Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Swyree

50 Kandy Road, Linganagar, Trincomalee


Swyree is a little spot near Orr's Hill which serves a great Kottu and fried frice. East coast kottu is different and this place is worth a try.



ස්වෛරී එයාලා ගැනම කියාගන්නේ චයිනීස් හෝටලයක් සහ අවන්හලක් බව. ඒත් ඒක ඇත්තටම කොත්තු හදන තැනක්. ත්‍රිකුණාමලේ, විශේෂයෙන්ම උප්පවේලි සහ නිලාවේලි වේගයෙන් උසස්වෙමින් පවතිනවා. ඉතින් එහෙ දේශීය කෑමත් විදේශකරනය නොවී ඉහළ මට්ටමකට එන එක දකින්නට ලැබීම හොඳයි.

කෑම

නැගෙනහිර වෙරළේ කොත්තු කොළඹ කොත්තුවලට වඩා හොඳයි. මෙහෙ කොත්තු සැහැල්ලු සහ නූල් ගතිය වැඩියි. ඒවා බර අඩුයි වගේම පිරුණු ගතිය වැඩියි. මෙයාලා චීස් දාන්නෙම නැති තරම්. ඒත් ඒවා මේ විදිහට හොඳයි වගේ. චිකන් කොත්තු එකක් රුපියල් 220යි. ඒක දෙන්නෙකුට විතර ඇති වෙන්න තරම් ලොකුයි. ඒවාට හොදිත් දෙනවා. ඒත් අපි නම් කියන්නේ ඉස්සෙල්ලා කොත්තු විතරක් කාලා පස්සේ හොදි ටිකක් ඉහගන්න කියලයි. මේ කොත්තුවල අමුතුම ෆ්ලේවර් එකක් තියෙනවා. හොදි දාල ඒක නැති කරගන්න හොඳ නෑ.

එයාලා හොඳ ෆ්‍රයිඩ් රයිස් එකකුත් හදනවා. අපි එයාලගේ චීන කැමනම් කෑවේ නැහැ. ඒත් අපිට විශ්වාසයි ඒවා හොඳ ඇති කියලා.

සේවය

මෙතන කරගෙන යන පවුල හරිම හොඳයි. එයාලා සංචාරකයෝ හමුවෙන්න හරිම කැමතියි වගේම මොකක් හරි විශේෂ ඉල්ලීමක් කළොත් ඒක ඉටු කරලා දෙනවා. ඒක මමම-පප්පා හෝටලයක් නිසා ඔබට ගෙදර හදපු කෑම කන්න පුළුවන්.

අවන්හලේ එළියේ තියෙනවා ගිම්හාන කුටියක් වගේ කෑම කන ප්‍රදේශයක්. ඒක තියෙන්නේ පොළොවෙන් මඳක් ඉස්සුන ලී වේදිකාවක් මත. ඕනේ තරම් වාහන නැවැත්වීමේ පහසුකම් තියෙනවා. මේක තියෙන්නේ ඔර්’ස් හිල් සහ අභ්‍යන්තර වරාය ආසන්නයේ.

නිගමනය

ස්වෛරී, ඔර්’ස් හිල් ළඟ පිහිටි කදිම කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් පිළිගන්වන පුංචි අවන්හලක්. නැගෙනහිර වෙරළේ කොත්තු වෙනස්. මෙහෙන් කාල බලන්න වටිනවා.

TIP

Try the kottu. What else.

Address

50 Kandy Road, Linganagar, Trincomalee

Directions

From Orr's Hill, take the Kandy Road away from town, it's before the petrol shed and across from the vegetables stand.

Contacts

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments