈ... දැක්කාම කටට කෙල උනනව. සම්බ හාලෙ බතුයි, කොළ මැල්ලුනුයි, ගෝවා කිරට උයලයි, ලූණු කොච්චි සම්බෝලයි, සැමන් කරියයි. ඒ විතරක් නම් බැරියැ, කටගැස්මට බැදපු මිරිස් පපඩම්!

උණු උණු සම්බ හාලෙ බතේ සුවඳට පදමට සැමන් එක තමයි මට නම් නැගලම ගියේ. ඇත්තටම ඒක පුදුම රසක්, වගේ ම කට දන්න සැරක්. ඇයි යාළු කෑලිමිරිස්, අමුමිරිස් එක්ක ලූනු, සුදුලූනු, රම්පෙ කරපිංච අඩුපාඩුත් ගානට දාලා, තඩි සැමන් කෑලි ටිකකුත් දාලා, පොඩ්ඩ කරවෙන්න තෙලට දාලා… පිස්සු හැදෙනව ඈ. හිතන්නකො ඒ එක්ක හොඳ පදමට කිරි දාලා ළාවට හින්දපු ගෝවා එකකුයි... ලූනු, කෑලිමිරිස්, කොච්චි, ගම්මිරිස්, තක්කාලි හොඳ හැටි දාලා හදාපු සම්බෝලයකුයිත් එකතුවුණා කියන්නෙ... තලු මැරෙන්නෙ බලාගෙන ඉඳිද්දි!

ඒකටම ගැලපුණ කළවම් පළා මැල්ලුමත් ටොපේ ටොප්. එකම අවුල තිබ්බෙ මැල්ලුමට තව ඇඹුල් ටිකක් වැටෙන්න ඕන. ඒ හැරුනාම රතුලූනු පොඩ්ඩක් එහෙමත් වැටුණ නම් නොම්මර එකයි.

ආ... කියන්න බැරි වුණානෙ. මම රයිස් ඇන්ඩ් කරි ඕඩර් කළාට ඇත්තටම මසාගෙ චිකන් රයිස් එකෙනුත් ටිකක් ගත්ත. මොකද වෙනසක් දෙන්නත් එපැයි කෑම වේලට.

කිරි අප්පේ, ඒකෙ රස. පංකාදුයි ඈ. අර එකම අවුල තෙල් ගතිය පොඩ්ඩක් වැඩි එක තමයි. හැබැයි උණු ගතියයි, සුවඳයි, රසයි එක්ක ඒ ඔක්කොම පරාදයි. ලූණු, කැරට්, ලීක්ස් එක්ක කැරලි වෙන්න වැටුනු බිත්තරෙත් ගාණට කර වෙලා, ඒ අතරට හීනියට ඉරපු ෆ්‍රයිඩ් චිකන් කෑලිත් තොගයක් එකතු වෙලා.. චිලි පේස්ට් ටිකකුත් ගැලපුනාම රම්පෙට පොරි වගේ ආයෙ. තලු මරන්න පුලුවන් යමරෙට.

ආයෙ ඉතින්…

ඇත්තටම ආයෙ ඉතින් කියන්න දේකුත් නැති තරම්, නේ..!


TIP

Try rice & curry

Have you visited this place?

Write your own review!
Leave a comment