Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Taco Bell

36 Horton Place, Colombo 7

Get it delivered on Pickme Food

Tex-Mex here is too fast food-like for our liking



ටාකෝස් එන්නෙ මෙක්සිකෝවෙන් වුණාට ටාකෝ බෙල් කියන්නෙ එක ඇමරිකන් චේන් එකක්. ලෝකේ රටවල් ගානට තියෙන ටාකෝ බෙල් එකේ ලංකාවේ පළවෙනි ශාඛාව ඇරලා දැන් සතියක් විතර වෙනවා. පළවෙනි දවසේ තිබ්බ පෝලිමේ හැටියට ඒ ගොල්ලො කෝකටත් කියල ප්‍රථමාධාර කිට් එකකුත් ලෑස්තිකරල තිබුණ කියල තමයි ආරංචිය.

සතියක් තිස්සෙ පෝලිම් අඩුවෙනකල් බලං ඉඳලා අපි බැරිම තැන සෙනග අඩු ඇති කියල හිතෙන වෙලාවක් බලලා ගියා හෝටන් ප්ලේස් එක පැත්තෙ.

තැන

මම හිතන්නෙ පරණ වෙයාහවුස් එකක් වගේ බිල්ඩිමක තමයි මේක තියෙන්නෙ. එළියේ බිත්තිවල කපරාදුව බාගෙට පළුදු කරලා, ග්‍රැෆිටි එහෙම ඇඳලා ලස්සනට හදලා තියෙනවා. ඇතුළෙත් ග්‍රැෆිටි තියෙනවා. හැබැයි සෑහෙන්න පාතින් තියෙන සිවිලිමයි කණ පැලෙන්න දාලා තියෙන මියුසිකුයි නිසා පොඩි ක්ලස්ටර්ෆෝබික් ගතියක් දැනෙනවා. අපි වාඩිවුණ මේසට උඩින් නම් පහළට අදින්න පුළුව් ප්ලග් පොයින්ට් ටිකකුත් හයිකරලා තිබුණා, ෆෝන් එහෙම චාජ් කරන්න.

කෑම

මෙතන මුලින් ම අපිට ඕන ටාකෝ ද බරිඩෝ ද චලුපා ද තියල තෝරගන්න ඕන. ඊළගට ඒකට දාන සෝස් එකයි, ෆිලිං එකයි එහෙම තෝරගන්න ඕන.

අපි ගත්ත ක්‍රන්චි ටාකෝ එකට (රු. 300) දැම්මේ චිපොට්ලෙ සෝසුයි ක්‍රිස්පි ෆිෂුයි. මාළු කෑලි ඇතුල සොෆ්ට් වෙන්න වටේ ක්‍රන්චි වෙන්න ගානට බැදලා තිබුණා; ඒකට උඩින් චීසුයි ගෝව කොළයි. අපරාදෙ කියන්න බෑ ටාකෝ බෙල්එකේ කට්ටිය (දැනට නම්) චීස්වලට නම් ලෝබ නෑ. මේ ටාකෝ එක අපි හැමෝටම වගේ අල්ලලා ගියා.

චීස්වලට විතරක් නෙවෙයි, මෙයාලා සෝස්වලටත් ලෝබ නෑ කියල අපට තේරුණේ අපේ ක්ලැසික් බරිඩෝ එක කද්දියි. නාන්න සෝස්! මම සාමාන්‍යයෙන් කොහොමත් සෝස්වලට ආසයි. ඒත් වැඩේ කියන්නෙ මේකේ සෝස් රස ඇරෙන්න අනිත් රස මුකුත් ම දැනෙන්නෙ නැති එකයි. අපේ රජීව් කිව්ව විදියට නම් මේ බරිඩෝ එක ඇමරිකාවේ ටාකෝ බෙල් එකේ බරිඩො එකටත් වඩා ලොකුයි. ඇතුළෙ බත්, එළවළු එහෙමත් හොඳට දාලා. ඒත් සෝස් වැඩි නිසා අනිත් කිසි දේක රස දැනෙන්නෙ නෑ.  අපරාදේ.

ඇසෝටඩ් චිකන් ප්ලැටර් එක (රු.950) නම් දෙතුන්දෙනෙක්ට සෙට්වෙලා කන්න පුළුවන්. ක්‍රිස්පි චිකන් කෑලි පහක් හයක් එක්ක චිකන් කෙසදියා එකකුයි චීස් දාපු නාචෝසුයි. චිකන් එක ගානට ෆ්‍රයි වෙලා තිබුණා. කෙසදියා එකටත් චිපොට්ලෙ සෝස් ම තමයි දාලා තිබුණේ; චීස් තොගේකුත් එක්ක!

හැබැයි මෙයාලගේ නාචෝස්වලට වඩා නම් අර කඩේ පැකට්වල තියෙන නාචෝස් එක සෑහෙන්න හොඳයි. ටාකෝ බෙල්එකේ නාචෝස් නිකං ෆ්‍රයිඩ් කාඩ්බෝඩ් වගේ; මෙලෝ රහක් නෑ.

චොකොදියා (රු.200) කියන්නෙ චූටි හැලපයක් විතර සයිස් කෙසදියා එකක්; ඇතුළෙ නටෙලා වගේ චොකලට් එකක්. මේක රසයි. හැබැයි මේ සයිස් එකේ හැටියට රු. 200ට නම් පාඩුයි.

ටාකෝ බෙල් ගිය ගොඩක් කට්ටිය කතාවෙන කැලිෆෝනියා ටැන් එකකුත් අපි අරන් බැලුවා; මොකක්ද මේ “ඇල්කොහෙල් නැති බියර්” එක කියලා. ඇල්කොහොල් නැතුව බියර් බොන එකේ තේරුම මෙකක්ද කියල මට එච්චර තේරුමක් නැතත් මේක නම් එහෙම ලොකුවට බියර් රහකුත් නෑ. බැහැයි බියර් සුවඳ නම් තියෙනවා. මේක නිකං හරියට බියර් චුට්ටක් ඇපල් ජූස්වලට කලවම් කරලා ඒකට වතුර බාල්දියක් විතර දැම්ම වගේ. කාලා ඉවර වෙලා වතුර වෙනුවට බොන්න වගේ නම් හොඳයි ඉතිං, කොකොකෝලා තරම් සීනි එහෙමත් නැති නිසා.

මම නිකමට වගේ “කැලිෆෝනියා ටෑන්” කියල ගූගල් කරලා බැලුවා. වැඩේ කියන්නෙ ලෝකේ වෙන කොහෙවත් මෙහෙම බීමක් ගැන කිසිම සඳහනක් හොයාගන්න බැරිවුණා. මේක ලංකාවේ ටාකෝ බෙල් කට්ටියගේ “අලුත් සොයාගැනීමක්වත්ද?”

සර්විස් එක

හිටපු සෙනගෙ හැටියට සර්විස් එක නම් සෑහෙන්න ඉක්මන්. කවුන්ටරෙන් ඕඩරේ දාලා විනාඩි 5ක් විතර ඇතුළත අපේ මේසෙටම කෑම ගෙනත්දෙනවා. අපේ බීම ටික එයාලට මුලින් අමතක වෙලා තිබුණත් අපි මතක් කරපු ගමන් ඒකත් ගෙනත් දුන්නා.

අවසාන වශයෙන්

ෆාස්ට් ෆුඩ් කියන්නෙ ඉතිං ෆාස්ට් ෆුඩ්නේ. ඒ නිසා ඔරිජිනල් මෙක්සිකන් ටාකෝ රස මෙතනින් බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. ඇත්තට ම මෙතන ගොඩක් කෑමවල තියෙන්නෙ අර මැක්ඩොනල්ඩ් එකේ එහෙම තියෙන ඇමරිකන් චීස් රස. අනිත් එක ලංකාවේ අනිත් ෆාස්ට් ෆුඩ් චේන් වගේ ම මෙතනත් පෝක් නෑ. ඉතිං ඇමරිකාවෙ හරි වෙන කොහෙ හරි ටාකෝ කාලා පුරුදු අයට නම් පුල්ඩ් පෝක් ටාකෝ එහෙම සෑහෙන්න මිස් වෙයි. හැබැයි (දැනට නම්) හොඳට චීස් එහෙම ලෝබ නැතුව දාල දෙන නිසා මෙතන ගණන් නම් ලාබයි. (හැබැයි ඇමරිකාවට වඩා ගණං. ඇමරිකන් ටකෝබෙල් එකේ ඩොලර් 1.19ට, ඒ කියන්නෙ රු. 182ට තියෙන ටකෝ එක මෙතන 300යි!)

තාම අලුත් නිසාද කොහෙද සෙනග නම් සෑහෙන්න. ඒ නිසා ටිකක් පෝලිමේ ඉන්න බලාගෙන යන්න; නැත්නම් අපි වගේ සෙනග අඩු වෙලාවක් බලලා යන්න.


TIP

The platters are a good option if you're going with a large group of people.

Address

36 Horton Place, Colombo 7

Directions

It's on Horton Place, right before The Coffee Bean & Tea Leaf.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy
Similar Places

User Reviews
S
1

4/5

0

sidney

go for non alcoholic beer

B
2

1/5

0

bam_boo_sten

Taco Bell typically represents the lower end of the spectrum of Mexican (can you even call it that??) food. The colombo version is several rungs below that. No beef, Kentucky fried chicken?? Fake cheese sauce (seriously?!). I never knew it was possibly to destroy something as simple as quesadillas, but they did. The food was so fabricated and of such poor quality that I wondered if my family and I would glow radioactive on the way out.

Y
1

2/5

0

ykoza

Summary - Food 4/10 , Service 7/10

I ordered nachos (6/10) , Crispy Fish Burrito (5/10) , Loaded Nachos (5/10) , Chocodilla (3/10, Just nutella wrapped) , Strawberry Mojito (1/10)

Portions are small, I think hype will go away after few months as most will not come for second time.

R
1

3/5

0

Rumeshi Perera

Hmm not as I expected. Okay food and lovely ppl.

K
1

4/5

0

kamapissa

I've been going to Taco Bell religiously for the last three weeks (to the point where Eunice the Lovely kios lady waves at me) and I must say their food is great! Staff are friendly and proactive. Unfortunately I have felt that the levels of food consistency and portion sizes have gone down. Apart from that everything's good.

See 19 Comments