Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

2/5

Sweetberry

4 De Fonseka Road, Colombo 4


Sweetberry is a small juice bar which specializes in berries (strawberries, raspberries, blackberries, blueberries, etc).



ස්වීට්බෙරි හොඳ පලතුරු බීම සහ ස්මූදී හදනවා. එයාල ළඟ සාමාන්‍ය පලතුරු (අඹ, පැෂන්, අන්නාසි) තියෙනවා. ඒත් මෙතන බෙරි වර්ගවලට ගොඩක් අවධානය යොමුකරනවා. (බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, රස්ප්බෙරි)

බීම

පැණිරස/කේක් සාප්පුවක් එහා පැත්තේ තිබුණත් අපි එතනට ගියේ නෑ. ස්වීට්බෙරි බීම වර්ග හදනවා. යුෂවර්ග, ස්මූදී, ෆ්ලෝට්ස්, ශේක්ස්, චොක්ලට් වගේ දේවල්. අපි රස්ප්බෙරි ස්මූදී එකක් (රුපියල් 280යි), බ්ලූබෙරි ෆ්ලෝට් එකක් (රුපියල් 280යි) සහ ස්ට්‍රෝබෙරි රෙඩ්බුල් එකක් (රුපියල් 380යි) රස බැලුවා.

ස්මූදී කියන්නේ වැඩියෙන්ම පාරම්පරික දේ. ඒක නියමයි. බෙරි වර්ග (ස්ට්‍රෝබෙරි හැර) ලංකාවේ දුර්ලභයි. බෙරි වර්ග හොයන්න නම් ඔබට බ්‍රානා  නැත්නම් බිමා’ස් එකට යන්න වෙනවා. බෙරි වර්ග මෙතන තියෙන එක ලොකු දෙයක්. මුලින් කිව්වා වගේ එයාලා ළඟ පාරම්පරික බීම වර්ගත් තියෙනවා. ඒත් අපිනම් කියන්නේ බෙරි වර්ගත් රස විඳලා බලන්න කියලයි. ඒවා ඇඹුල් රසැතියි. රසයි.

බ්ලූබෙරි ෆ්ලෝට් සිත්ගන්නාසුළුයි. ඉනොෂ් කියපු විදිහට ටිකක් විහිළු සහගත රසක් තමයි එන්නේ. ඒකට හේතුව තමයි ඒක සෝඩා, පලතුරු හා අයිස්ක්‍රීම් වල මිශ්‍රණයක් වීම. කර්බනේටඩ් සෝඩා ටිකක් අමුතුයි තමා. ෆ්ලෝට්ස් කියන්නේ හොඳ අදහසක්. අපි ඒක ආයිත් බීලා බලන්නම්. සමහරවිට වෙනස් බෙරි එක්ක.

අවසාන වශයෙන්, ස්ට්‍රෝබෙරි රෙඩ්බුල් එක හරිම ප්‍රයෝජනවත්. මට දවස පුරාම කැෆේන්කරනය අවශ්‍යයි. රෙඩ්බුල් දැනෙන්නේ ටිකක් බෙහෙත් රස වගේ. ඒත් ඒවා ස්ට්‍රෝබෙරිත් එක්ක මිශ්‍ර වුණාම නියමයි. හොඳ අදහසක්.

ස්වීට්බෙරි තියෙන්නේ ඩි ෆොන්සේකා පාරේ කිව්බාර් එක ළඟ. ඒක පුංචි කවුන්ටරයක් විතරයි. අල්ලපු වැටේ තියෙන්නේ ස්වීට්-බඩ්ස්. ඒක පැණිරස දේවල් විකුණන තැනක්.

ස්වීට්බෙරි කියන්නේ ඒ කවුන්ටරයට. අමුත්තන්ගේ පොතකුයි හතර දෙනෙකුට සෑහෙන කොන්ක්‍රීට් ආසනයි තියෙන තැනක්.  ඒක දවසේ වැඩි හරියක් හිරු එළියට නිරාවරණය වෙලයි තියෙන්නේ. ඒ නිසා බීම බොන්න හොඳම තැනක් නෙවෙයි. අනිත් එක එයාල බීම ගෙදර අරන් යන්න දාලා දෙන කෝප්ප නම් ලෙහෙසියෙන් බිඳෙනසුලුයි. මම හිතන්නේ හෙවනේ හිටගෙන බීම බොන එක තමයි හොඳ.

ඒක පේන විදිහට අයිතිකරු විසින්ම කරගෙන යන පුංචි තැනක් නිසා සේවාව ගොඩක් හොඳයි.

නිගමනය

ස්වීට්බෙරි කියන්නේ බෙරි වර්ග වලටම විශේෂ වූ පලතුරු බීමහලක්. (ස්ට්‍රෝබෙරි, රස්ප්බෙරි, බ්ලැක්බෙරි, බ්ලූබෙරි වගේ දේවල්.) යුෂවර්ග මිල අඩු නෑ. එකක් රුපියල් 300ක් විතර වෙනවා. බෙරි වර්ගත් ගණන් අඩු නෑනේ. මෙහෙ බීම හොඳයි. නැවතිලා බලන්න වටිනවා.

TIP

The regular smoothies are good.

Address

4 De Fonseka Road, Colombo 4

Directions

From Havelock Road, turn down Dickman's Road and take the second right down De Fonseka. It's about 100m down, past Qbaa. From Duplication Road, you can go up Visaka and right on De Fon or up De Fonseka Place (past House of Fashion) and then onto De Fonseka Rd.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Dish Types

Beverages Smoothies

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
4
Ambience Rating
2

Similar Places

User Reviews
A
1

3/5

0

Annika

Not being very adventurous, we had a Blueberry smoothie and a hazelnut chocolate shake I think, while being nice, they were both very watery and the blueberry flavour was completely over powered by the yoghurt. Not bad though :)

A
1

3/5

0

Annika

Not being very adventurous, we had a Blueberry smoothie and a hazelnut chocolate shake I think, while being nice, they were both very watery and the blueberry flavour was completely over powered by the yoghurt. Not bad though :)

See 6 Comments