Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

3/5

Sunway Delight (Liberty Plaza Food Court)

No.B/4/1B, Liberty Plaza Food Court, R.A. De Mel Mawatha, Colombo 03


A food joint at Liberty Plaza Food Court, with decent prices and portions. They serve rice and curry items in clay pots, which is cool.



ලිබර්ටි ප්ලාසා කියන්නේ ලංකාවේ තියෙන පරණ ම ෂොපින් කම්ප්ලේක්ස් එකක්නේ. මේකට ෆුඩ් කෝර්ට් එකක් ආව ම අපේ සමහර අය ඉහේ මලක් පිපුණු සයිස් එකට සතුටු වුණා. හැබැයි දැන් නම් හිතෙනවා තිබුණු විදියට තියෙන්න ඇරියා නම් ඉවරයි කියලා. මේකේ නඩත්තුව ඒ තරම් සවුත්තුයි.

ඔය ගොඩක් ෆුඩ් කෝර්ට්වල හැමදාම තියෙන්නේ එක ම මූණු. ඒ නිසා නිතර දෙවේලේ මේකෙන් කන මනුස්සයට අර හැමදාම දකින කුකුළාගේ කරමලේ සුදුයි වගේ තමයි. හැබැයි දැන් මාස කීපයකට කලින් ලිබර්ටි ප්ලාසා ෆුඩ් කෝර්ට් එකට අලුත් මූණක් එක්කාසු වුණා. ඒ සන්වේ ඩිලයිට්. මේ කියන්න යන්නේ පහුගිය සති අන්තේ ඒ පැත්තේ ගිය අපේ අත්දැකීම ගැන.

තැන

කිව්වත් වගේ මේක තියෙන්නේ ලිබර්ටි ප්ලාසා ෆුඩ් කෝර්ට් එකේ. හරියට ම කියනවනම් මැබ්‍රොක් එකයි, බාන්ස්බරි එක්ස්ප්‍රස් එකයි මැද්දේ තියෙන පුංචි මුල්ලේ.

කෑම බීම

“ඔතෙන්ටික් මැලේසියන්” කියලා බෝඩ් ලෑල්ලේ ගහලා තිබුණට, කෑමවල නම් එහෙම ගතියක් පේන්න නැහැ. ෆ්‍රයිඩ් රයිස්, මීගුරාන්, සලාද, වගේ ම, බර්ගර්, හොට් ඩෝග් ජාති කීපයක් ම මෙයාලගේ මෙනුවේ තිබුණා. පොඩි කඩයක් වුණාට මොකද මේකේ බත් ජාති ම තිබුණා දහදොළහක්. හොඳම වැඩේ කියන්නේ ඒ ජාති සේරම පිළිගැන්වෙන්නේ මැටි හට්ටිවල. ඒක දැනගත්ත ම නම් බත් බඩගින්නක් නොතිබුණත් බත් එකක් කන්න හිතෙන ගානයි.

ස්ටාටර් එක විදියට ග්‍රිල්ඩ් චිකන් සලාදයක් (රු.450) ගත්ත අපි, සීෆුඩ් රයිස් (රු.480) එකකුයි, සන්වේ ඩබල් ඩිලයිට් (රු.590) බර්ගර් එකකුයි ගත්තා. බීම විදියට නම් විශේෂයක් මෙතන නැහැ.කෝක්, ස්ප්‍රයිට් තමයි.

ඇත්තම කිව්වොත් මේ ග්‍රිල්ඩ් චිකන් සලාදය අපි කාලෙකට පස්සේ කෑව හොඳ සලාදයක්. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ෆුඩ් කෝර්ට් එකකින් මේ වගේ රස සලාදයක රස බලන්න ලැබෙන චාන්ස් එක ගොඩක් අඩුයි. බ්ලැක් ඔලිව්, ග්‍රීන් ඔලිව් යහමින් දාපු මේකේ චිකන් කෑලිත් සෑහෙන්න තිබුණා. හැබැයි ඒවායින් ආවේ ග්‍රිල්ඩ් රසක් නෙවෙයි, පොඩි කරි රසක්. හැබැයි සලාදේ රසට ඒකෙන් කිසි අවුලක් වුණේ නැහැ. මොකද අලුත් එළවළුනේ මේකෙට දාලා තිබුණේ. කෑලි කපපු කැරට්, දම් පාට ගෝවා, ගෝවා මල්, බෙල් පෙපර්, සලාද කොළ, වගේ ම, පිපිඤ්ඤාත් මේකේ තිබුණා. ළාවට එන විනාකිරි රස මේකට එක්කාසු වෙද්දී හොඳ රසට දැනුණා. මෙනුවේ තිබුණේ මේ සලාදෙත් එක්ක එන්නේ ගාලික් පාන් ටෝස්ට් කියලයි. ඒ වුණාට මේකේ තිබුණේ නිකන් ම පාන් පෙති දෙකක් ටෝස්ට් කරලා. අපි ඒක කෑවේ සලාදේ පැත්තකින් තිබුණු මයෝනිස්වල ගාගෙන.

