Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Taco Bell (Marine Drive)

32, 8th Lane, Colombo 03

Get it delivered on Pickme Food

Taco Bell was an instant hit when they first opened up in Colombo 07, and now they’ve made their way towards a new branch down Marine Drive.



ටාකෝ බෙල් කියන්නේ ඉන්ස්ටන්ට් හිට් එකක්. කොටින්ම කිව්වොත් කොළඹ හතේ මේ රෙස්ටෝරන්ට් එක පටන්ගන්නවා කියලා දැනගත්ත අපේ කට්ටිය, රෙස්ටෝරන්ට් එකේ දොරවල් ඇරෙන්න පැය 3කට විතර කලින් ඉඳලා පෝලිමේ හිටියා. දැන් ඔන්න ඒගොල්ලෝ මැරීන් ඩ්‍රයිව් එකෙත් අලුතෙන් බ්‍රාන්ච් එකක් දාලා.

හැබැයි ඉතින් ලොකු හයිප් එකක් එක්ක, මෙක්සිකන් කෑම කියලා අපේ කට්ටිය උඩ පැන්නට, මේ කට්ටිය ළඟ තියෙන්නේ ටෙක්ස්-මෙක්ස්. ඊටත් වඩා මේවා ෆාස්ට් ෆුඩ්. ඒ නිසා ඉතින් ‘හෙල්දි’ විදියට කන්න ඕනේ කියලා හිතුණොත් මේ පැත්තවත් නොබලා හයියෙන් දුවන එක තමයි කරන්න තියෙන්නේ.

තැන

මැරීන් ඩ්‍රයිව් එකේ කොල්ලුපිටිය පැත්තට බර වෙලා තමයි මේක තියෙන්නේ. අර කොළඹ 7 බ්‍රාන්ච් එකට වඩා මේකේ ඉඩකඩ වැඩියි. ඉන්ටීරියර් එකත් එකම විදියයි. අර ග්‍රැෆිටි ආර්ට් එක්ක ගඩොල් බිත්ති තියෙන්නේ. ඉන්න සෙනඟේ කියලත් කිසි අඩුවක් නැහැ. අනිත් තැන වගේ ම තමයි.

කෑම බීම

අපි ගත්ත මෙයාලගේ මෙනුවේ අලුත් ම මීල් එක - The Steak Out (රු. 1070). මේක ටෝර්ටිලා ව්රැප් එකකට මැදි කරපු බීෆ්, ලේටියුස්, සහ හැලපීනියෝ එහෙම දාපු එකක්. අපරාදේ කියන්න බෑ බීෆ් ටික නම් හොඳයි. නියම කරි රසට හදපු, සොෆ්ට් බීෆ් කෑලි තොගයක් මේකට ඔබ්බලා තිබුණා. සෝස් රසක් වැඩිය නැති නිසා බීෆ්වල රස ඒ විදියට ම ආවා.

මේකත් එක්ක ආව නාචෝස් ටික කියන්න තරම් අවුලක් නැහැ. පොඩි ස්පයිසි ටච් එකක් තිබුණා. ඒ වගේ ම ක්‍රිස්පි.

Chalupa Meal with Mexican Chicken (රු. 730) එක හිතපු තරම් හොඳ නැහැ. මොකද මේකේ වැඩිපුර ම තිබුණේ ලේටියුස්, තක්කාලි සහ චීස්. චිකන් තිබුණේ යන්තමට වගේ. ලාවට වුණත් තිබුණු චිකන් ටික රසයි ඉතින්. හොඳ කරි ගතියට හදලා තිබුණා. හැබැයි චලුපා එක තනිකරම පිටි ගොඩක්.

අපි ඕඩර් කරපු Cheesey Nachos (රු. 360) එක අර නෝමල් නාචෝස්වලට උඩින් චීස් සෝස් වත්කරපු එකක්. ඒ හැරුණාම තක්කාලි, ලූණු කෑලි දාලා තිබුණා. වැඩේ කියන්නේ මේකේ තියෙන නාචෝස් ටික කන්න, උඩින් දාලා තියෙන චීස් සෝස් ප්‍රමාණය හොඳටම මදි. අපි ඉතුරුවෙච්ච නාචෝස් ටික කෑවේ හොට් සෝස් සහ සල්සා එක්ක.

බීමට අපි ගත්තේ ස්ට්‍රෝබෙරි මොහීටෝ (රු. 280) එකක්. මේක හරි ම රිෆ්‍රෙෂින්. ස්ට්‍රෝබෙරි සිරප් එකේ වැඩි පැණි රසක් නැති නිසා, මින්ට් රසයි ලයිම් රසයි නියම ගානට බැලන්ස් වෙලා එනවා.

සර්විස් එක

ටාකෝ බෙල් එකේ සර්විස් එකේ නම් කිසිම අවුලක් නැහැ. රෙස්ටෝරන්ට් එක පිරෙන්න සෙනඟ හිටියත් කෑම බීම ටික මේසෙට එන්නේ පටපට ගාලා. අනික ස්ටාෆ් එකේ අයත් හරි ම ෆ්‍රෙන්ඩ්ලි.

අවසාන වශයෙන්

ඔය මැරීන් ඩ්‍රයිව් එක හරියෙන් යන වෙලාවක ගියොත් ඇරෙන්න, තකහනියක් දුර ගෙවාගෙන නම් මේ පැත්තේ යන්න එපා කියලයි අපි කියන්නේ. මොකද මේ කට්ටියගේ කෑම බීම සෑහෙන්න ඇවරේජ්. හොඳ විදියට මෙක්සිකන් කෑම කන්න ඕනේ නම්, ඔය Let’s Taco, Tacocat පැත්තේ යන්නකෝ.


Similar Places

User Reviews
Avatar for Rinaz Mohamed
2

4/5

0

Rinaz Mohamed

Opportunity to explore Mexican food.

Avatar for Rinaz Mohamed
2

4/5

0

Rinaz Mohamed

Opportunity to explore Mexican food.

See 1 Comment