Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

4/5

Sunlight Garden

Abdul Caffoor Mawatha, Colombo 3


Sunlight Garden is not one of the most popular Chinese restaurants in Colombo, but we don't really understand why. They've got good food, huge portions and great value for money.



අපේ භාග්‍ය කියන විදියට නම් සන්ලයිට් ගාර්ඩන් කියන්නේ කොළොම්පුරේ හැංගිච්ච මැණිකක්. චයිනීස් අය අතරෙත් මෙතැන සෑහෙන්න ප්‍රසිද්ධයිලු. ගාණත් අඩුවට, ඔරිජිනල් රසට ම චයිනීස් කෑම කන්න පුළුවන් තැනක් නිසා තමයි මේක ගැන මෙච්චර කතාබහක් තියෙන්නේ. ඉතින් මේ කතා සේරම ඇත්ත කියලා මටත් තේරුණේ පහුගිය දවසක ඒ පැත්තට ගිය නිසයි.  

තැන සහ වාතාවරණය

සන්ලයිට් ගාර්ඩන් රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කොල්ලුපිටියේ අබ්දුල් කෆූර් මාවතේ. ගාලු පාර පැත්තෙන් ආවොත් මීටර් පනහක විතර දුර. මේක ඇත්තට ම මේක පරණ අලි පත ගෙයක්. බැලූ බැල්මට පේන්නේ ඒ උජාරුව මිසක්, රෙස්ටෝරන්ට් එකක පෙනුම නෙවෙයි.

රෙස්ටෝරන්ට් එක ඇතුළට ගිය අපි වටපිට බැලුවා. කිව්වත් වගේ ලංකාවේ උදවියටත් වඩා මෙතැන ජනප්‍රිය වෙලා තියෙන්නේ චීන කට්ටිය අතරෙයි. ලොකු පවුල් පිටින් එන්නේ. වැඩට ඉන්න සමහර අයත් චීන අය. මෙයාලගේ කචබචේ ඇරෙන්න ඉතින් මෙතැන වෙන සද්ද බද්ද නැහැ. තැනත් සෑහෙන්න පිරිසිදුවට, පිළිවෙළට තිබුණා.

කෑම බීම

ඔය ගොඩක් චයිනීස් රෙස්ටෝරන්ට්වල වගේ තමයි, සන්ලයිට් ගාර්ඩන් එකේ තියෙන්නෙත් තඩි මෙනුවක්. චීන, මැලේසියන් හැඩේට හදපු කෑමවලින් මේක පිරිලා. ඔය අතරින් අපි තෝරගත්තේ පෝක් ඩම්ප්ලින් (රු.300), Yangzhou ෆ්‍රයිඩ් රයිස් (රු.480), හොට් බටර් කට්ල්ෆිෂ් (රු.580) සහ ඉන්දුනීසියන් ස්ටයිල් චිකන් (රු.620) එකක්.

පෝක් ඩම්ප්ලින් එක ගොඩක් රසයි. මොකද හොඳ පෝක් මිශ්‍රණයක් මේකේ ඇතුළේ පුරවලා තිබුණනේ. සෝයි සෝස් එක්ක දැවටිලා එද්දී තවත් රසට දැනුණා. කොහොමත් ඩම්ප්ලින් මේ වගේ උණුවෙන් තියෙද්දී තමයි හුඟක් ම රස. අනික රුපියල් 300ට ඩම්ප්ලින් 6ක්! නරක නෑනේ වැඩේ. ඒත් ඩම්ප්ලින්වල සයිස් එක නම් ටිකක් පොඩියි. 

මෙච්චර කාලෙකට චයිනීස් කඩේකින් කෑව හොඳම ෆ්‍රයිඩ් රයිස් එක අපට කන්න ලැබුණේ සන්ලයිට් ගාර්ඩන් එකෙන්. සුවඳේ බෑ මේසෙට එද්දී. බඩගින්නක් නැති කෙනෙක්ට වුණත් මේකෙන් කටක් හරි කන්න හිතෙනවා ෂුවර්. තම්බපු කූනිස්සෝ, කැරට් විතරක් නෙවෙයි, ස්වීට් කෝන් පවා මදි නොකියන්න මේ බතට දාලා තිබුණා. අපි ගත්තේ ස්මෝල් සයිස් පෝෂන් එකක් වුණත්, තුන්දෙනෙක්ට වුණත් මේක ශේප් එකේ කන්න පුළුවන් තරමට ඇති.

මේ කට්ටිය දුන්නු හොට් බටර් කට්ල්ෆිෂ් එක ගැන නම් අපේ ඒ හැටි සන්තෝසයක් නැහැ. ලොකු තෙල් ගතියක් නැතත්, යන්තමට දැනෙන කර රසක් මේකෙන් ආවා. ලුණුත් පොඩ්ඩක් විතර වැඩියි.

අපේ කෑම වේලේ තරුව වුණේ ඉන්දුනීසියන් ස්ටයිල් චිකන් හොද්දයි. මේක ගොඩක් උකු හොද්දක්. කටු නැති චිකන් කෑලි හත අටක් ම ඒකෙ හොද්දේ ගිලිලා තිබුණා. හොඳ පදමට කුළුබඩු දාලා හදලා තිබුණු මේ චිකන් එකේ ළා ඇඹුල් රස තමයි අපට හොඳට ම අල්ලලා ගියේ.

හොඳ ම වැඩේ කියන්නේ සේවක මිත්‍රයා මේක මේසෙට ගෙනැල්ලා තිබ්බේ, පොඩි බර්නර් එකක් පත්තු කරලා මේ ඇලුමිනියම් තාච්චිය යටින් තියන ගමන්. ඉතින් උණුවට නටන හොද්දත් එක්ක තමයි අපට බත් එක කන්න ලැබුණේ.

අතුරුපස මෙනුවත් අපි පොඩ්ඩක් එහෙන් මෙහෙන් පෙරළලා බැලුවා. හිතට අල්ලන දෙයක් තිබුණේ නැහැ. ඒකෙ තිබුණේ අයිස්ක්‍රීම්, ලයිචීස්, ෆ්රුට් සැලඩ් වගේ ජාති. ඕවා ඉතින් කොහෙන් කෑවත් එකයිනේ.

සර්විස් එක

අපි මෙතනට යද්දී මුළු රෙස්ටෝරන්ට් එක ම චීන අයගෙන් පිරිලා. අපි විතරයි ලෝකල් කට්ටියට හිටියේ. හැබැයි විනාඩි 15 - 20ක් වගේ ඇතුළත කෑම ටික මේසෙට ගෙන්න සන්ලයිට් ගාර්ඩන් එකේ සේවක මිත්‍රයෝ සමත් වුණා. කෑම ගැන ඕනේ විස්තරයක් මෙයාලගෙන් අහලා දැනගන්නත් පුළුවන්.

අවසාන වශයෙන්

කතාව අහවර වෙන්න කලින් මේ සීන් එකත් කියන්න ම ඕනේ. කෑම සේරම හොඳ වුණත්, අපි ඕඩර් කරපු කොකාකෝලා මීඩියම් බෝතලේට රුපියල් 150ක් ගත්ත එක නම් පට්ට චාටර්. මොකෝ සාමාන්‍ය ගාණ වගේ තුන්ගුණයක් ගෙව්වත් කොකාකෝලා එකේ රස වැඩි වෙන්නේ නැහැනේ. හැබැයි ඒ මොනවා වුණත් අපේ භාග්‍ය කියපු කතාව නම් සහතික ඇත්ත.


TIP

They don't have a liquor license- but you can bring alcohol from outside as long as you produce a receipt...

Address

Abdul Caffoor Mawatha, Colombo 3

Directions

Turn right off the Galle Road after St Anthony's Mawatha - Before Renuka Hotel

Contacts

Report Inaccuracy

Open 10 AM to 3 PM, 6 PM to 11 PM

Cuisine

Chinese

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

User Reviews
Avatar for ShaliHalpe
1

5/5

0

ShaliHalpe

One of the best places I've visited and it's worth visiting this place, proportion of food is large and that's one of the best things! And also you can byoy! Corkage fee is free if your bill is more than 10k! A best place to dine with your besties! Very much impressed by the place!😍❤️

Avatar for ShaliHalpe
1

5/5

0

ShaliHalpe

One of the best places I've visited and it's worth visiting this place, proportion of food is large and that's one of the best things! And also you can byoy! Corkage fee is free if your bill is more than 10k! A best place to dine with your besties! Very much impressed by the place!😍❤️

See 10 Comments