ඔන්න ඊළඟට මේසෙට ආවේ අපි පුලපුලා බලාගෙන ඉඳපු මැටි හට්ටියේ දාපු සීෆුඩ් රයිස් එක. මේ බත් එක නම් මල් හතයි ඈ! මැටි හට්ටියේ ආව නිසාම දෝ කොහේදෝ තෙල් ගතිය ගොඩක් අඩුයි. රසත් වැඩියි. තඩි ඉස්සෝ හත් අටදෙනෙක් ම මේ බත් එකේ ගිලිලා හිටියා. ඒ විතරක් නෙවෙයි හොඳ හැටි දැල්ලෝ, මාළු එහෙමත් දාලා. මේකේ තිබුණු සෝයි සෝස් එක අපට නියමෙට අල්ලලා ගියා. මොකද ඒක සාමාන්‍ය සෝයි සෝස් එකකට අමුමිරිස් කෑලි කපලා දාලා හදපු චිලි සෝයි සෝස් එකක්. බතේ ස්පයිසි ගතිය එන්න මේක මරු. බුල්සයි එකකුයි, චිලි පේස්ට් ටිකකුයිත් මේ බත් එකත් එක්ක ලැබුණා.

අපි ගත්ත ඩබල් ඩිලයිට් බර්ගර් එක නම් ඇත්තට ම ඒ ගාණට සෑහෙන්න වටිනවා. තඩි චිකන් පැටී දෙකක් මැදට චීස් තට්ටු දෙකක් දාලා හදපු මේ බර්ගර් එක, තනි කටකට කන්න අමාරු වෙන සයිස් එකට ලොකුයි. මේ පැටී එක හරි ම රසයි. ස්පයිස් එක්ක මස් බැලන්ස් වෙච්ච රසක් මේකේ තිබුණා. පරහකට තිබුණේ මේ බර්ගර් බන් එක තමයි. මොකද ඒක එච්චර කොලිටි නැහැ. ලේසියෙන් කෑලිවලට  කැඩෙනවා. මෘදු ගතියත් අඩුයි. හැබැයි මහත්තයෝ කොලිටි බන් එකක් දැම්මා නම්, මේ බර්ගර් එකෙන් එන ගතිය කියලා නිම කරන්න බැහැ!

සර්විස් එක

මේක ඉතින් ෆුඩ් කෝර්ට් එකක රෙස්ටෝරන්ට් එකක්නේ. ඒ නිසා තියෙන්නේ සෙල්ෆ් සර්විස්. අපේ ඕඩරේ සේරම කෑම ටික එන්න විනාඩි 15ක් වගේ තමයි ගතවුණේ. කඩේ කට්ටිය කඩියෝ වගේ වැඩ.

අවසාන වශයෙන්

සේරමත් හොඳයි. ලිබර්ටි ෆුඩ් කෝර්ට් එකේ ඉඳගෙන කන එක තමයි අපට එපා වුණේ. සමහර වෙලාවට කන එක පැත්තක තියලා මැස්සෝ පස්සේ එළවන්න වුණා. ඒකත් පැත්තකින් තියමුකෝ! කෑම ටික මේසෙට ඇවිල්ලා පැය කාලක් විතර ඉන්න වුණා හැඳි, ගෑරුප්පු ටික ලැබෙන්න. මොකද මෙහෙ අනිත් ෆුඩ් කෝර්ට්වල වගේ රෙස්ටෝරන්ට් එකෙන් ම ඒවා ලැබෙන්නේ නැහැනේ. ඒවා වෙන ම ගන්න ඕනේ.

කොහොම වුණත් ලිබර්ටි ෆුඩ් කෝර්ට් එකට ඇවිදින් අඩු ගාණකට බඩ පිරෙන්න කෑමක් කන්න ඕනේ නම්, සන්වේ ඩිලයිට් එක ඒකට හොඳ තැනක්. මැටි හට්ටියේ දාගෙන බතක් කන්න පුළුවන් එක ම අලුත් අත්දැකීමක්නේ.

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

No.B/4/1B, Liberty Plaza Food Court, R.A. De Mel Mawatha, Colombo 03

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Western

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Salad Biriyani Fried Rice Burgers

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

User Reviews
L
1

1/5

0

Lakitha Premachandra

It was like so old bun, and few parts of chicken were included. Waste 400

S
1

1/5

0

subashi

cheapest quality submarine.Ordered three submarines for my kids and ended up having extremely dry unimaginable, poor quality submarines. when complained I was offered the two portions of the same submarine. LOL…
PS- they took 45 minutes to ready these submarines.

L
1

1/5

0

Lakitha Premachandra

It was like so old bun, and few parts of chicken were included. Waste 400

S
1

1/5

0

subashi

cheapest quality submarine.Ordered three submarines for my kids and ended up having extremely dry unimaginable, poor quality submarines. when complained I was offered the two portions of the same submarine. LOL…
PS- they took 45 minutes to ready these submarines.

See 3 Comments